• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොළඳ රැවටීමේ කලාවක් මගේ නෑ

July 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
බොළඳ රැවටීමේ කලාවක් මගේ නෑ
Share on WhatsAppShare on Facebook

ගුණාත්මක භාවයෙන් යුතු පැරැණි නාට්‍යය නැවත දැකබලා ගැනීමේ වාසනාව නැවැතත් ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. එකී විශිෂ්ඨ ගණයේ ටෙලි කතාවන් අතර ‘ස්වයංජාත’ද එක් නිර්මාණයකි. ස්වයංජාතහි ‘කැවුමා’ හෙවත් ‘විභූතිරත්න’ගේ චරිතාපදානය තුළ සිය ශිල්පීය හරඹය රඟදැක්වූයේ ප්‍රවීණ නළු ජගත් චමිලය. විභූතිරත්න ගැන පමණක් නොව නැවැත විකාශනය වන ‘එකගෙයි මිනිස්සු’හි ‘උපගුප්ත’ ගැනද පුංචි සමාලෝචනයක යෙදෙන්නට හදවතට දැනුණු අවැසි බව වචනවලට පෙරලුනේ මේ ආකාරයටය.
කොහොමද ජගත් මේ දවස්වල ජීවිතේ?
බොහෝ කලාකරුවන් දෙන උත්තරය මමත් මෙතැනදී දෙන්නම්. කොරෝනා විරාමයට පසුව අප නැවැත කාර්යබහුල වෙමින් සිටිනවා.
ඒ කියන්නෙ නැවැත අලුත් ටෙලිනා්‍යවල රූගත කිරීම් ආරම්භ වෙලා?
ඔව්. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන තරංග දිසානායක නිෂ්පාදනයෙන් සහාය වන අලුත්ම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පටන් අරගෙනයි තියෙන්නේ.
ඔබ රඟපෑ පැරැණි ටෙලිනාට්‍ය දෙකක්ම නැවැත විකාශනය වෙනවා මේ දවස්වල?
ඔව්. ඒ මම ඉතාම කැමැත්තෙන් කළ අපූර්වතම චරිත යුගලක්. ‘ස්වයංජාත’හි විභූතිරත්නට වගේම ‘එකගෙයි මිනිස්සු’හි ‘උපගුප්ත’ටද මම එකසේ ඇලුම් කරනවා.
කොහොමත් ඔබට ලැබුණු චරිතයන් විවිධාකාරයි?
ඔව්. සිනමාව තුළින් ගතහොත් සැමීගේ කතාවෙහි ‘සැමී’ වාගේම ‘අළුබඳුන’, ‘රෝද හතරේ මනමාලයා’, ‘නෝ පාකින්’, ‘අහස් මාලිගා’ අප ඉහත කතා කළ ‘ස්වයංජාත’ සහ ‘එකගෙයි මිනිස්සු’ද විවිධාකාර චරිතයන්ගෙන් සමන්විතයි.
ඔය බොහෝ චරිත තුළ ජගත් චමිල යන අයගේ ස්වරූපය දුටු වාර ගණන අඩුයි?
ඔව්. මම රඟපෑ බොහෝ චරිතයන් තුළ මගේ ස්වරූපය වෙනස්ව තිබුණා. සැමීගේ කතාවේ ‘සැමී’ ස්වයංජාත ‘විභූතිරත්න’ වාගේම, එකගෙයි මිනිස්සුහි උපගුප්ත සහ රනාද එහෙමයි.
ස්වයංජාත විභූතිරත්නට වාගේම ‘එකගෙයි මිනිස්සු’හි උපගුප්තද දත්ඇන්දක් භාවිතා කළාද?
නැහැ. කවුරුත් හිතුවේ උපගුප්තගේ හඬ උච්චාරණය සඳහා මම දත් සෙට් එකක් දැම්මා කියලයි. නමුත් ඒ හඬ උච්චාරණයෙහි වූයේ මා විසින් ආයාසයෙන් මවාගත් ස්වරූපයක්.
ඔබට එය බොහෝ විට අපහසුවක් වෙන්නට ඇති?
ඇත්තටම ඔව්. දත්ඇන්ද දමපු විභූතිරත්නට වඩා උපගුප්තගේ චරිතය තුළ එම වචන උච්චාරණය මට මදක් අසීරු වුණා.
රූගත කිරීම්වලදී වචන උච්චාරණ ස්වරූපය අමතක වූ තැන් තිබුණෙ නැද්ද?
නැහැ. චරිතයකට මම මැදිවන්නේ ඒ පිළිබඳව හොඳ අධ්‍යාපනයක් කිරීමන් අනතුරුවයි. ඒ නිසා කිසිම තැනක මට උපගුප්තව අමතක වූයේ නැහැ.
ඔබ චරිත බාරගන්නේ තෝරා බේරා ගැනීමේ යම් සීමාවන් මතද?
නැහැ. නාට්‍ය හෝ චරිත තෝරන්නට ගියොත් මට කරන්නට යමක් ලැබෙන එකක් නැහැ. අනික මේ රටාව තුළ එවැනි තෝරාගැනීම් කිරීම අපහසුයි. තව දෙයක් ගුණාත්මක කතා තුළින් ප්‍රේක්ෂකයාගේ මනෝභාවය පෝෂණය කරන්නට වගේම සරල ටෙලි කතා තුළින් දවස පුරා වෙහෙසට පත්ව රූපවාහිනිය අසල ඉඳගන්නා ප්‍රේක්ෂකයන්ගේ මනස නිවාලන්නත් පුළුවන්. අන්න ඒ නිසයි ස්වයංජාත, එකගෙයි මිනිස්සු, අළු බඳුන වාගේම නෝ පාකින් සහ අහස් මාලිගා වැනි චරිතයන්වලටද මා ප්‍රවිශ්ඨ වූයේ.
හිතෙන්නෙ නැද්ද ඔබට විභූතිරත්න ගැන එදාට වඩා ප්‍රේක්ෂකයන් අද කතා කරනවාය කියා?
ඔව්. මට එහෙම හිතෙනවා. පැහැදිලිවම එය දැනෙනවා. විභූති ගැන විතරක් නෙමෙයි ස්වයංජාත නාට්‍යයද පළමු විකාශනයට වඩා දෙවැනි විකාශනයේදී ප්‍රේක්ෂකයන්ගේ කතාබහට බඳුන්ව තිබෙනවා. සරලව කියනවා නම් නැවැත විකාශනය තුළ ප්‍රේක්ෂකයන් එය ඉතා ගැඹුරින් රසවිඳිනවා. ස්වයංජාත විතරක්ම නෙමෙයි වසර ගණනකට පළමුව විකාශනය වූ උසස් ගුණාත්මක වූ සියලුම ටෙලිකතා මෙලෙස නැවැත විකාශනයකට බඳුන්වීම තුළ ප්‍රේක්ෂකයා නැවැත ගුණාත්මක නිර්මාණ රසවිඳීමට හුරුවෙනවා.
එය සුදත් රෝහණ මහත්තයාගේ ප්‍රයත්නයක්?
සත්තකින්ම ඔහු හොඳ නිර්මාණකරුවෙක්. එවැනි උසස් ගණයේ කලාකරුවකුට සුදුසු අසුනක් ලැබුණු නිසයි අගය කළ හැකි දෑ එම ආයතනය තුළ සිදුවන්නේ. දැන් දැන් ස්වාධීන රූපවාහිනිය තුළ විකාශනය වන නව නිර්මාණ වුණත් බලන්න. ප්‍රේක්ෂකයන් ඒ හරහා හොඳ රසවින්දනයකට යොමුවෙමින් සිටිනවා. රොෂාන් රවින්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්’ ඊට හොඳම නිදසුනක්.
දක්ෂ රංගවේදියකු ලෙස ඔබ සිනමාව රූපවාහිනිය වගේම වේදකාවද ජයගත්තා?
හැම දක්ෂ නළුවෙක්ම බොහෝ විට බිහිවන්නේ වේදිකාව තුළින්මයි. වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්. ලොව පුරා දක්ෂ කලාකරුවන්ට අද ඔවුන් සිටිනා තැනට පියමනින්නට වේදිකාව ප්‍රබල සාධකයක් වූවාය කිව්වොත් එය නිවැරැදියි. තවත් විදියකට කියනවා නම් වේදකාව කියන්නේ විශ්වවිද්‍යාලයක් වැනි ඉසව්වක්. මා මෙසේ කියන්නේ මා විසින්ම ලද අත්දැකීම් තුළිනුයි. ඉන්දික ෆර්ඩිනැන්ඩු සමඟ ‘කලම්බෝ කලම්බෝ’ වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම සඳහා අප පුරා අවුරුද්දක කාලයක් පුහුණුවීම් කළා. එයට පසුව අවුරුද්දක් පුරා එය වේදිකාගත කිරීම තුළින්ද හොඳ රංගවේදියකු සඳහා අවශ්‍ය පිටිවහල මම ලබාගත්තේ සජීවී අත්දැකීම් තුළයි. ඒ වගේම ප්‍රවීණ සිනමා නිළි අනෝජා වීරසිංහගේ වැඩමුළු තුළින්ද මා ලබාගත් දෑ බොහෝමයි. සැමීගේ කතාව චිත්‍රපටය වෙනුවෙන් විදේශීය සම්මානයකින් පිදුම් ලබන්නටත්, ‘රෝද හතරේ මනමාලයා’ වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස කිහිප විටක්ම සම්මානයට පාත්‍ර වෙන්නටත් වේදිකාව තුළ මා ලද ඒ බොහෝ දෑ ශක්තිමත් පසුබිමක් වුණා.
රූපවාහිනී සේවාවන්වල ප්‍රාසාංගික වැඩසටහන් සඳහා ඔබ බොහෝ විට සහභාගි නොවන්නේ ඇයි?
මෙහෙමයි. මම බොහෝ විට මගේ සහභාගිත්වය දෙන්නෙ යම් කතිකාවක් කළ හැකි වැදගත් යමක් කිව හැකි රූපවාහිනී වැඩසටහන්වලට පමණයි. ප්‍රේක්ෂකයාව මුලාකිරීමේ හෝ රැවටීමේ කලාව මම හඳුනන්නේ නැහැ. නිදසුනක් දෙනවා නම් මම ගෙදරදී කෑම උයන විදියයි, මට කිති එන්න මාව කිතිකවපු විදියයි පෙන්නන්න මම කැමැති නැහැ. එවැනි පුද්ගලික දෑ බොළඳ රසාස්වාදනය වෙනුවෙන් ප්‍රේක්ෂකයා හමුවේ පෙන්වන ආකාරය රඟදක්වන්න ඇත්තෙන්ම මම දන්නේ නැහැ. එවැනි වැඩසටහනක් සඳහා මම ගියත් කරන්නේ එතැනදි මට අවැසි කතිකාව කළ හැකි පරිසරය මා විසින්ම හදාගන්නා එකයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දරුපල ලබාදෙන බෙලි පැළගේ ගුරුකම

Next Post

ප්‍රීතිගේ Love එකට අවුරුදු හතරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.