• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’

August 1, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවට එරෙහිව චීනය ඉන්දියාවේ ලැඩැක් ප්‍රාන්ත ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආක්‍රමණශීලී ක්‍රියාවට රාජ්‍යතාන්ත්‍රික මෙන්ම සන්නද්ධ පාර්ශවයද සම්බන්ධය. ජාත්‍යන්තරය චීනයේ මේ සූත්තරකාර තත්ත්වය පසුගිය අප්‍රේල් මාසයේදී (2020.04) අත්දුටුවේ ලැඩැක් ප්‍රදේශයේ සුළුවශයෙන් ඉන්දියාවට එරෙහිව මුලදී ආරම්භ කළ හමුදාමය (සන්නද්ධ) ප්‍රචණ්ඩ ක්‍රියා පසුව මහා පරිමාණයට වර්ධනය කළ කල්හිය. චීනයේ විද්ශීය රාජ්‍යතාන්ත්‍රිකයන් තම රට ගෙනයන කළහකාරී හමුදාමය ක්‍රියා කලාපයට සම්පූර්ණයෙන්ම සහාය වන බවද ලෝකය දැන ගත්තේය. බෙයිජිං (චීනය) සිය අරමුණු ඉටුකර ගැනීිමට තමන් දන්නා සෑම ශිල්පයක්ම යොදන බව පසුගියදා චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයා කළ නිවේදනවලින් කියැවිණි. ඒ සඳහා කරුණු පැහැදිලි කිරීමට දැක්විය හැකි හොඳම නිදර්ශනය පසුගිය ජූනි විසිපස් (25) වැනිදා චීන විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ඉන්දු චීන දේශ සීමා අවුල සම්බන්ධව නිකුත්කළ මාධ්‍ය නිවේදනයයි.
කවර අයුරකින් හෝ ගැල්වාන් නදියේ මෝය තරණය කිරිමට හෝ එසේ තරණය කර මුර සංචාරය කිරීමට හෝ ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් ඉදිකිරීමට හෝ කටයුතු නොකරන බවට ඉන්දියාව චීනය සමග දේශ සීමා ගැටලුව සම්බන්ධව පැවති ඉහළ පෙළේ සාකච්ඡාවේදී පොරොන්දු වුණා. එපමණක් නොව මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡාකර දෙපාර්ශවයේ හමුදා පියවරෙන් පියවර ඉවත් කර ගැනීමටද සාකච්ඡා පැවැත් වෙනවා යැයිද චීන ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ජ්‍යෙෂ්ඨ කර්නල් වූ ක්වේන් ප්‍රකාශ කෙළේය. මේ ප්‍රකාශයම චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් කීවේය.
ෂාඕ ලිජියන් කියවා ඇත්තේ කර්නල් වූ ක්වේන්ගේ කතාවේ චීන පිටපතෙහි සඳහන් කරුණුය. ඒ පසුගිය මැයි මාසයේ මුල් දිනවල දේශසීමාවෙන් ඉවත් වීමට ඉන්දියාව පටන් ගත් බවයි. ගැල්වින් නදී නිම්නයේ වෙසෙන පුද්ගලයන් එයින් ඉවත් කිරීමටත් ඒ ප්‍රදේශයේ ඉදිකර ඇති සියලුම ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් කඩා ඉවත් කරගැනීමටත් ඉන්දියාව චීනයේ ඉල්ලීම් අනුව එකඟ වූ බවද කර්නල්වරයාගේ කතා පිටපතෙහි තිබේ. එමතුද නොව ඉන්දියාව කරන දේවලට දරුණු ප්‍රතිපල ලැබෙන බවටද ෂාඕ ලිජියන් තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇත. එපමණක් නොව චීනය ඉන්දියාවට එමගින් චෝදනාද කර ඇත.
මෙම දේශ සිමා අවුලේ ඇත්ත තත්ත්වය නම් ආක්‍රමණිකයා චීනයයි. චීනය හොර රහසේ දේශ සීමාව ආක්‍රමණය කර තිබේ. අනතුරුව ඉන්දියාවේ කොටසක් අල්වා ගත් චීනය ඉන්දියාවට චෝදනා කරමින් ලෝකයාට මං සුදනා වෙන්නට කරුණු කියයි.
චීනය කරන කියන කටයුතු පිළිබඳව පරීක්‍ෂාවෙන් නිරීක්‍ෂණය කරන මහාචාර්ය බ්‍රහ්ම චැලෙනි දෙදහස් දහ තුනේදී (2013) ලියූ පුවත්පත් ලිපියක සඳහන් කර ඇත්තේ චීනය වෙනත් පාර්ශව සමග එළඹෙන ගිවිසුම් යනු සතුරන් මුළාවේ දැමීමට යොදා ගනු ලබන ආයුධයක් හැටියටය. චීන සන්ට්සුගේ ප්‍රසිද්ධ මහා කියමනක් තිබේ. චීනයේ සියලුම යුද කටයුතු කෙරෙන්නේ රැවටීම මුලාව පාදක කර ගැනීමෙනි. ඒ මුලාව හා යුදමය ඒ ක්‍රියාදාමය චීනය මෙවර ලැඩැක් ප්‍රාන්තයෙන් පටන් ගෙන තිබේ. චීනයේ මේ හැසිරීම් රටාව ඉන්දියාවට අමුත්තක්ද පුදුමයක්ද නොවේ. කොයිකවරදාත් කරන විලාසිතාවය. දක්‍ෂිණ චීන මුහුදේ, වියට්නාමය සහ පිලිපීනයටත් කළේ ඔය දේමය. චීනය කර ගෙන යන මේ සිරිත නම් චීනය කිසියම් ප්‍රදේශයක සිටියා නම් ඊළඟ සුදානම ඒ ප්‍රදේශය තමන් සතු කර ගැනීමය. දක්‍ෂිණ චීන මුහුදේ බලය තමන් සතු නර ගැනීමට චීනය යෙදුවේ මේ උපායමාර්ගයයි. ඉන්දියාවේ හිමාල කොටසටද තැබුවේ මේ අතමය.
පළමුව ඔවුන් කළේ දේශ සිමා මායිම ආසන්නයේ මහා පරිමාණයේ යටිතල පහසුකම් ඉදිකිරීමය. ඉන් පසු ඉදිරියට රැගෙන යෑමය. එසේ කර සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශය සිය පාලනයට නතු කර ගැනීමය. චීනය මේ කූට උපක්‍රමය දෙදහස් දහ හතේදී (2017) ඩොක්ලම් ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙළේය. දැන් ඒ උපාය මාර්ගයම ඉන්දියාවේ ගල්වාන් නිම්නයේ ලැඩැක් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරයි.
තමන්ට කඩා ගැනීමට අවශ්‍ය වෙන ප්‍රාන්තය හෝ ප්‍රදේශය අයත් වන රටේ ප්‍රතිපත්ති සහ චර්යාව වෙනස් කරවීමට අවශ්‍ය අන්දමින් චීනය තර්ජන සහ සිය හමුදා ක්‍රියා යොදවයි. එහෙත් එහි වගකීම අනිත් පාර්ශවයේ කර පිටට පැටවෙන සේ කටයුතු කිරීමටද උපා යොදයි. අරමුණු කරගත් රට මේ නිසා අභියෝග නොකරන තැනට කටයුතු කර ගැනීමට වගබලා ගත් පසු දෙපාර්ශවය අතර සාකච්ඡාවට අත වනයි. ඒ සාකච්ඡාව දිනා ගැනීමට උත්සාහ ගන්නේ බලපුළුවන්කාරකම පෙන්වමින් හයිරංකාරකමෙනි.
මේ උපක්‍රමශීලී ක්‍රියා මාර්ගයම දෙදහස් දහහතේදී (2017) ඩොක්ලාම් ප්‍රදේශයේදීද මෙයට අංශුමාත්‍රයක හෝ වෙනසක් නොමැතිව ක්‍රියාත්මක කෙරිණි. ඩොක්ලාම් හෝ වේවා, ලාඩැක් හෝ වේවා ඔය කොයි කරුණටත් චීනයේ විදේශ අමාත්‍යාංශයෙන් හෝ නැතහොත් චීන ආණ්ඩුවේ සන්නද්ධ මොනයම් ආයතනයකින් ලැබුණේත් ලැබෙන්නේත් සුළුපටු අවවාද නොවේ. චීන්නු සිය ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමට පෙළගැසෙති. ඩොක්ලම් අවුල පැවති සමයේ ගින්දරත් එක්ක සෙල්ලම් එපාම යනුවෙන් චීන ජන මාධය ඉන්දියාවට තර්ජනය කෙළේය. ඩොක්ලම් ප්‍රශ්නයේදී එසේ නම් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හුවා චුනියිං පසුගියදා (2020.06.18) ඉන්දියාවට තර්ජනාත්මකව කීවේ චීනය අඩුවෙන් තක්සේරු කරන්න එපා යන්නයි.
චීන විදේශ අමාත්‍යාංශය ඩොක්ලාම අවුලේදී වාදනය කළ තැටියම ගැල්වන් නදී සීමා අවුලේ දීද වාදනය කරන බවම පෙනේ. කෙටියෙන් පවසන්නේ නම් චීනය ඉන්දියාවට රාජතාන්ත්‍රික, හමුදාමය සහ මාධ්‍ය යන සියලුම අංශවලින් ප්‍රහාර එල්ල කරන බවයි. එපමණක් නොව චීනය දහනම වැනි සියවසේ තිබූ අධිරාජ්‍යවාදි බලය තහවුරුකර ගෙන ඇති බව පැහැදිලිව පෙනෙන බවයි.
වර්තමානයේ චීනය ක්‍රියා කරන්නේ නව අධිරාජ්‍යවාදී බලය අත් කර ගත්තකු පරිදිය. චීනයට අවශ්‍ය වී ඇත්තේ ඒ බලය තදාසන්න ප්‍රදේශයේ පතුරා හැරීමටය. දක්‍ෂිණ චීන මුහුදේ සහ හිමාල ප්‍රදේශයේ ක්‍රියාකාරීව කටයුතු කරන්නේ එබැවිනි.
චීනා මේ යන ගමන නැවැත්වීමට දැන් කාලය පැමිණ තිබේ. එය ඉන්දියාවට කළ හැකිය. චීනා මේ නෙයියාඩගම් නටන කාලයේ හමුදාශක්තිය ජාතික රුචිකත්වය උදෙසා වන පාඩම ඉන්දියාව උගත යුතුව තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මීමුරේට නොදෙවිනි නාරංගමුවේ ලකේගල

Next Post

අහල තිබුණට දන්නෙ නැති 22 දෙර්කාධිපති

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.