• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංගීතයේ අමරදේවගේ සලකුණ වගේම ක්ලැන්ස්ගේ නමත් ලියැවෙන්න ඕනෙ

August 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සංගීතයේ අමරදේවගේ සලකුණ වගේම ක්ලැන්ස්ගේ නමත් ලියැවෙන්න ඕනෙ
Share on WhatsAppShare on Facebook

අගෝස්තු 3 වැනිදා සැලකෙන්නේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී දිනයක් ලෙසයි. ඒ ශ්‍රී ලාංකේය පොප් සංගීතයේ පියා ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජන්ම දිනය යෙදී තිබීමයි. ශ්‍රී ලාංකේය ‘කණ්ඩායම් සංගීතය’ ජනතාව අතරට ගෙනයෑමේ පුරෝගාමියා වශයෙන් හැඳින්විය හැකි ක්ලැරන්ස් විජේවර්ධන තමන්ගේ ජීවිතයට ආලෝකයක් වූ හැටි හා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන්න හොඳම කෙනා හැටියට අපට මතක් වුණේ රජීව් සෙබස්තියන්.
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ?
ගොඩක් අය හිතන් ඉන්නෙ මම ගීත ගායනා කරන කෙනෙක් විතරයි කියල. ඒ වුණාට මම බෑන්ඞ් එකක් කරගෙන යනව ‘රජිව් ඇන්ඞ් ද ක්ලෑන්’ කියල. බෑන්ඞ් එකත් එක්ක හෝටල්වල ප්ලේ කරනව. ඊට අමතරව මම මෑතකදී ගායක ගායිකාවන් 12ක් එකතු කරල ‘බයිල ටයිම් ඉන් කලම්බෝ 1’ කියල ඇල්බම් එකක් කළා. ඉතින් ඔය වගේ වැඩත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ.
අගෝස්තු 03 වැනිදා ඔබට සුවිශේෂී දිනයක් නේද?
ඒ දිනය මට විතරක් නෙමෙයි වැදගත් වෙන්නෙ. මුළු ලංකාවටම ඒක වැදගත් දිනයක්. මං හිතන්නෙ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ ක්ලැරන්ස් විජේවර්ධනගෙ උපන් දිනය. ලංකාවේ සංගීතය ගැන කියැවෙනව නම් ලියවෙනව නම් කොහෝ හරි අමරදේව මාස්ටර්ගෙ නම වගේම ක්ලැරන්ස්ගෙ නමත් ලියවෙන්න, කියවෙන්න ඕනෙ.
ඔබ කාලයක් ක්ලැරන්ස් විජේවර්ධන සමඟ එකට වැඩ කළා?
මම කවදාවත් සින්දු කියන්න ආසාවක් තිබුණ මනුස්සයෙක් නෙවෙයි. මම ක්ලැරන්ස්ගෙ රසිකයෙක්. පුංචි කාලෙ අපි දැකල තිබුණ එයා සින්දු කියනව. මං තියෙන ආසාවට එයාට ලියුම් ලිව්ව. පස්සෙ එයා මට බම්බලපිටියෙ ‘ඔගී’ ශබ්දාගාරයට එන්න කියල පිළිතුරු ලිපියක් එව්ව. එහෙම ගිහිල්ල ඇතිවූ හිතවත්කම මත පස්සෙ මම ගෙදර යන්න එන්න ගත්ත. ඒ දැන හැඳුනුම්කම මත ක්ලැරන්ස් අයිය මට මියුසික් කරල එක සින්දුවක් හදල දුන්න. මට මතකයි ඒ සින්දුව පටිගත කරද්දි ක්ලැරන්ස් අයිය මගේ වොයිස් එකට කිව්ව කතාව. ‘ඇහුණද මේ වොයිස් එක. මේක ඇනස්ලිගෙයි ක්ලැරන්ස්ගෙයි අතර තියෙන හඬක්’ කියල එයා ඒ වෙලාවෙ ස්ටූඩියෝ එකේ හිටිය අනිත් අයට කිව්ව. මම වෙන ජොබ් එකක් කරමින් හිටපු හින්ද ඒ දවස්වල මම මියුසික් පැත්තට ගියේ නෑ.
ඔබ කැලැරන්ස් විජේවර්ධනගෙ ගීත කියන්න පටන් ගත්තෙ කොයි කාලෙද?
එක දවසක් හෝටලයක තිබ්බ ප්‍රසංගයකදි ගායකයෙක් එන්නෙ නැතිව මට සින්දුවක් කියන්න වුණා. මම බෑන්ඞ් එකේ ඩ්‍රම්ස් වාදකය විදිහට ඉන්න ගමන් කැලැරන්ස්ගෙ ‘සඳපානේ ගමන් යන්න’ කියන සින්දුව කිව්ව. පස්සෙ ඕක කොහොම හරි ඇහිල ක්ලැරන්ස් කිව්ව ‘මට පුතෙක් නෑ. කවද හරි මං නැති දවසක මගේ අඩුව පුරවන්න එකෙක් ඉන්නව’ කියල. මම දන්නෑ මොනව හිතිල එදා ක්ලැරන්ස් එහෙම කිව්වද කියල. කොහොම හරි ක්ලැරන්ස් ඉන්න කාලෙ ඉඳන්ම මම ක්ලැරන්ස්ගෙ සින්දු කියල තියෙනව.
ක්ලැරන්ස්ගෙ හඬට සමාන හඬක් ඔබට හිමිවීම ඔබට ලැබුණු වාසනාවක් කියල හිතෙන්නෙ නැද්ද?
මාව ක්ලැරන්ස් එක්ක සංසන්දනය කරන්න යනව නම් ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම විහිළුව. ඒ වගේ නිර්මාණකරුවෙක් බිහිවෙන්නෙ කලාතුරකින්. නමුත් ඒ කටහ`ඬේ හෝ ඒ ශෛලියේ සමානවතාවක් මගේ තිබුණ. මං හිතන්නෙ ඒ හඬට වැඩිය ඔහුගෙ ශෛලියට තමයි මගේ සමාන තාවක් තිබුණෙ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකු ආඩම්බරයක් වගේම ලොකු ආභරණයක්.
පසුකාලීනව ඔහුගෙ ගීත ගායනා කරන්න ගිහින් ඔබ ප්‍රශ්නයකට පවා මැදිවෙනව?
ඔව්. ක්ලැරන්ස්ගෙ ගීතවල අයිතිය මම අරගෙන තියෙන්නෙ කැමැතිද ගීත පටිගත කරන්න කියල එක නිෂ්පාදකයෙක් මට කතා කළා. මට මතක විදිහට ක්ලැරන්ස්ගෙ ගීත විස්සක් විතර ඔහු මට කියන්න කියල දුන්න. මම ඒ ගීත ඔක්කොම එකතු කරල නන්ස්ටොප් එකක් කළා. මං එහෙම කළේ ඔහුගෙ ගීත කියන්න වෙන කෙනෙක් හිටියෙ නැති හින්ද. කොහොම හරි ඕක හින්ද ක්ලැරන්ස්ගෙ බිරිය මටයි, නිෂ්පාදකටයි දෙන්නටම විරුද්ධව නඩු දැම්ම. නිෂ්පාදකය නඩුව දිගටම අරගෙන ගිහිල්ල ඔහු නඩුවෙන් දින්න. මම අතරමගදි නඩුව සමථයකට පත්කරගත්ත.
කාලයකට ඉහතදී ඔබ රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරයකු විදිහට වැඩ කළා?
රියැලිටි වැඩසටහන් එක පැත්තකින් හැංගිච්ච දක්ෂතා තියෙන තරුණයන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. වැඬේ තවත් සාර්ථකයි ඒ අයට හරි පුහුණුවක් දීල ක්ෂේත්‍රයේ වැඩ කරන්න යන්න දෙනව නම්. නමුත් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඕකෙ තියෙන අනිත් පැත්ත තමයි කවුරු එස්.එම්.එස්. ගැහුවත් චැනල් එකේ අයිතිකාරයට ඕන කෙනා තමයි තරුව වෙන්නෙ. ඕක තමයි මේ වැඩසටහන්වල තියෙන ඇත්ත.
මේ දවස්වල අපි දකිනව ගොඩක් කලාකාරයො දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා වැඩ කරනව. ඔබ ඒක දකින්නෙ කොහොමද?
මම නම් කියන්නෙ කවුරු වුණත් හරි තැන හිටගන්නව නම් කමක් නෑ ප්‍රතිලාබ බලාපොරොත්තු නොවී. නමුත් අපිට දකින්න ලැබෙන්නෙ ඔය හැමෝම නිරත වෙන්නෙ බඩගෝස්තරවාදී දේශපාලනයෙ. ඔය දේශපාලකයො පස්සෙ යන හැමෝම යන්නෙ තමන්ගෙ මොකක් හරි පෞද්ගලික වැඩක් කරගන්න. නැතුව කලාවට යමක් කරන්න නෙමෙයි.
ඔබට ඒ විදිහෙ ආරාධනා ඇවිල්ල නැද්ද?
අනන්තවත් ඇවිල්ල තියෙනව. ඒත් මං කාටවත් සපෝට් කරන්න ගිහිල්ල නෑ කවදාවත්. ඒත් මේ මැතිවරණයෙදි මගේම ඕනෑකමට එක අපේක්ෂකයෙක්ට සපෝට් කරන්න ගියා. කෝප් කමිටුව හරහා වැඩක් කරපු ඒ පුද්ගලය වෙනුවෙන් මම මගේ සහයෝගය දුන්න.
ඉදිරි වැඩ ගැන කතා කළොත්?
මම පසුගිය කාලෙ ‘යසට හිටපු අපේ නෝනලා’ කියල කොරින්, මරියසෙල්, ඩෙස්මන් සහ මම එකතු වෙලා වෙනස්ම විදිහෙ සින්දුවක් කළා. ඔය විදිහෙ තවත් වැඩ ටිකක් ඉදිරියෙදි දකින්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි විස්මිත රහස්

Next Post

ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.