• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇස් අග හරින ලස්සන කෙල්ලෝ මැවෙන සඳු – සිකුරු ග්‍රහ බල යෝගය! Sri Lanka Latest News

November 23, 2025
in Astrology
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුරූපී ලලනාවන් මෙලොවට බිහි කිරීමෙහිලා මූලික වන ග්‍රහයෝග අතරින් සඳු – සිකුරු යෝගය මූලික තැනක් ගනියි. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ග්‍රහ මණ්ඩලයේ සුරතලිය ලෙස හඳුන්වනු ලබන සිකුරු සමග ග්‍රහ මණ්ඩලයේ මාතෘකාරක පදවිය උසුලන සිතට අධිපති සඳුද බලවත්ව යෝග වූ වෙලාවක මවුකුසින් මෙලොව එළිය ලබන්නා වූ කත උපතින්ම සුරූපී ලලනාවක් වීමේ වාසනා භාග්‍යය ලබන බව ජ්‍යොතිෂ විද්‍යාවේදී පුරාණ ඍෂිවරුන් පෙන්වාදී ඇත.Sri Lanka Latest News

මෙම ලිපිය මගින් මෙම යෝග බලය ලග්න 12 යෙදී ඇති ආකාරය අනුව සුරූපී ලලනාවන් මෙලොවට බිහිවන අයුරු ජ්‍යොතිෂමය සිද්ධාන්ත අනුව විමසමු.
වෘෂභ ලග්නයේ මෙම ග්‍රහයෝගය ඇතිව ඉපදී ඇත්නම් උපතේ සිකුරු සඳු වර්ගෝත්තම ග්‍රහ බල ලබා ඇත්නම්ද මෙම සඳු සිකුරු ග්‍රහ බලයේ ඉතා වාසනාවන්ත ප්‍රතිඵල උදා කරගත් සුරූපී ළඳක් මෙලොවට බිහිවීමත් ඇය මෙලොව කාන්තාවන් අතරේ සුරූපී ලලනාවක් වීමත් ආදර කරුණාව ලබන කවුරුත් ප්‍රිය කරන වාසනාවද ප්‍රසිද්ධියද ලබන අයෙක් වීමද නියත වශයෙන්ම වේ.

මෙම සඳු – සිකුරු යෝගය මීන, තුලා ලග්නගතව යෙදී ඇද්ද එය සුරූපී ලලනාවක් මෙලොවට බිහි කිරීමට ඉවහල් වන ග්‍රහ බලයකි. මෙයට කේන්දරයේ ත්‍රිකෝණ ස්ථාන බලලැබූ සුබ ග්‍රහයන් වන ගුරු බුධ කුජ රවි යන ග්‍රහයන්ගේ බලවත් පූර්ණ දෘෂ්ටි ලැබීම මෙහි සුබ ප්‍රතිඵල වර්ධනය කිරීමට ඉතාම ඉවහල් වේ. තවද සුරූපී ළඳක් වශයෙන් ඇය මෙලොව ඉපිද රවි බලවත්ව ඇත්නම් රාජ්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය ප්‍රසිද්ධිය කීර්තිය ලබන ඇය ආත්ම ශක්තියෙන් ඉතා බලවත් වූ සුරූපී ලලනාවක් වීමේ ඉඩකඩ වේ. ගුරු බලවත්ව ලග්නගතව ඇති සඳු – සිකුරු මෙම ‍ග්‍රහයෝගයට සුබ පූර්ණ දෘෂ්ටි දෙයිද එයින් ලබන ග්‍රහ කිරණින් හොඳ චරිතවත් උගත් යහපත් පිනට ළැදි සියලු යස ඉසුරින් පිරි ජීවිතයේ සියලු සැප සම්පත් අඩු නැති සුරූපී ළඳක් මෙලොවට බිහි වේ.

බුධ ග්‍රහයා බලවත්ව සිට මේ ග්‍රහ යෝගයට සුබ පූර්ණ දෘෂ්ටි දෙයි නම් කලාව ප්‍රිය කරන සංගීත වාදන ලිපි ලේඛන අංශවලට ගණිත මිනිත අංශවලට දක්ෂ සිනමා ක්ශේෂ්ත්‍රයට ද පිවිසීමේ වාසනාවක් හිමි කර ගත් සුරූපී කතක් මෙලොවට බිහිවෙයි.

සඳු සිකුරු ග්‍රහ යෝගයට බලවත් වූ කුජගේ පූර්ණ දෘෂ්ටි බලය ලැබේ නම් කාන්තාවන් අතරේ ජනප්‍රිය කාන්තාවන්ට නායකත්වය දෙන පිරිමියෙක් සේ වැඩකටයුතු කරන ආත්ම ශක්තියෙන් බලවත් පරිපාලන අංශවලට දක්ෂ විනෝද රසාලිප්ත නවක අදහස් ඇති දුටුවන් පිනවන මනබඳින රූපශ්‍රියක් උපතින්ම හිමිකර ගන්නීය.

රාශි බලයෙන් බලවත් වූ සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටි බලයට සඳු සිකුරු යොමු වීම, කාමාධික හැඟීම් ජන්මියාගේ නැති කරමින් මෙලොව අධ්‍යාත්මික සැප කෙරෙහි සිත යොදවන ආශාවන්ට වැඩි වහල් නැති ජීවිතයේ මුල් කාලයේදී දුක්විඳ වයස 30න් පසු තම ජීවිතයේ දියුණුව උදාකර ගන්නා දුක මැදින් තම දැඩි ආත්ම ශක්තිය තුළින් ජීවිතේ ජයග්‍රහණ ලබන (කේන්දරයේ දෙවැන්න හත්වැන්න අධිපතියන්ද බලවත් නම්) විවාහයෙන් පසුව දියුණුවද උදාකරගෙන යහපත් දූපුතුන් ලබන සමාජයේ ඕනෑම පොදු ප්‍රශ්නයකදී නොසැලී ජීවිතයට මුහුණ දෙන පිනට ළැදි රූමත් කතක් බිහිවේ. මෙහිදී රාහු කේතු බලවත්වී එම ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටියට මේ ග්‍රහ යුවළ ලක්වේ නම් වේගවත් සිතිවිලි ඇති ධනය නිතර ලබන ගුප්ත වූ අදහස් ඇති දුර දක්නා නුවණ ලබන වේගවත් කඩිසර විනෝදයට ප්‍රියතාවය ඇති ආශාවන් කෙරෙහි ඇලීගැලී සිටින ගුප්ත කලාත්මක ශාස්ත්‍රීය අංග කෙරෙහි දක්ෂ සුරූපී ළඳක් බිහිකරවයි.

මෙහිදී අපි මේ ග්‍රහයෝගය භාව 12 යෙදීමෙන් සුරූපිනියක් මෙලොවට උපදින අයුරු බලමු. සඳු සිකුරු ලග්නගත වීම 1, 5, 9 කේන්දරයේ ත්‍රිකෝණ ස්ථාන තුනෙහිම මෙම ග්‍රහ යුවල 1, 4, 7, 10 කේන්දර ස්ථානවල බලවත්ව සිටීම සුරූපිනියන් බිහිකරවන යෝග වේ.

මේ ග්‍රහ යෝගය කේන්දරයක ලග්නගතව යෙදීම ඉතාමත් වැදගත් වේ. තවද 1, 5, 9 ත්‍රිකෝණ ස්ථාන 1, 4, 7, 10 කේන්දර ස්ථානවල යෙදී තිබී නම් සුරූපී ලලනාවක් මෙලොවට නියත වශයෙන්ම නිසැකවම බිහි වේ. මෙහිදී විශේෂයෙන්ම ලග්නාධිපති 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 අධිපති යන ග්‍රහයන්ගේ බල දුබල වුවද සුබ ප්‍රතිඵල උදාකර සුරූපී ළඳක් මෙලොවට බිහිකරවන යෝග වේ.

නවාංශක දෙර්කාංශක ද්වා දශාංශක ත්‍රීශාංශක අධිපති ග්‍රහයින්ගේ බල දුබල තවත් ග්‍රහයන් වර්ග කිරීමේදී අෂ්ටක වර්ග ෂඩ් වර්ග ඝෝෂ්ට වර්ගයේදී මේ ග්‍රහ යුවල බලයෙන් බලවත් වීමද මෙහි සුබ ප්‍රතිඵල උදාකරදීමට ජන්මියාට ඉවහල් වේ. තවද මේ ග්‍රහ යුවලගෙන් සිකුරු ග්‍රහයා උපතේදී රාශි බලයෙන් ත්‍රිකෝණ බලයෙන් ෂඩ් වර්ණයෙන් දෘෂ්ටි බලයෙන් බලවත්ව වක්‍රව හෝ අස්තව උපතේ උදාකොට සේ වර්ගෝත්තම වීමද එය පෙර පින් බලය ලබා මෙලොවට සුරූපිනියක් බිහිවීමේ විශේෂ වාසනා බලයකි. ඒ වාගේම සඳු උපතේ පුර සඳු වෙමින් මෙම ග්‍රහ යුවළ නැකැත් වාරයෙන්ද අංශක ගණනවලින් වර්ග ග්‍රහ බලයෙන්ද බලවත් වීමද ජන්මියාට ප්‍රතිඵල ලබාදීමට සමත් වේ. මෙලොව ජීවත් වන කාලය දක්වා යස ඉසුරු සැප සම්පත් යානවාහන ලබාදෙන වාසනා බලය උදාකරවන විවාහයෙන් පසුව දියුණුව ද ලබන මෙය කදිම ග්‍රහ සටහනකි. ඒ වාගේම ප්‍රසිද්ධිය ජනප්‍රියතාව නායකත්වය මූලිකත්වය පෙර පින් වාසනා බලය නොමඳව ලබන සුරූපිනියක් වීමේ වාසනා බලය මෙම ග්‍රහ යුවල උත්පත්ති කේන්දරයේ පිහිටා ඇති ආකාරය මත ජන්මියාට සුබ ප්‍රතිඵල උදාකර දෙයි.

මිහිරාජ් සිසිල
(ශාස්ත්‍රවේදී ගෞරව)

SendShareShare
Previous Post

ආණ්ඩුවේ රථගාය පල්ලෙහාටත් බෝවෙලාද? නුවරඑළිය මාලිමා නගරාධිපති සුපිරි නිල රථයක් ගන්න කෝටි දෙකහමාරක්-සුපිරි නිලනිවසක් ගන්න ලක්ෂ 110ක් සම්මත කරගෙන! නැගිටපල්ලා.. නැගිටපල්ලා.. උඹලගේ කාලය ඇවිල්ලා…! PHOTOS I Sri Lanka Latest News

Next Post

හිතපු නැති විදියට ඇවිල්ලා හිතපු නැති තරම් ආදරයක් ලැබුණා…! මගේ ගෝල් එක වුණේ නිළියක් වෙන එක නෙවෙයි…! හිරුෂි පෙරේරා! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.