• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිප වැලඳගැනීම්, නිරුවත් දර්ශන කරන්නේ නෑ… ! ඒ හින්දා ගොඩක් චාන්ස් නැති වුණා…! පොඩි තැනක ඉඳලා ගමනක් ආපු කෙනෙක්…! Sri Lanka Latest News

November 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සිප වැලඳගැනීම්, නිරුවත් දර්ශන කරන්නේ නෑ… ! ඒ හින්දා ගොඩක් චාන්ස් නැති වුණා…! පොඩි තැනක ඉඳලා ගමනක් ආපු කෙනෙක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාවණා ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රාර්ථනා සෙව්වන්දී මේ දිනවල සංවරය, සඳලු සේයා මෙන්ම ඉරුගල් වලව්ව ටෙලිනාට්‍යයේ සුදු මැණිකේගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න නියමිතයි. මේ අලුත් නිර්මාණත් සමග ඇගේ මේ දිනවල වැඩකටයුතු ගැන විමසා බලන්න ‘මව්රට’ ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තා.
ආයුබෝ වේවා ප්‍රාර්ථනා සෙව්වන්දි…
ඔබටත් ආයුබෝවන්.
මේ දිනවල වගතුග මොනවද?
මේ දිනවල ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ මහත්මයා අධ්‍යක්ෂණය කරන සංවරය ටෙලිනාට්‍යය රූගත කරනවා. සංඛ ප්‍රසාද් සහ සංජය තුසිත මොරගල අධ්‍යක්ෂණය කරන සඳලු සේයා ටෙලිනාට්‍යයේත් රූගතකිරීම් වෙනවා. සංජය බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ඉරුගල් වලව්ව ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.
ඔබ මේ තරම් ජනප්‍රිය වෙන්නේ රාවණා ටෙලිනාට්‍යය නේද?
ඔව්. ඇත්තටම රාවණා ටෙලිනාට්‍යයේ ප්‍රධාන සෙන්පතිනියගේ චරිතයෙන් තමයි මම මිනිසුන් අතරට ආවේ.
එදා ඉඳන් අද වෙනකන් ප්‍රාර්ථනාට ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?
ඇත්තටම එදා ඉඳන් අද දක්වාම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ සෑම නිර්මාණයකටම එක සේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබීම මට ලොකු සතුටක්.
මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපානකොට දැනුණු හැඟීම කොයි වගේද?
මගේ පළමු නිර්මාණය සිද්ධාර්ථ ගෞතම රඟපාන්න යනකොට මම වයසෙනුත් පොඩියි. එදා මට බයක් ඇතිවුණා. නමුත් රජ කාලේ වස්ත්‍රාභරණ අන්දනකොට රඟපාන්න ආශාව ගොඩක් වැඩි වුණා. මං මාව ලස්සනට දැක්කා. නමුත් පළවෙනි දර්ශනය ගන්නකොට ඇස්වල කඳුළු පිරිලා චකිතයක් බයක් ඇති වුණා. නමුත් කෲ එකේ සහයෝගය ආදරණීය බව එක්ක ඒ බය නැති වුණා.
රජ කතා ගැමි කතා වගේ චරිතවලින් මිදිලා වෙනස්ම චරිතයක් කරන්න ඔබේ කැමැත්තක් නැද්ද?
ඇත්තටම මම රජ කතා වගේ පෞරාණික තලයේ නිර්මාණ, ගැමි නිර්මාණවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මං හිතන්නේ මගේ පෙනුම සහ උස නිසා ගොඩක් වෙලාවට රජ කාලේ කතාවලට ආරාධනා ලැබෙනවා. නපුරු, මුරණ්ඩු, හිතුවක්කාර චරිතයකින් ප්‍රේක්ෂකයාට ඉදිරියේදී මාව දැකගන්න පුළුවන් වේවි. අනික මම සෑම නිර්මාණයක්ම භාරගන්නේ නෑ. අනවශ්‍ය ලෙස ජනප්‍රිය වීමට කැමැත්තක් නෑ. ඒ නිසා මගේ ප්‍රතිපත්තීන් සීමාවන් තුළ ඉඳලා ලැබෙන නිර්මාණ භාරගන්නවා.
ඔබ නිර්මාණයකදී සලකාබලන සීමාවන් මොනවද?
මම ප්‍රතිපත්තියක් විදියට සිපගැනීමේ, වැලඳ ගැනීමේ හෝ නිරුවත් දර්ශන භාරගන්නේ නෑ. මේ නිසාම මම සීමාවුණු චරිත පමණක් තෝරාගන්නා බවට ක්ෂේත්‍රයේ අය චෝදනාවකුත් කරනවා. මං හිතනවා මේ සීමාවන් තුළ ඉඳලා ලැබෙන ඕනෑම චරිතයකට මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම මගේ ප්‍රතිපත්ති නිසාම බොහෝ නිර්මාණවල ප්‍රධාන චරිත පවා මට අහිමි වෙලා තියෙනවා.
ඔබට සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවද?
සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. එයත් සාකච්ඡා මට්ටමෙන් තමයි තියෙන්නේ. කලින් කිව්වා වගේ සිනමාවෙදි වුණත් මගේ සීමාවන්වල ඉඳලා කරන නිර්මාණ පමණයි මම භාරගන්නේ.
රංගන ක්ෂේත්‍රයේදී ඔබට මුහුණ දෙන්න ලැබුණු ලොකුම අභියෝග මොකක්ද?
මම 2019 ආරම්භ කරපු ගමන ඉතාමත් හෙමීට තමයි මේ දක්වා ආවේ. මගේ ලොකුම අභියෝගය මගේ සීමාවන් ප්‍රතිපත්ති ඇතුළේ චරිත තෝරාගැනීම. ගෙදරින් මට ලොකු සහයෝගයක් තිබෙනවා. මම ඉන්න සීමාවන්වල නිසාම මට තාම අනවශ්‍ය විදියට ගොසිප් හැදිලා නෑ. මම අනිත් අයටත් කියන්නේ සීමාවන් ඇතුළෙ වුණත් ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් ගියාට කමක් නෑ, අපි හරි ගමනක් යනවා නම්.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම පොඩි තැන ඉඳලා ගමනක් ආපු කෙනෙක්. මම වෙනස් නොවී මගේ ප්‍රතිරූපයේ වෙනසක් කර නොගනිමින් අඩුපාඩු හදාගෙන හැමෝටම මතක හිටින රංගන ශිල්පිනියක් වීම තමයි මගේ බලාපොරොත්තුව.

රසාංජලී වාසල

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමේ මුදල් පාලනය වෙන්නේ 2023 සම්මත කළ දූෂණ විරෝධී පනතින්ද? 2024 සම්මත කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින්ද? අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට ප්‍රශ්නයක්! නීතිපති මතය විමසුවත් තවම ප්‍රතිචාර නෑ! අල්ලස් කොමිසමේ අරමුදලට තවම මුදල් දාලත් නෑ! කඹ ඇදිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන ලකුණු! I Sri Lanka Latest News

Next Post

අසරණ වෙලා මැරිලා ගියා කියලා ලේබල් ගහන්න ඕනෙ නෑ! පුළුවන් කාලේ හොඳට හම්බකරගන්න ඕනෙ! ගොඩ දෙනෙක් යමක් කමක් නැතිව අසරණ වෙලා! කලාව සල්ලිවලට යටවෙන එක ගැන හිතට දුකයි…! – සුරාජ් මාපා Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.