රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමිවන බවට දෙවැනි පරිච්ඡේදයේ සඳහන් බවත් බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ස්ථානය ලබා දීම ගැන සඳහන් බවත් එවන් අවස්ථාවක 1951ක් ආරම්භ වු ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පූජා භූමි ඔප්පුවක් පිරිනමා ඇති බවත් මෙහි බෞද්ධාගමට අදාළ සියලු කාර්ය ඉටු කිරිමට නිදහස ලබා දී ඇති බවත් එය රටේ නීතිය වුවත් අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුළු වී බුදුපිළිමය තියන තැන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු තැන් ගැන නියෝග නිකුත් කර ඇති බවත් මේ වැනි කටයුතු හරහා ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්න සූදානම් අයට එවැනි ජාතිවාදි අදහස්වලට උඩගෙඩි දීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්නම් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හමුවී සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සිදුවිය යුතු බවත් මහරෑ පොලිසිය යවා සංවර්ධන කටයුතු කඩාකප්පල් කරන්න නොහැකි බවත් මේ නියෝග කාගේද කියා ඉදිරිපත් කරන ලෙසත් රජය උත්තරීතර නීතිය නොදන්නේ නම් නැවත වරක් කියවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ ගැන දයාසිරි ජයසේකර මහතා මේ සභාවේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලා සිටින විට කතානායකවරයා වැළැක්වීම වැරදි බවත් ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්න කතානායකවරයා කරන ක්‍රියාවලිය නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජයට හරියට පොහොර සහනාධාරයවත් දෙන්න බැරි වෙලා
අදටත් මහකන්නයේ වැඩ ආරම්භ කර තිබිය දී රජයට පොහොර සහනාධාරය දෙන්න නොහැකි වී ඇති බවත් මෙය නොදන්නේ නම් කෘෂිකර්ම ඇමතිවරයා මේ ගැන තලාවේ, රාජාංගනයට ගොස් සොයා බලන ලෙසත් පසුගිය කාලයේ මේ සහනාධාර දුන්නේ වගා කටයුතු අවසන් වන විට බවත් මෙය ක්‍රමයේ වෙනසද කියා ප්‍රශ්න කරන බවත් ගොවියා රැක ගන්නේ මේ ආකාරයට ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ ආකාරයෙන් ගොවියා රවටන්නේ නැතිව වහාම නියමිත දිනට පොහොර සහනාධාරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
හදීසි මරණපරීක්ෂකවරුන්ට ගෙවන මුදල් වැඩි කරන්න
රට තුළ හදිසි මරණ පරීක්ෂකවරු 500ක් පමණ සිටින බවත් පැය 24 දින 7ම මොවුන් රාජකාරී කරන බවත් මොවුන්ට ලැබෙන්නේ සැතපුමට රු.6ක ගමන් දීමනාවක් බැවින් මරණයකට ලබා දෙන්නේ රු. 1000ක් වුවත් වියදම රු. 1700 ඉක්මවන බවත් වසර 7ක් පමණ මෙය යාවත්කාලීන කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2019 කැබිනට් පත්‍රිකාවක් හරහා රු. 1000 රු. 2500ක් කරන්න අනුමත වුවත් තවමත් ක්‍රියාත්මක නොමැති බවත් ලිපිද්‍රව්‍ය සහන නොමැති බවත් කොළ 39ක් පුරවන්න ඇති බවත් කොවිඩ් සමයේ අවදානම ඇති කටයුතු කළත් ජීවිත 3ක් අහිමි වී ඇති නිසා මොවුනගේ වැඩකිරීම් සිදු කරන ලෙසත් මේ රාජකාරිය තුළ වෙනත් රැකියාවක් කළ නොහැකි නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් මොවුන්ගේ වෘත්තියට සහ විෂයට ගරු කිරීමක් ලෙස මේ පත්වීම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මොවුන් පගා කාරයන් ලෙස හංවඩු නොගහන ලෙසත් මරණ 80000ක් සිදු වන බවත් ඒ වෙනුවෙන් මි. 80ක් කැපකරන නිසා තවත් රු. මි. 160ක් වැඩි කර මේ මුදල් වැඩි කර දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු විසදන්න
ඊයේ සවස සිට තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල ශක්තියක් වු ගුරු සංවර්ධන නිලධාරීන් 16600ක් කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිටින බවත් මොවුන්ට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මැතිවරණ සමයේ මොවුන්ට පත්වීම් දෙනවා කියා අන්තිමේ කතිරය අරන් මොවුන රැවටූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමථකරණ තීන්දුවක් පවා තිබියදී ඒ යුතුකම ඉටු කරන්න නොහැකි ඇයි ද කියා තවමත් ගැටලුවක් ඇති බවත් මහමැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී පළාත් පාලන මැතිවරණයේ දී මේවා කරනවා කියා කිව්වත් අද ඒ කිසිවක් කර නැති බවත් දිගින් දිගටම මොවුන් රවටා ඇති බවත් අගමැතිවරියට අනුව 52000ක් උපාධි පත්වීම් ලබා දෙන්න හැකියාවක් තිබුණත් එයට නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන් සහ ගුරු සංවර්ධන නිලධාරීන්‌ගේ මේ ගැටලුව විසදිය යුතු බවත් මේ කටයුතු වහාම ක්‍රියාත්මක කර රැකියා ගැටලු විසදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










