වසර 80 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ජාතික බැංකුකරණයේ මුදුන්මල්කඩ ලංකා බැංකුව යැයි හැඳින්වීම කිසිවිටක අතිශයෝක්තියක් නොවනු ඇත. මෙලෙස පැමිණි ගමන් මග තුළ අද වන විට වෙනස් වන ලෝකයට ගැළපෙන පිරිදි පුළුල් පරාසයකට විහිදුණු නව්‍යකරණයෙන් යුත් බැංකු සේවා අත්දැකීම් සිය ගනුදෙනුකරුවන් වෙත සමීප කරමින් ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයා බවට පත් වීමටද ලංකා බැංකුව සමත් වී සිටියි.
එදා මෙදාතුර රට මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවන් හමුවේ රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතය නඟාසිටුවීමට ලංකා බැංකුව ජාතියේ වගකිව යුතු, පරිණත මූල්‍ය ආයතනයක් ලෙස පෙරමුණ ගෙන කටයුතු කර ඇත.
නොබෝදා ශ්‍රී ලංකාවම මුහුණ දුන් කොවිඞ් -19 ව්‍යසන තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතයද මුළුමනින්ම අඩපණ විය. මෙම අපහසු අවස්ථාව තුළ රට සහ ජන ජීවිතය යළි නඟාසිටුවීමේ ජාතික කර්තව්‍යයට ලංකා බැංකුව මෙවරත් ජාතික වගකීම පෙරදැරිව පෙරමුණ ගෙන සිටියි.
කොවිඞ් – 19 ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර ක්ෂේත්‍රයන් යළි නඟාසිටුවීමේ රාජ්‍ය ප්‍රතිපත්ති හා ඒකාබද්ධව ලංකා බැංකුව විසින් හෙට දවසේ නැඟී සිටින්නට වෙර දරන ජනතාවට සවියක් වන්නට “දිවිඋදාන” සංවර්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබයි.











