• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සේ ධනංජි කොටුවක් පැන්නද? කටකාර, දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්…! ධනංජි තාරුකා ! Sri Lanka Latest News

November 16, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කාලෙකට පස්සේ ධනංජි කොටුවක් පැන්නද? කටකාර, දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්…! ධනංජි තාරුකා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දඟකාර, කටකාර රුවැත්තියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පිනී ධනංජි තාරුකා මේ දිනවල ඉතාමත් කාර්යබහුල කාලයක් ගතකරනවා.
සිය දඟකාර කටකාර රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ මැවෙන චරිතවලට ජීවය දෙන ඇය සිරස නාලිකාවේ විකාශය වන ‘කොටු’ ටෙලිනාට්‍යය ඔස්සේ නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා. ඒ ගැන වගේම ඇගේ අලුත් වගතුග ගැනත් ‘හාට්’ අපි කතා කළා.Sri Lanka Latest News

ධනංජී කොහොමද මේ දවස්වල තොරතුරු?
මේ දවස්වල ඉතාමත් කාර්යබහුල කාලයක් ගත කරන්නේ. විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම රංගන කටයුතු කරනවා. ස්වර්ණවාහිනී ‘මා’ ටෙලිනාට්‍යය, දෙරණ ‘බේකරි ගෙදර’, සිරස ‘කොටු’ ටෙලිනාට්‍යය, හිරු ‘චංචල රේඛා’ ටෙලිනාට්‍යය. මේ ටෙලි නාට්‍ය හතරේම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මීට අමතරව වේදිකා නාට්‍ය දෙකක වැඩ කරනවා. ඒ දේවල් එක්ක තමා මේ දවස් ටික ගෙවෙන්නේ.
සිරස නාලිකාවේ මේ දිනවල විකාශය වන ‘කොටු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
‘කොටු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ අසංක සායක්කාරගේ හරහා. එයාගේ මීට කලින් ‘ඇයි අපි සුදුද’ ටෙලිනාට්‍යය, ‘සික්ස් පැක්’ ටෙලිනාට්‍ය දෙකෙහිම වැඩ කරලා තියෙනවා.
‘කොටු’ කියන නමෙන්ම මෙම ටෙලිනාට්‍යයේ ගැඹුරක් තියෙන බවක් දැනෙනවා..?
එකිනෙකාගේ හිත් තුළ තියෙන අදහස් තමා අපි විවෘතව මේ තුළින් කතා කරන්නේ. සමාජය තුළ, අපේ රටේ වෙන්නත් පුළුවන්, වෙනත් රටක වෙන්නත් පුළුවන්, පොදු ජනතාව තුළ තියෙන සමස්ත දෙයක් තමා මේ කතාව තුළ කියන්නේ. පවුලක, ආදරය සම්බන්ධයක හෝ ඕනම යම් සම්බන්ධතාවක් ඇතුළේ ඊට එහා අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සරලව ගත්තොත් කොටුවක් ඇතුළේ ඉන්න කෙනෙක් තවත් කොටුවකට පැනීම තමා මේ කතාව ඇතුළේ පෙන්නන්නේ. ඒ පනින කොටුව ඇතුළේ එතනින් ඇති වන ප්‍රශ්නත් එක්ක සෑම තැනක් ස්පර්ශ කරමින් ගෙනියන කතා මාලාවක්. මූලික වශයෙන් සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමා කොටු ටෙලිනාට්‍යය තුළින් එළියට අරගෙන තියෙන්නේ.
ධනංජීව දකින්නේ කටකාර දඟකාර චරිතයක් විදියට. සැබෑ ජීවිතයේදී ධනංජි ඔය වගේමද?
සැබෑ ජීවිතයේදීත් කටකාර, දඟකාර චරිතයක් තමයි. ඒත් මම ඉතාම සංවේදී කෙනෙක්. මම ගොඩක් අයත් එක්ක සුහදශීලීව මිත්‍රශීලීව ඉන්න කෙනෙක්. දඟකාර චරිතයකට එහා ගිය දෙයකට තියෙනවා නම් ඒ දේ තමයි. ඇත්තටම කිව්වොත්.

වැඩිපුරම කැමැති ටෙලිනාට්‍යයටද සිනමාවටද කියලා ඇහුවොත්?
මම ගොඩක්ම කැමැතියි ටෙලිනාට්‍ය කලාවට. මගේ රංගන ක්ෂේත්‍රය අවුරුදු 15ක කාලයක් ටෙලිනාට්‍ය තුළ වැඩකරලා තියෙන්නේ. ඊට අමතරව සිනමා නිර්මාණ හතකට වගේ දායක වෙලා තියෙනවා. හැබැයි මම ටෙලි, සිනමා ක්ෂේත්‍ර දෙකට වඩා වැඩිපුරම කැමැති වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටයි. වේදිකා නාට්‍ය තමා මගේ ජීවිතයේ මම ගොඩක්ම ආස කරන තැන. මගේ ජීවිතය අදටත් මම කොතරම් කාර්යබහුල වුවත් වේදිකා නාට්‍යවල නියැළෙන්නට අමතක කරන්නේ නැහැ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
මම රංගනයෙන් දායක වෙලා තියෙන චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. එක චිත්‍රපටයක වැඩ පටන් ගත්තා. සුනිල් ප්‍රේමරත්න මහතාගේ ‘නිච්චි’ චිත්‍රපටය තව ‘ෂටප්’ මූවි එක, ‘භ්‍රමණය’ චිත්‍රපටයත් ඉදිරියට එන්න තියෙනවා. ඊට අමතරව ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා, ඒ ටෙලිනාට්‍ය කිහිපයත් ඉදිරි කාලසීමාව තුළ විකාශය වෙයි.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

මෙගා කරන්නේ නෑ කියලා හිතන් ඉන්න කොට තමයි ආලේ ආවේ…! තාම ගර්ල් කෙනෙක් නෑ… ! හරියන කෙනෙක් ලැබුණොත් බඳිනවා… ! යෂ් වීරසිංහ! Sri Lanka Latest News

Next Post

කට්ට කාලා කොහෙම හරි ඉස්සරහට යන්න ඕනේ…! නිළියක් වෙන්න හිතුවේ නැහැ…! ජීවිතේ දිනන්න ලේසි පාරවලින් බැහැ… ! සචින්තනී කෞෂල්‍යා I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.