• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝම උපතින් ගේන දක්ෂතාවන් තියෙනවා…! වැඩේ හොද නම් අනිවා ගන්නවා…! Sri Lanka Latest News

October 18, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හැමෝම උපතින් ගේන දක්ෂතාවන් තියෙනවා…! වැඩේ හොද නම් අනිවා ගන්නවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව ජීවිතය කරගනිමින් ශ්‍රී ලාංකීය සිනමා ලෝකයට තම විවිධාකාර රංගන හැකියාවන් සමග අසමසම දායකත්වයක් ලබාදුන් ඔහු මේ දිනවල කිරගත වන ‘සිහින සරුංගල්’ මගින් නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණ සිටී. ළමා පරපුරේ දක්ෂතා, මනෝභාව සහ අගය ගැන අවධානය යොමුකරන මෙම චිත්‍රපටය සමගාමීව, ඔහුගේ අලුත් නිර්මාණ, රසිකයන්ගේ ප්‍රතිචාර ගැන කියන්න රොෂාන් රණවන හාට් එකට ගොඩවැදුණේ මේ විදියට.Sri Lanka Latest News

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දිනවල අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩකටයුතු සිදුකරනවා. ඒක ආදර කතාවක්. ඔක්තෝබර් 01 වැනිදා සිට එහි රූගත කිරීම් ආරම්භ වුණා.
සිහින සරුංගල් චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?
මෙහි අධ්‍යක්ෂවරයා වන තාරක අධිකාරිව මා හඳුනන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස බොහෝ කලෙක සිට. ඔහු මා සමග බොහෝ චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා. ඔහුගේ කුලුඳුල් නිර්මාණයට දායක වන ලෙස ලැබුණු ආරාධනාවත් සමග සිහින සරුංගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණා.
සිනමා ජීවිතයේ බොහෝ අවස්ථාවල ප්‍රේමවන්තයාගේ චරිත රඟපෑ ඔබ මෙවැනි වෙනස් චරිතයක් තෝරාගන්නේ ඇයි?
මෙය නොවෙයි මගේ වෙනස් චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය. ඉදිරියට තවත් වෙනස් චරිත සමග චිත්‍රපට තිරගත වීමට නියමිතයි. ළමයින් වෙනුවෙන්ම නිර්මාණය වන චිත්‍රපට ඉතාම අඩුයි. මමත් පියෙක්. මටත් පුතෙක් ඉන්නවා. මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් සමාජයට ලබාදෙනවා. එවැනි හොඳ නිර්මාණයකට දායක වීම ගැටලුවක් නොමැති නිසාත් තාරකගේ ආරාධනාවත් සමග මේ චරිතයට සම්බන්ධ වුණා.
ළමා නළු නිළියන් සමග වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?
2008 තිරගත වූ රෝස කැලේ චිත්‍රපටය මගේ පළමු ළමා චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ ළමුන් 30ක් 40ක් සමග වැඩ කළා. එය මට තාමත් සුන්දර මතක අත්දැකීමක්. ළමයි හරි අහිංසකයි. එයාලගේ හිතේ කිසි දෙයක් නෑ. හරිම විවෘත මනසකින් ඉන්න පිරිසක්. ඒ කාලයේ රෝස කැලේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ලොකු උනන්දුවකින්. නමුත් සිහින සරුංගල් චිත්‍රපටයේ දරුවන් සමග සම්බන්ධ වෙන්න එතරම් අවස්ථාවක් ලැබුණේ නෑ.
ඔබේ රසිකයන්ගෙන් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ චිත්‍රපටය එක යදමිැමෙකක වෙලා තිබුණා. පාසල් ළමුන් විශාල පිරිසක් මේ චිත්‍රපටය නරඹනවා. කුඩා දරුවන්ගෙන් මෙන්ම වැඩිහිටියන්ගෙන්ද හොඳ ප්‍රතිචාර රැසක්ම ලැබුණා.
සිහින සරුංගල් චිත්‍රපටය තුළින් ළමා පරපුරට දෙන පණිවුඩය මොකක්ද?
දරුවෝ කියන්නේ එකිනෙකාට වෙනස් විශේෂ දක්ෂතා රැසක් තියෙන පිරිසක්. අපි හැමවෙලේම අපේ දරුවාව අනිත් දරුවන් සමග සංසන්දනය කරලා තවත් දරුවෙක් කරන දෙයක් අපේ දරුවටත් කරන්න කියනවා. නමුත් ඒක වැරදි ක්‍රියාවක්. හැම දරුවෙක්ම උපතින් රැගෙන එන දක්ෂතාවයක් තියෙනවා. අපි ඒක ඔපමට්ටම් කරලා දියුණු කරගන්න දරුවන්ට උදව් කරන්න ඕනේ. මේ චිත්‍රපටයෙනුත් එවැනි පණිවුඩයක් සමාජයට ලබා දෙනවා.
ඔබ නිර්මාණ ලබා ගැනීමේදී තෝරාගැනීමක් සිදු කරනවාද?
අනිවාර්යයෙන්ම. හැම චිත්‍රපටයක්ම භාරගන්නේ නෑ ප්‍රතික්ෂේප කරපු චිත්‍රපටත් බොහොමයක් තියෙනවා. නමුත් තෝරගෙන කරන්න හොඳ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරනවා. මගේ රඟපෑම් කටයුතු දියුණු කරගත හැකි නිර්මාණ ලැබෙනවා නම් තමයි නිර්මාණ භාරගන්නේ.
ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගෙ පවුල, මගේ බිරිඳ ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ නිර්මාණ තෝරාගැනීමේදී පවා ඇතැම් නිර්මාණ තෝරා ගන්නවාද නැද්ද හිතන අවස්ථාවල ඇය හොඳ නිර්මාණ තෝරා දෙන අවස්ථා තියෙනවා.
ඔබගේ ඉදිරි වැඩකටයුතු කොහොමද?
ඉදිරියේදී අලුත් චිත්‍රපට හයක් තිරගතවීමට නියමිතයි. මේ දිනවල ඒ වගේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ඇතැම් චිත්‍රපට රූගත කොට අවසන්. ඒ වගේම ටෙලි නාට්‍යයද ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

පළාත් සභා උණුසුම වැඩිවෙයි ! සජබ – මාලිමා මන්ත්‍රීවරු අතර පොරයක් !පොහොට්ටු හිටපු ඇමැතිවරු පෝලිමක්! Sri Lanka Latest News

Next Post

රටම කතාකරපු රටම නැගීහිටපු කොස්තාපල් චණ්ඩියෙක්ද? වතගොත හොයාගෙන ගමටම ගියා! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.