පෑන් ඒෂියා බැංකුව පසුගියදා Infosys Finacle විසින් පවත්වන ලද 2020 පාරිභෝගික නවෝත්පාදන සම්මාන උළෙලේදී සිය Rising ස්ථාවර තැන්පතු ගිණුම වෙනුවෙන් ‘නවෝත්පාදන’ කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. මෙම ඇගයුම නවෝත්පාදන සඳහා මෙන්ම පාරිභෝගික බැඳීම සහ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා වන බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු කරයි.
Finacle යනු Infosys හි සම්පූර්ණ හිමිකම් සහිත අනුබද්ධ ආයතනයක් වන EdgeVerve Systems හි ලොව ප්‍රමුඛතම ඩිජිටල් බැංකු විසඳුම් පද්ධතියකි. Finacle බාධාවලින් තොර ඉහළ මට්ටමේ පාරිභෝගික අත්දැකීම් ලබා දෙනු පිණිස සකසා ඇති Finacle සේවාවන් තුළින් සාම්ප්‍රදායික සහ දියුණු වෙමින් පවතින මූල්‍ය ආයතන සැබෑ ඩිජිටල් පරිවර්තනයක් කරා රැගෙන යාමට ඉමහත් රුකුලක් ලබාදෙයි. රටවල් 100කට අධික සංඛ්‍යාවක බැංකු ඔවුන්ගේ බිලියනයකට අධික පාරිභෝගිකයන් සහ බිලියන 1.3ක ගිණුම් සඳහා සේවාවන් සැපයීමට Finacle කෙරෙහි විශ්වාසය තබා ඇත.
මෙම ඇගයීිමට ලක්වීම පිළිබඳව අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ ජෙරල්ඞ් වනිගරත්න මහතා මෙසේ පැවසීය. “පෑන් ඒෂියා බැංකුව තම පාරිභෝගිකයන්ට ලෝක තලයේ විසඳුම් සැපයීම සඳහා විශිෂ්ට ව්‍යාපාරයන් සමග එක්වන ආකාරය පිළිබිඹු කෙරෙන Infosys Finacle විසින් පිදෙන මෙම සම්මානය සඳහා අප තෝරා ගැනීම ඇත්තෙන්ම අපට මහත් අභිමානයක්. සැබෑම ශ්‍රී ලාංකික බැංකුවක් ලෙස දේශීය බැංකු ක්ෂේත්‍රයේ සුබවාදී පරිවර්තනය ඉදිරියට ගෙන යාමට හැකිවීම පිළිබඳවද අපි ආඩම්බර වෙනවා”











