• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අංක විද්‍යාවට අනුව කොයි නමටද ජය

July 27, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
අංක විද්‍යාවට අනුව කොයි නමටද ජය
Share on WhatsAppShare on Facebook

2020 මහ මැතිවරණයට තව තිබෙන්නේ දින කිහිපයයි. ඇත්තටම මේ සැරේ මොනව වෙයිද? මේක ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා. මෙයට ප්‍රථම තිබුණු මහ මැතිවරණවලදී පමණක් නොවේ ජනාධිපතිවරණය, පළාත් පාලන මේ ආදී ඕනෑම මැතිවරණයකදී ඡන්දදායකයට ඇහැට පෙනෙන පක්ෂ විපක්ෂ තිබුණා. ඒ නිසා ජනතාව ඡන්දයට කලින් යම් තීන්දුවකට ආවා. එහෙම තීන්දුවකට එන්න තවත් විවිධ කරුණු කාරණාත් උපයෝගි කරගත්තා. ඒ අතරේ මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා පැමිණෙන ජනතාවගෙනුත් යම් ඉඟියක් ලැබුණා. විවිධ තැන්වල ජනතාව රැස්වුණාම කියන කරන දේවල්වලිනුත් යම් ඉඟියක් ලැබුණා. හැබැයි මේ මැතිවරණයේදී ඒ තත්ත්වයත් වෙනස්. ඒකට හේතුව කොරෝනා වසංගතය. එනිසා මැතිවරණ ප්‍රචාරක රැලි සම්බන්ධවත්, ජනතාව එක්රැස් වීම සම්බන්ධවත් ගැටලු තිබෙනවා.
ඊළඟට මේ මැතිවරණය තවත් පැත්තකින් විශේෂ වෙලා. ඒ ලංකා ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ කියලා හඳුන්වපු පක්ෂ දෙකට බෙදිලා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා.
ආණ්ඩුව පිහිටුවන්නේ කවුද කියනවට වඩා ඒ ඒ පක්ෂ භාග කොයි තරම් ඡන්ද ගනීවිද කොයි තරම් මන්ත්‍රි ආසන ගනීවිද කියලත් ජනතාව බලාගෙන ඉන්නවා. හරියට හිතලා බැලුවොත් 2020 මහ මැතිවරණය කියන්නේ ඡන්දදායකයාව කරකවලා අතහැරපු මැතිවරණයක් වගේ. එනිසා අගෝස්තු 05 වැනිදා අවසන් වෙනකම් හැමෝම ඉන්නේ ටිකක් කුතුහලයෙන් කියලත් පේනවා.
මේ හේතු නිසාම මැතිවරණය සම්බන්ධයෙන් යම් නිශ්චිත තොරතුරක් ජ්‍යොතිෂය පැත්තෙන් ලබාගෙන ඔබට ඉදිරිපත් කරන්න අප තීරණය කළා. ඒ සඳහා අපි විශේෂිත පුද්ගලයකුට මේ කාරණාව ඉදිරිපත් කළා. ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නිසැකවම ජය ගන්නා බවට ‘මව්රට’ පුවත්පත හරහා නොවරදින අනාවැකියක් කියූ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි මහතා.
ඉතින් මෙවර මහ මැතිවරණයට විවිධ කණ්ඩායම්වලින් ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක ආදී ඉදිරියෙන්ම කියැවෙන අයගේ නම් අනුව නම්වල ගණ පිහිටීම් අනුවත් අගෝස්තු 05 වැනිදාට ලංකා කේන්දරයේ පිහිටීම අනුවත් වාසනාව සහ ග්‍රහ ශක්තිය අනුවත් බලය ලැබෙන්නෙ කාටද කියලා වීරක්කොඩි මහතා පැහැදිලි විග්‍රහයක් කළේ මේ විදිහට.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනකු තෝරා ගැනීම සඳහා මහ මැතිවරණය 2020 අගෝස්තු මස 5 වැනි දින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ. මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දැනට නාමයෝජනා භාරදී ඇත. මැතිවරණ තරග බිමේ වඩාත් කැපී පෙනෙන පිළිගත් දේශපාලන පක්ෂවල නායකයන්ගේ නම් පදනම් කරගෙන 2020 අගෝස්තු 05 දින ශ්‍රී ලංකා කුම්භ ලග්න කුණ්ඩලියේ ග්‍රහ ගමන් රටාද සැලකිල්ලට ගෙන කෙරෙන ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට උත්සාහයක් දැරුවා.
නමකින් කෙරෙන්නේ කිසියම් පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් අන් අයගෙන් වෙන්කර හඳුනා ගැනීම බව සැබෑය. නමුත් ඉපැරැණි ජ්‍යොතිෂ විද්‍යාවේ එන ශාබ්දික ශාස්ත්‍රයේ සඳහන් වන පරිදි කෙනකුගේ නම උච්චාරණය වන සෑම වාරයක් පාසාම ඔහුගේ පැවැත්මට ප්‍රසිද්ධියට හා දියුණුවට උපකාරි වන විශේෂ ශබ්ද තරංගයක් විශ්වයට එකතු වෙයි. එමෙන්ම නමක් ශබ්දනඟා කියැවීමෙන් පිටවන ශබ්ද තරංගවලට අදාළ පුද්ගලයාගේ හෝ දේශපාලන පක්ෂයේ ශබ්ද තරංග කිසියම් අවස්ථාවක (2020 අගෝස්තු 5) විශ්වයේ පවතින දෛවමය ගුප්ත බලවේග හා ප්‍රතිවිරුද්ධ නම් එම නම ශබ්ද නගා කියැවීම පරාජය අත්විඳීමටද හේතුවනු ඇත.
2020 අගෝස්තු 05 දින ශ්‍රී ලංකා කුම්භ ලග්න කුණ්ඩලියේ ග්‍රහයන්ගේ ගෝචර ගමන් අපි පහත කේන්දර සටහනින් හඳුනා ගනිමු.
මේ දිනවල කාහටත් තිබෙන ප්‍රශ්නය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ කවුද යන්නයි.
ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉතාමත්ම සාර්ථක ක්‍රමය වන්නේ ජ්‍යොතිෂ තත්කාල ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගනිමින් මැතිවරණය ආරම්භ වන වේලාව වන 2020 අගෝස්තු 05 බුධ දින පෙරවරු 7.00ට ග්‍රහ තත්ත්වය අධ්‍යයනය කිරීමයි. අගෝස්තු 05 බුධ දින පෙරවරු 7.00ට උදා ලග්නය වන්නේ සිංහ ලග්නයයි. එහි අධිපති රවිය. සිංහ ලග්නය පදනම් කරගෙන නිර්මාණය කරන තත්කාල කේන්දරයේ රවි 12 වැන්නේ මිශ්‍රව සිටී. 2020 අගෝස්තු 05 බදාදා දිනයේ දින අධිපති බුධ ග්‍රහයාද රවි සමඟ 12 වැන්නේය.
අපි දැන් ශාබ්දික ශාස්ත්‍රයට අනුව මැතිවරණ තරග බිමේ ඉදිරියෙන් සිටින මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ යන නම් ගැන අවධානය යොමුකරමු.
ශ්‍රී ලංකා කුම්භ ලග්න කුම්භ ලග්නය හා සීහෙන අතර ලෙස ප, ඵ, බ, භ, ම යන අක්ෂර ජ්‍යොතිෂයේද හඳුන්වා දී ඇත. ඒ අනුව ඉහත නම් අතුරින් ‘ම’ අක්ෂරයෙන් ආරම්භ වන නම් වශයෙන් අපට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන් සිටින බව පෙනේ. ඊට අමතරව මෛත්‍රිපාලගේ නමත් තියෙනවා.
ඡන්දය පැවැත්වීම ආරම්භ වන අවස්ථාවේ පවතින සිංහ ලග්න හා සීහෙන අක්ෂර වන්නේ ඓ, ඔ, ඖ, ළ යන අක්ෂරයි. අගෝස්තු 05 බුධ දිනය හා සීහෙන අක්ෂර වන්නේ ට, ඨ, ඩ, ඪ, ණ යන අක්ෂරයි.
2020 අගෝස්තු 05 පෙරවරු 7.00ට පවතින්නේ දෙනට නැකැතය. දෙනට නැකැත හා සීහෙන අක්ෂර වන්නේ ග, ගි, ගු, ගෙ යන අක්ෂරවල එකම අක්ෂරයත් සමඟවත් සීහෙන නමක් අපට ඉහත නම් 5 අතරින් හමුනොවේ.
සිංහල භාෂාවේ දැක්වෙන අක්ෂර 52 පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන අක්ෂරවලට බෙදා දැක්වෙන ආකාරය සඳහන් පංචභූත චක්‍රය සම්බන්ධ කරගෙන කරන පරීක්ෂණය අනුවද, පංච පක්ෂි ශාස්ත්‍රයේදී පක්ෂීන්ට හිමි අක්ෂර සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණය අනුවද කරන ලද ගැඹුරු ජ්‍යොතීර් විද්‍යාත්මක විශ්ලේෂණවල ප්‍රතිඵලය වන්නේ 2020 අගෝස්තු 05 දින පවත්වන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන් තිබෙන බවය.
මෙම ජ්‍යොතිෂ විද්‍යාත්මක විශ්ලේෂණය හුදෙක්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ එන ඉතා වටිනා අංශයන් වන ශාබ්දික ශාස්ත්‍රය සහ තත්කාල ශාස්ත්‍රය පදනම් කරගෙන කරන ලද අනාවැකියකි.ජනපතිවරණය ගැන

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගලවත්තේ
චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

වැලිකඩ ආයෙත් කැළඹෙයි: තව හිරකරුවකුට කොරෝනා

Next Post

අයියට හයිය දෙන්න ගෝඨා දෙවන දිනටත් කුරුණෑගලට යයි: අධිවේගය ඉක්මන් කරන්නත් කියයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.