• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියට හයිය දෙන්න ගෝඨා දෙවන දිනටත් කුරුණෑගලට යයි: අධිවේගය ඉක්මන් කරන්නත් කියයි

July 27, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
අයියට හයිය දෙන්න ගෝඨා දෙවන දිනටත් කුරුණෑගලට යයි: අධිවේගය ඉක්මන් කරන්නත් කියයි
Share on WhatsAppShare on Facebook

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයාට නියම කරයි.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.  ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එසේ නියම කළේය.

 “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව අපේක්ෂක කමල් පෙරේරා මහතා සංවිධාන කළ හමුවට ජනාධිපතිතුමා සමග එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක  සහන කාලයක් ප්‍රදානයට එකඟතාව පළ කළේය.

නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

මාවතගම ජාතික පාසලට ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකර දෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග පැවසීය. කහපත්වල ක්ෂේත්‍ර නිලධාරින්ට “සේවා පියස” ‍ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ද තීරණය කෙරිණ.

විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා  පැවසීය. 

එතැන් සිට දොඩංගස්ලන්ද රිදීගම සතිපොළ භූමියට යන මග දෙපස රැස්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය. දොඩංගස්ලන්ද රෝහලේ පවතින අඩු පාඩු නිසා රෝගීන්ට කුරුණෑගලට යාමට සිදුව ඇතැයි රෝහල ඉදිරිපිට රැස්ව සිටි සේවක පිරිසක් ජනාධිපතිතුමා සමග කීහ. ඒ ගැන සොයා බලා විසඳුමක් දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීනට උපදෙස් දුන්නේය.

අපේක්ෂක ආර්.ඩී. විමලදාස මහතා දොඩංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිතුමා සමග අග්‍රාමාත්‍යතුමා ද එක් විය. සුළු අපනයන බෝග මිල පහත වැටීම, මත්ද්‍රව්‍ය උවදුර, ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ අඩු පාඩු ඇතුළු ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සහභාගී වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කලාකරුවෝ පිරිසක් ද ඊට එක්ව සිටියහ.

අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ඇතුළු නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ රෝහලේ අඩුපාඩු ගැන ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය සංවර්ධන පදනම් භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහභාගී වූහ.

අපනයන ඇන හිටීමෙන් කුඩා කර්මාන්තකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කෙරිණ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට තොරතුරු යොමු කරන ලෙස ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කීය.

අපේක්ෂක ටිකිරි බණ්ඩාර අධිකාරී මහතා පොල්ගහවෙල වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා  රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත වූහ.

SendShareShare
Previous Post

අංක විද්‍යාවට අනුව කොයි නමටද ජය

Next Post

නිල ඇදුම පිටින්ම කුඩු ජාවාරමේ ගිය ජේලර් අල්ලයි: කොස්ගොඩ තාරකගේ ටීම් එකේ සගයෙක්ලු

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.