ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරුන් රැඳීසිටි සියලු නිල නිවාස යළි රජයට පවරා ගැනීමට කටයුතු කිරීමෙන් පසු තංගල්ලේ පිහිටි කාල්ටන් මහගෙදර වාසයට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ පදිංචියට පැමිණීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය සතියේ කොළඹට නුදුරු ස්ථානයක නිවසකට පැමිණ ඇති හිටපු ජනාධිපතිවරයා සුබ නැකතින් එහි කිරි උතුරුවා ඇති බවක්ද දැනගන්නට තිබේ.
තංගල්ලේ මහගෙදර වාසයට යෑමෙන් පසු තාවකාලිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි හිටපු ජනාධිපතිවරයා කොළඹ පදිංචියට පැමිණීමත් සමග යළිත් වරක් දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ සූදානමකින් පසුවන බවද දැනගන්නට ඇත.










