• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය

August 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය
Share on WhatsAppShare on Facebook

පිටකොටුව යනු කොළඹ හදවතය. එය අද අලුත් කතාවක් නොවේ. කොළඹ යැයි කී සැණින් අපට අදත් සිහිවන්නේ පිටකොටුවය. වරක් 1987 අප්‍රේල් මස 21 වැනිදා ඒ කොළඹ හදවත පුපුරන්නට විය. ඒ පිටකොටුවේ බෝම්බයක් පුපුරා යමිනි. එයින් පිටකොටුවට විශාල හානියක් සිදුවිය. සැබෑවටම අද කොළඹ නඟරයේ අතිශයින්ම ජනාකීර්ණ ස්ථානයක් ලෙස මෙම පිටකොටුව හැඳින්විය හැකිය. අතීතයේ අප රටේ මිනිසුන් උද්ඝෝෂණ මෙන්ම සත්‍යග්‍රහ ආදිය පැවැත්වූයේ පිටකොටුවේය. මේ අතර පිටකොටුව කියූ සැණින්ම අපට සිහිවෙන එක් දෙයක් තිබේ. ඒ අතීතය තුළත් වර්තමානය තුළත් බොහෝ දුරට අනාගතය තුළත් මේ පිටකොටුවේ සලකුණ වෙන ඉපැරණි බෝ ගසය. කියවන ඔබ නොදන්නවාට එම බෝ ගසට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.

එදා ඕලන්ද යුගය ආරම්භ වෙන්නට ප්‍රථම කොළඹ නගරය තුළ තිබුණු විශාලතම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. වර්තමානයේ “වුල්ෆැන්ඩර් දේවස්ථානය” ඇත්තේ එතැනය. කෙසේ හෝ එකල එය “කොළඹ මහා විහාරය” නමින් ප්‍රසිද්ධව තිබී ඇත. අතීතයේ සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක් පැනනැඟී තිබේ. පසුව එයින්ද තවත් අංකුර තිස් දෙකක් හටගෙන තිබේ. එදා එයින් එක් බෝධියක් ඉහතින් කී ආදුරුප්පුවීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරය තුළ රෝපණය කර ඇති බව සඳහන්ය. කාලයත් සමඟ ඕලන්ද ජාතිකයෝ ඒ විහාරය විනාශ කර ඔවුන්ගේ දෙව් මැඳුරක් වූ “වුල්ෆැන්ඩර් දේවස්ථානය” එතැන ඉදිකර ඇත. අද පිටකොටුවේ ඇත්තේ ඒ විනාශ කළ විහාරයේ වූ දෙතිස්ඵල බෝධියෙන් ආ පැළයකි.

ඕලන්දයන් මෙරට පාලනය කළ සමයේ එවකට කොළඹ ප්‍රවාහනය සිදුව ඇත්තේ කරත්ත හා රික්ෂෝ මඟිනි. එකල බස් ලොරි තිබී නැත. එකල එම කරත්ත සහ රික්ෂෝකරුවන්ගේ නවාතැන්පොළ වූයේ බේරේ වැව අසල ස්ථානයකි. එදා ඕලන්දයන් ආදුරුප්පුවීදිය මහා විහාරය විනාශ කිරීමත් සමඟම ඔවුන් ගොස් විහාරයේ තිබූ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ එක් පැළයක් ගෙනවිත් බේරේ වැව අයිනේ රෝපණය කර තිබේ. මුල් කාලයේ සිටම ඔවුන් ඊට වැඳුම්පිදුම් පවා කළ බව සඳහන් වෙයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුවේ පිහිටි කොළඹ නගරයේ හදවත බඳු බෝ ගසේ උත්පත්ති කතාව එසේය. අද කිසි සෙවණක් නැති කොන්ක්‍රීට් නගරයක් වූ කොළඹ නගරයේ පිටකොටුවේ බෝ ගසේ වටිනාකමද මිල කළ නොහැකිය. ඒ පිටකොටුවට සෙවණ දෙන එකම ගස එය නිසාය. එනිසා අද එහි වටිනාකම ඉහළය.

ලන්දේසි හෙවත් ඕලන්ද යුගයෙන් පසුව මෙරටට ඉංග්‍රීසි පාලනය ආ අතර එහිදී ඔවුන්ට කොළඹ විශාල කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් බේරේ වැවේ එක් කොටසක් මුහුදු වැලි පුරවා ගොඩ කළ අතර එයින් නොනැවතී කොටුව දුම්රිය ස්ථානයත් මැනිං මාර්කට් එකත් සෑදීම සඳහා බේරේ වැවේ තවත් කොටසක් හා කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා තිබුණු ඇළ මාර්ගයද ගොඩකර තිබේ. එනිසා කරත්තකරුවන්ට සහ රික්ෂෝකරුවන්ට බේරේ වැව ආසන්නයේ සෑදූ බෝ ගස එතැනින් ඉවත්කර ගැනීමට සිදුව තිබේ. ඉන් පසුව එතැනින් ඉවත් කරන බෝ ගස අද පිටකොටුවේ බෝ ගස ඇති ස්ථානයේ රෝපණය කරයි. එතැන් පටන් මෙය නිකන්ම බෝ ගසක් නොව බෝධියක් බවට පත්වෙයි. ඒ මිනිසුන් ඊට වැඳුම්පිදුම් කරන්නට පටන් ගත් නිසාය. එම පුරුද්ද උඩ අදත් අප පිටකොටුවේ ඒ බෝ ගස හඳුන්වන්නේ බෝධිය යනුවෙනි.

එදා කාලයත් සමඟ පිටකොටුවේ මෙම බෝධීන් වහන්සේ තරමක් විශාල වූ අතර කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ පෙරටත් වඩා ඊට මල් පහන් පුදා වැඳුම්පිදුම් කරන්නට විය. එදා මෙය ඉංග්‍රීසි පාලකයින් වෙත තේරුම් ගැනීමට නොහැකි වූ අතර පසුව ඔවුන් සිංහල මිනිසුන් බෝ ගසකට වැඳුම්පිදුම් කිරීමට එන හේතුව සොයන්නට විය. එහිදී ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබෙන්නේ එය බෞද්ධ පුද සිරිතක් බවයි. පසුව එය නැති කිරීමට ඔවුන්ට අවශ්‍ය වී බෝධිය කපා දැමීමට ඔවුන් තීරණය කර ඇත. එකල අපේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාසය කර ඇත්තේ කොළඹ ඩයස් පෙදෙසේ දැනට බෝධිරුක්ඛාරාම විහාරය අද පිහිටි ස්ථානයේය. මෙම සිදුවීම වෙන විට උන්වහන්සේ 26 හැවිරිදි තරුණයෙකි. එම නිසා උන්වහන්සේ කරන්නේ පිටකොටුවේ බෝධිය කැපීමට ඉංග්‍රීසින්ට ඉඩක් ලබා නොදීමයි. එවකට උන්වහන්සේ කියා සිටින්නේ තමන් වහන්සේගේ ජීවිතය ගියත් එසේ බෝධියක් කැපීමට ඉංග්‍රීසින්ට ඉඩ නොදෙන බවයි.

වර්ෂ 1938 දී නැවත වරක් ඉංග්‍රීසි රජය විසින් මෙම පිටකොටුවේ බෝධිය කැපීමට උත්සාහ ගෙන තිබේ. එහිදී ඊට විරුද්ධ වී තිබෙන්නේ ඊට වැඳුම්පිදුම් කරනා මිනිසුන්ය. මෙම බෝධිය කැපීමට බොහෝ විරුද්ධ වී ඇත්තේ එකල සිටි දෙමළ ව්‍යාපාරිකයෙකි. ඔහු කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ සමඟ පැමිණ බෝධිය කැපීමට ඉඩක් ලබා දී නැත. එම දෙමළ ව්‍යාපාරිකයාගේ නම ටී.සින්නදුරේය. එයින්ම අද මිනිසුන්ට නැති එදා ජීවත් වූ මිනිසුන්ගේ තිබූ ගුණ ධර්මයක් ඉස්මතු වෙයි. ජාති භේද ප්‍රශ්න ඔළුවේ තියන් ඉන්නා අපට මෙම කතාව කදිම ආදර්ශයකි. මේ අතර ඔහු බෝධිය ඉදිරිපිට කුඩා ගෘහයක් සාදා අඩි දෙකක් පමණ උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක්ද එහි තැන්පත් කළ බව සඳහන්ය. ඒ අසලින් පිං කැටයක්ද තබා ඇත. එම පිංකැටයට එදා මිනිසුන් මුදල්වලට අමතරව පිටරට මුදල් නෝට්ටු මෙන්ම වටිනා ආභරණද දමා ඇති බව අදටත් ප්‍රසිද්ධ රහසකි.

එදා බෝධීන් වහන්සේ යනු කරත්තකරුවන්ගේ නවාතැන්පොළ වූ නිසා එය වර්ෂාවට මඩ වගුරක් වී තිබේ. පසුව එය අසල ගොනුන් බැඳීම නතර කෙරුණි. ඊට දායක වූයේද මුලින් කී දෙමළ ව්‍යාපාරිකයාය. මුල් කාලයේදී පිටකොටුව බෝධියේ කටයුතු කර ඇත්තේ “වීර සමාජය” නැමැති සංවිධානයක් මඟිනි. පසුව එය “පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය” නමින් නම වෙනස් කරගෙන තිබේ. එවකට එහි ලේකම් විලියම් සිල්වා වූ අතර භාණ්ඩාගාරික වූයේ ටී.සින්නදුරේය. ඒ අර දෙමළ ව්‍යාපාරිකයාය. මේ අතර කාලයත් සමඟ පිටකොටුවේ බෝධිය සංවර්ධන වූ අතර පසුව එහි තිබූ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව වෙනුවට විශාල වෙන බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කෙරුණි. අදත් කොළඹ ගිය විට අපට දකින්නට ලැබෙන පිටකොටුවේ මෙම බෝධියේ කතාව එසේය. එමෙන්ම 1987 අප්‍රේල් මස 21 වැනිදා පිටකොටුවේ පුපුරා ගිය බෝම්බයේ නිහඬ සාක්ෂිකරුවා වන්නේද මෙම බෝධියයි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සරදියල්ගෙ කතාව 01 කොටස

Next Post

කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි විස්මිත රහස්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.