• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇල්ලේ සැප දවසකට ලෙවොන්

August 28, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
ඇල්ලේ සැප දවසකට ලෙවොන්
Share on WhatsAppShare on Facebook

ඇල්ල තමයි ලංකාවේ පොහොසත්ම කඳුකර ගම්මානය. දිව්‍ය ලෝකේ සඳලුතලය කිව්වත් ඒකට කිසි වරදක් නෑ. ලංකාවට එන විදේශිකයන් පිස්සු වට්ටන ඇල්ල නගරය තමයි අපි මේ සති අන්තය ගතකරන්න තෝරාගත්තේ. ආරුක්කු නවයේ පාලම, පුංචි සිරීපාදෙ සහ රාවණා ඇල්ලේ සිරි නරඹා යන දේශීය සංචාරකයන්ට ඇල්ලේ සුන්දරම ස්ථානය මඟහැරෙනවා. ඒ තමයි ඇල්ල රොක්. ටර්පන්ටයින් වනාන්තර මැදින් යන්න තියෙන මේ සුන්දර අත්දැකීමේ අවසානය වචනයෙන් විස්තර කරන්න අපහසුයි.

ඇල්ලෙ ලස්සන බලන්න නම් කෝච්චියෙන් ඇල්ලට එන්න ඕන. ඇල්ල රොක් බලන්න යනව නම් ඔබගේ ගමනාන්තය වෙන්නෙ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. කොළඹ ඉඳලා පැය 10ක පමණ ගමනාන්තයකින් පසුව හමුවන ඇල්ල නගරයේ ඔබ ඇවිදින්න එනව නම් අඩුම තරමේ දවස් දෙකක්වත් නවතින්න ඕනෙ.

එක දිගට වැඩකරලා හති වැටිලා මානසික වගේම කායික සුවයක් විඳින්න කොහේ හරි ලස්සන පැත්තක සංචාරය කරන ඔබේ නවාතැන හරි නැත්නම් පරිසරය කෙතරම් සුන්දර වුණත් ඔබේ ගමනෙන් වැඩක් නැතිවෙනවා. ඒ නිසාම තමයි ඇල්ල රොක් එන ඔබට හොටෙල් ලෙවොන් ගැන කියන්න හිතුවෙ. ඇල්ල රොක් එකට ළඟම නවාතැන තමයි හොටෙල් ලෙවොන්.

කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ළඟම තියන නිසා නවාතැන හොයන්න ඔබට එහෙ මෙහෙ ඇවිදින්න ඕනෙ වෙන්නෙ නෑ. සුන්දර කඳු පන්ති පෙළකින් වටවෙලා තියන මේ නවාතැන ඉදිරියෙන් පුංචි ගංගාවක් ගලාබසිනවා. ඇල්ලේ තියෙන සුන්දරත්වය ගැන අමුතුවෙන් ඔබට පද ගළපන්න ඕනෙ වෙන්නේ නෑනෙ. කෙටියෙන් කියනව නම් ඇල්ලෙ සුපිරිම තැනක තමයි හොටෙල් ලෙවොන් ඉදිකරලා තියෙන්නේ.

අතේ තියෙන මුදලට හිතේ හැටියට කාලා බීලා ගෙදර වගේ වැටිලා ඉඳලා යන්න පුළුවන් නවාතැනේ කාමර ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ. දැව නිමාවෙන් යුතු මේ කාමරයට ඇතුළුවෙන ඔබට සියලු සැපසම්පත් ලැබුණා යැයි සිතෙන්නට පුළුවන්. ඉතාමත් සුවපහසු නිදි යහනට අමතරව තරු පන්තියේ හෝටලයක කාමරයක ඇති සියලු දේ මෙහි ඇති බව නිසැකවම කියන්න පුළුවන්.

මෙහි හිමිකරු වන්නේ රේෂාන් ෆූ චේන්ග් (Reshan fu cheng kao) ඉතා ළාබාල තරුණයෙක් යටතේ පාලනය වන නිසා මෙහි එන සංචාරයක් සතුටු කරන්න ඔහු අද කාලයට ගැළපෙන ක්‍රම යොදාගෙන ඇති බව අපට පෙනීගියා. ඉතා සුහදශීලීව මෙහි එන සංචාරයන්ව පිළිගන්නා චේන්ග් කෝ, චීන සම්භවයක් තියන බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණයෙක්. හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාව තවමත් හදාරමින් සිටින ඔහුගේ මූලික අරමුණ වන්නේ අපේකම ලෝකයට හඳුන්වා දෙන සුන්දර නවාතැනක් බවට මේ ස්ථානය පත්කීරීමයි.

රූෆ් ටොප් අවන්හලකින් සමන්විත ලෙවොන් හෝටලයේ කෑම ගැන නම් ඉතින් අමුතුවෙන් කතාකරන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකීය කුළුබඩු රසට හැපෙන ලංකාවේ කෑම වේලක් ගමකට ගිහින් කනවට වඩා රසට මෙහි ආවොත් ඔබට රස විඳින්න පුළුවන්. ඉතා සුහදශීලී කාර්යමණ්ඩලයේ ආගන්තුක සත්කාර විඳින ගමන් කෑම මේසයේ සිටම උඩරට මැණිකෙලගෙ, පොඩි මැණිකෙලගෙ හැඩ බලන්නත් මෙහි ආවොත් ඔබට පුළුවන්.

ඇල්ල රොක් යනවා නම් මෙතැන ඉඳලා හරියටම කිලෝමීටර් 03යි. රේල් පාර දිගේ ඇල්ල නගරයේ සිට පාගමනින් එන නඩයකට කිතල් ඇල්ලෙන් එකතුවෙලා පාළුවක් නැතුව ඇල්ල රොක් බලල අමතක නොවෙන සති අන්තයක් ගතකරලා යන්න දවසක ඔබත් මෙහෙ එන්න.

Booking.com හරහා හෝ 0702224620, (77) 773 0096 අංකයට ඇමතුමක් දී හෝ ඔබගේ දිනය වෙන්කරවා ගන්න පුළුවන්.

නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

Next Post

අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News...

Read more
මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.