• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හතේ හත වදින සෙනසුරා! Sri Lanka Latest News

December 13, 2025
in Astrology
Reading Time: 4 mins read
A A
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Share on WhatsAppShare on Facebook

ශනි ග්‍රහයා හත්වැනි රාශියේ එනම් කේන්දරයක 1-2-3 ආදී වශයෙන් ගණනය කිරීමේදී හත්වැනි කොටුවේ සිටීම විවාහ ජීවිතයට අශුභ බව ඇතැමෙක් පිළිගනිති. නමුත් එය කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන්න ජ්‍යෙතිෂය අනුව සියුම් පරීක්ෂණවලින් තේරුම්ගත යුතු ය. මෙම අදහස පොදු ජනයාගේ මනසට වදදෙන ප්‍රශ්නයක් වී ඇතුවාට සැකයක් නැත. නමුත් විවාහ ජීවිතයේදී පැමිණෙනු සියලු දුක් කරදර බාධා ජයගෙන ජීවත් වීමේ වාසනාවක් ශනි හතේ සිටින කේන්දරවලට බලපා ඇතැයි කිවහොත් නිවැරදි යැයි මට හැඟෙයි. බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව සෙනසුරු හතේ සිටීම අශුභ වුවත් සෙනසුරුගේ දික්බල ස්තානය හත්වැන්නයි.Sri Lanka Latest News

ගුරු කිවි නොහොත් සිකුරු යන ග්‍රහයන් හතේ සිටීමෙන් උසස් විවාහයක් සිදුවෙයි. දෙදෙනාගේ ගැළපීම අතින්ද සමානය. ඇඳුමෙන් පැළඳුමෙන්, ගමන බිමනද ඉතාම සාර්ථකය. නමුත් මෙය විවාහ වී අවුරුදු නමයක් පමණ යනතුරුය. එකී ග්‍රහචාර අනුව ඊටත් වඩා අඩු වැඩිවීමට පිළිවන. මුල සැප සම්පත් ඉතිරෙන ඔවුන්ට අගදී බොහෝ කරදර බාධක කම්කටොලු සිදුවී ජීවිතය පවා පරදුවට තැබීමට සිදුවෙයි.

ශනි ග්‍රහයා හත්වැනි රාශියේ ශුභ අශුභ දෙකම කරයි. ශනි හතේ සිටීමෙන් වෙන්නේ විවාහ වී අවුරුදු දෙකක් පමණ යනතුරු දරු සම්පත අහිමිවීමයි. එසේ නොමැතිනම් මුලදී විවාහයට කැමැති වූ සියලු නෑ හිතමිතුරන් ඊට විරුද්ධ වීම, එසේ නොමැති නම් මිල මුදල් හිඟවීම, ලෙඩ රෝග සෑදීම, දෙදෙනා අතර සිත් තැවුල් ඇති වීම, ස්ථිර පදිංචියක් හෝ නිවහනක් නොමැති වීම වැනි දේවල් සිදුවෙයි. නමුත් සදාකාලිකව එය රඳාපවතින්නේ නැත. විවාහ වී වැඩිම වුණොත් අවුරුදු දෙකක් එසේ සිටීමට සිදුවෙයි. ගෙවන දශාව අනුව තරමක් අඩු වැඩි විය හැක. සෙනසුරු උච්ච රාශිගතව සිටියොත් සෙනසුරු මහදසා කාලයක් හෝ අතුරු දසා කාලයක් යමේදී සියලු ශුභ පල ලබාදෙනු ඇත.

නමුත් ඉහත කී කරදර දුක් කම්කටොළු බාධක එන හැම අවස්ථාවකම ඉවසීමෙන් දෙදෙනාට දෙදෙනාම දිනෙන් දින ළංවීම ශනි හතේ සිටීමෙන් සිදුවේ.
ගුරු මෙන් දිගටම ඉවසා සිටීම ශනි හත එකතු වුවහොත් ඒ අයගේ උතුම් මිනිස් ගතිගුණයකි. එමෙන්ම විවාහ ජීවිතයේ මුලට වඩා මැද සහ අග කොටස ඉතාම වාසනාවන්ත වෙයි. ශනි හතේ දිග්බලය මොනම කරදරයක් බාධකයක් පැමිණියත් ශනි හතේ සිටින අය පැනයන්නේ නැත. ගුරු හතේ සිටින අය කරදර එන විටම ඒවාට මුහුණ නොදී පැන යයි. තවද සමහර විට විවාහ ජීවිතය පවා දෙකඩ කරගනී. ගුරු හතේ සිටියදී වෙන විවාහයකදී පළමුව පිරිමි ළමයකු ඉපදුණහොත් ඇත්ත වශයෙන්ම දෙමවුපියන්ට යනඑනමං නැතිවෙයි. ඒ නිසා ගුරු හතට අශුභ යැයි කියයි.

ගුරු හතට අශුභ වීම නීචවීම හෝ සතුරුව අශුභ ග්‍රහයින්ගේ දෘශ්ටි ඇතිවුවහොත් හේතුවෙන් ඇතැම් විට දෙදෙනාට ජීවත් වීමට පවා මාර්ග අවහිර වෙයි. සමහර විට කරන කියන රැකියාව පවා නැතිවෙයි. නීතිමය ගැටලු ඉඩකඩම් හබ වැනි දේවල් නිසා පුදුම අන්දමේ කරදර බාධක ගෙන දේ. මවුපියන්ගෙන් හෝ නැන්දලා මාමලාගෙන්ද ලැබිය යුතු සම්පත්ද නොලැබී යයි. දෙන්නම් කියන කිසිත් නොලැබෙයි. දරුවන් ලැබෙන්නන්ට ගුරු, අධිකව ශුභඵල දෙයි.

නමුත් හත සිටින ශනී මුලදී කරදර කළත්, දෙදෙනාගේම මධ්‍ය හා අවසාන කාලවලදී ඔළුවේ රෝග පිසදමයි. කාගෙත් ආදරයට කරුණාවට ගෞරවයට භාජනය වෙයි. උරුමයත් නොමසුරුව ලැබේ. නෑදෑයන් එකතු වී නැති බැරිකම් දුරුකරයි. සමහර විට අනෙකුත් ග්‍රහයන්ද ශුභ අතර සිටියොත් උසස් ස්ථානාන්තර හෝ එසේත් නොමැති නම් හදිසි ධනයක් ඉඳුරාම ලබාදෙයි.

ශනි ග්‍රහයා හිඟන්නෙක් යයි හිතාගෙන කන්නාඩියකින් බැලුවහොත් හිඟන වෙස් පෙනීමට පිළිවන. නමුදු ශනි යනු අධික බලපරාක්‍රමයක් ඇත්තේ බලවත් නපුරු පුද්ගලයෙකි. හිතවත් වුවත් තමන්ගෙ ධනස්කන්ධයම අනෙකාට ලබාදීමට සමත් පුද්ගලයෙකි එබැවින් එය කණ්ණාඩියේ වරද නොව බලන්නාගේ වරදක්. එමෙන්ම ශනි ග්‍රහයා ගැන ජ්‍යොතිෂයෙනුත් වැරදි පැත්තෙන් බැලුවහොත් දුරදිග නොබලා තීරණය කළොත් පමණයි ශනි හතට අශුභ යැයි මිනිසුන්ට හැගෙනුයේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, රහස් වැඩ, නීතිවේදී කටයුතුවලට ඉතාම දක්ෂ අය ශනි හතේ සිටීමෙන් බිහිකර ඇත. ශනි සිටින අයට තමාගේ වයසට සමාන අයකු හෝ එසේ නොමැති නම් වැඩිමල් අයකු විවාහයට ලැබෙයි. එබඳු අවස්ථාවල කල්පනාකාරීව තීරණය ගතයුතුය. ධර්මතාවය අනුව වයස ගැන හිතාබලා කටයුතු කිරීම ඒ අවස්ථාවේදී ශනිගේ පැහැදීමට හේතු වේ.
ගුරු හතේ සිටීමෙන් විවාහ වන අය බොහෝ දෙනෙක් හදිසි කේන්ති කාරයෝය. එමෙන්ම ජලයෙන්, ගින්නෙන්, වස-විසවලින් ජීවිතය හානි කර ගන්නෝය. වස බිව්වොත් මැරෙන්නේමය. නමුත් ශනි හතේ සිටි අයකු වස බීවත් සමහර විට ප්‍රතිකාර අළලා ජීවත්වීමට පිළිවන. දුක් විඳ විඳ හෝ කරන ප්‍රතිකාර ශරීරයට පත්තියන් වෙයි. නමුත් ගුරු හතේ සිටි විට එබඳු විෂකට ප්‍රතිකාරයක් කරත් අල්ලන්නේ නැත. ශනි හතේ සිටීම විවාහය කඩාකප්පල් වී මහණදම් පිරීමට ඇතිවන අවස්ථාවක් වශයෙන්ද සමහරුන්ගේ වැරදි මතයකි.
තවද හත්වැන්නේ විවිධ ග්‍රහයන්ගේ පිහිටීම් අනුව ලැබෙන ප්‍රතිඵලයන් වෙනස් වේ. එයින් කිහිපයක් අප පහතින් දක්වමු. යමකුගේ ජන්මපත්‍රයක කුජ හයවැන්නෙහිද අටවැන්නෙහි ශනිද හතේ රාහු සමග සිටි කල ඔහු හා විවාහ වන ස්ත්‍රිය ඒකාන්ත වශයෙන්ම මරණයට පත්වෙයි.

සිකුරු, ශනි දෙදෙනාම හත්වැන්නෙහි සිටි කල අශුභ ග්‍රහ දෘෂ්ටි ලැබ සිටියහොත් එම ස්ත්‍රිය දෙවරක් විවාහ වෙයි. නැතහොත් පළමු පුරුෂයා සමග සිටියදී හොර රහසේ වෙනත් පුද්ගලයකු සමග සම්බන්ධයක් පවත්වාගෙන යයි. මෙවැනි අය සම්බන්ධකම් ඇති කරගන්නේ මෙහෙකරුවන් වැනි පහත් අය සමගයි.

ගුරු ශනි දෙදෙනාම හත්වැන්නෙහිද ගුරු විසින් නොදකිනු ලබන සඳු දහවැන්නෙහි වීද කුජ පස්වැන්නහිද සිටින ඇය කිසි කළෙක දරුවන් නොලබන ස්ත්‍රියකි.
කුජ හා සිකුරු හත්වැන්නෙහි සංයෝගව සිටියහොත් ඇය ඔහුගේ හිමියාට තදින් ආලය කරයි. මීටම ශනිගේ දෘෂ්ටියත් වැටුණහොත් ඇයගේ පුරුෂයා මියයයි. එසේම එම ස්ත්‍රිය අනාචාරයේ හැසිරෙයි.

ජන්ම පත්‍රයේ හත්වැන්න අධිපතියා නීචව හෝ සතුරු රාශිගතව සිටියදී දුර්වල කුජ හෝ කිවිගෙන් දෘෂ්ටියක් ලදහොත් කොපමණ ආදරයෙන් තම හිමියා සමග ගත කලත් ඇයගේ රහස් සම්බන්ධකම් ඇත. එම ග්‍රහයන්ගේ දශා, අතුරුදශා, විදශා කාලවලදී රහස් සම්බන්ධතා ඇති කරගනීි.

දුර්වල සඳු සමග කුජ සංයෝග වීමෙන් ඇයගේ කාමාශාවන් බලවත් වෙයි. මෙසේ වූවිට ඇය ඉතාමත් පහසුවෙන් නොමඟට යොමුවේ. අවස්ථාවක් ලද විට වරදෙහි බැඳේ.
සඳු සිකුරු සංයෝගයක් ඇතිවී කුජ සිකුරුගේ රාශියක සිටී නම් ඇය හෝ ඔහු තමාට වඩා වයසින් අඩු අය සමග සබඳකම් පවත්වාගෙන යාම ප්‍රිය වෙයි. එම නිසා විවාහ ජීවිතය අවුල්වේ.

පාපී චන්ද්‍රයා හත්වැන්නෙහි සිටියදී කුජ සිකුරු සංයෝගය අටවැන්නෙහිදී නම් එම ස්ත්‍රිය කිසිවිටෙකත් එක් පුරුෂයකුගෙන් සතුටු නොවන්නීය. ඇය දුටු දුටුවන් සමග සම්බන්ධකම් පවත්වන ගණිකාවක් තත්ත්වයට පත්වෙයි.

වෘශ්චික දෙවැන්න වී එහි සඳු කේතු සිටියදී උපන් ස්ත්‍රියගේ විවාහ ජීවිතයද සාර්ථක නොවේ. මෙවැනි ස්ත්‍රීන් පළමුව විවාහයෙන් නීතියෙන් වෙන්වී වෙනත් විවාහ සිදුවී ඒවාද අසාර්ථක කරගන්නා අයකු වේ.

මෙවැනි ජීවිතයට බලපාන ග්‍රහයෝග රාශියක් ඇත. මෙහි දක්වා ඇත්තේ ඉන් කීපයක් පමණයි. එමෙන්ම මෙම ග්‍රහයන්ගේ පිහිටීම් තම සහකරුගේ ජන්ම පත්‍රයහි ග්‍රහයන්ගේ පිහීටීම් අනුව වෙනස් වේ. තවද සෙනසුරු හත්වැනට අශුභ ග්‍රහයකු නොවේ. ඉතාමත් ශුභ ග්‍රහයකි.

මිහිරාජ් සිසිල
(ගෞරව ශාස්ත්‍රවේදී)

SendShareShare
Previous Post

මහින්ද ආයෙත් කොළඹට එන්න තීරණය කරයි! Sri Lanka Latest News

Next Post

මම හතර පෝයට සිල්ගන්න බෝ පැළයක් නෙවෙයි! මං සමාජගත වෙන්න වැඩිය කැමැති නෑ! දෙන්නට දෙන්නා දන්න නිසා වැඩේ ගොඩක් ලේසි වුණා! අපේ ගෙදරත් ගංවතුරට යටවුණා…! උදාරි වර්ණකුලසූරිය I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.