• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

August 28, 2019
in Holiday
Reading Time: 1 min read
A A
සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න
Share on WhatsAppShare on Facebook

අවිස්සාවේල්ල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතරින් කාර්යබහුලම නගරයකි. බස්නාහිර පළාතේ අවසන් මායිම වන අවිස්සාවේල්ල ඈත අතීතයේ සිදුවූ අමිහිරි හා සොඳුරු සිදුවීම් සඟවාගෙන සිටින, විටෙක මතුකර පෙන්වන අභිමානවත් නගරයකි. නගරය ගැන සොයාබැලීමේදී සීතාවක රාජසිංහ රජු සහ වලගම්බා වැනි රජවරු පාලනය කළ සමයේදී ඔවුන් ගොඩනැඟූ මාලිගා, පුදබිම්. ලෙන්, ගුහා, උද්‍යාන, දේවාල වැනි ස්ථාන මෙහි රාශියක් දැකගත හැකිය.

අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ ගිය පසු යකහටුවාව (බැලුම්ගල) කඳු පාමුල සුන්දර වෙල් යායන් කෙත්වතු පසුකර මාර්ගයේ ගිය පසු ග්‍රාමයේ උස්ම තැන මානියංගම ගල්ලෙන් රජමහා විහාරය පිහිටා ඇත. අද වන විට පුදබිම සතු ඉඩම්වල ජනාවාස ඉදිකර තිබෙන නිසාවෙන් මෙහි පෞරාණික බවට සහ ආරක්ෂාවට සුළු වශයෙන් හෝ හානියක් සිදුවෙමින් පවතී.

අනුරාධපුරයේ රජකම් කළ වලගම්බා රජතුමා (ක්‍රි:පු 103-76) ද්‍රවිඩ ආක්‍රමණයක් හමුවේ පසුබැස සේනා සංවිධාන කළ ස්ථානයක් ලෙස හඳුන්වන මෙම ගල්ලෙන රජතුමා විසින් කටාරම් කොටා බුදු පිළිම හා එහි සිතුවම් කරවා ගල් ලෙන විහාරයක් බවට පත්කරන ලදී. දිනෙන් දින දියුණුවට පත් මේ සුන්දර පින් බිම ක්‍රි:ව 1500 පමණ වන විට ප්‍රදේශයේ ප්‍රබලතම භික්ෂු මධ්‍යස්ථානය වී ඇත. ක්‍රි:ව 1519 මායාදුන්නේ කුමාරයා 18 රියන් සැතපෙන බුදුපිළිමය හා අනෙකුත් බුදු පිළිමයන් විෂ්නු දේව රූපයන් ඉදිකර බිතුසිතුවමින් විහාරය අලංකාර කළ බව විහාරයේ තිබූ සන්නසයේ සඳහන්ය. සිතාවක නුවර අගනුවර කර ගැනීමට මායාදුන්නේ කුමරුට ශක්තියක් වී තිබෙන්නේද මානියංගම රජමහා විහාරයේ එවක වැඩවිසූ භික්ෂුන් වහන්සේලාය. සිතාවක මායාදුන්නේ හා රාජසිංහ රජ යුගවලදී මානියංගම රජමහා විහාරය දියුණුවේ හිනිපෙත්තටම නැඟ ඇති අතර විශාල ජාතික ආගමික සහ ශාසනික මෙහෙවරක් ඉටුකර ඇති පුදබිමකි.

ගල් ගුහාවල ශ්‍රීපාද ලාංඡනය නිර්මාණය කර ඇත. මුළු සීතාවක රාජධානියම මෙහි සිට බලන අයකුට පෙනේ. රජ දවස සතුරු සේනා පහරදීමට පැමිණෙන්නේ දැයි බැලීමට මෙම කඳු වළල්ල (බැලුම්ගල) ආරක්ෂකයන් යොදවා ඔත්තු සේවා ක්‍රියාත්මක වූ ස්ථානයකි. ඈත වටපිටාවේ එක් පැත්තකින් නීල හරිත කඳුද, තවත් පැත්තකින් මුළු අවිස්සාවේල්ල නගරය සහ අහසට එසවුණු ගොඩනැඟිලිද දර්ශනය වේ. විහාරයේ ධර්ම ශාලාව ඉතා විශාලය. දහසක් පමණ මිනිසුන් රැස්කිරීමට වුවද හැකිය. පැය දෙකක් පමණ සිට අප මේ පුදබිමට සමුදුන්නේ නැවත ඉඩක් ලැබුණු විට පැමිණෙන බලාපොරොත්තුව ඇතිවය.

මගේ සහෝදරයකු සමඟ මෝටර් සයිකලයෙන් පැමිණි නිසාම අවට සීතාවක රාජ සමයට අයිති වන තවත් විස්මිත නිර්මාණයක් වන බැරැන්ඩි කෝවිලද සොයා ගියෙමු. තල්දූව පාලම අසලින් දකුණු පැත්තට වන්නට කඳුගැටයක පිහිටා ඇති මෙම කෝවිල විනාශ මුඛයේය. මෙහිදී අවට ජනාවාස සහ මිනිස් ක්‍රියාකාරකම් වැඩිවී දිනෙන් දින විනාශ වෙමින් පවතී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැන්වීම්වලට පමණක් සිමාවී ඇති මෙම පෞරාණික කෝවිලේ නටබුන් ආරක්ෂා කිරීමට නම් පියවරක් ගෙන නැත.

ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්වන මෙය විශිෂ්ටතම ශෛලමය නිර්මාණයකි. රජු මිනිසුන් 1,500ක් පමණ වසර විස්සක් පුරා සේවයේ යොදවා මෙම කොවිල කරවූ බව පැවැසේ. ක්‍රි.ව. 1551දී කෝට්ටේ හා පෘතුගීසි ඒකාබද්ධ හමුදා සීතාවකට පහරදී ඇත. එවිට බැරැන්ඩි කෝවිල සම්පුර්ණයෙන් විනාශ කර රන්, රිදී පිළිම, පහන්, සීනු, දේව ආභරණ අදිය පැහැරගෙන ගොස් ඇත.

ක්‍රි.ව. 1582දී පමණ රචනා කළ සැවුල් සන්දේශයේ එන අංගද, බැරැන්ඩි කෝවිල හා එහි තිබෙන රාම රාවණා යුද්ධය, මහා භාරත යුද්ධය ආදී සිතුවම් හා දිනපතා කෝවිලේ සිදුකරන පුදපූජා පිළිබඳ විස්තරයක් දැක්වෙන ලිඛිත සාධක හා සාක්ෂි මෙය අවටින් හමුවී ඇත.
මෙය සීතාවක රාජසිංහ රජතුමා තම පියා මරා ශිව ආගම වැලඳගෙන බැරැන්ඩි කෝවිල ඉදිකළ බව ජනප්‍රවාදයේ එන කතාවකි. එය තහවුරු කිරීමට ලිඛිත සාක්ෂි තවමත් හමුවී නැත. මායාදුන්නේ රජතුමා තම හමුදාවේ දමිළ සේනාව වෙනුවෙන් කෝවිල ඉදිකළ බවත්, පෘතුගීසීන් ක්‍රි.ව. 1551 එය විනාශ කළ පසු රාජසිංහ රජතුමා යළි ඉදිකළ බවත් තවත් ජනප්‍රවාදයකි. සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පසු සීතාවකට කඩාවැදුණු ආක්‍රමණිකයෝ කෝවිල යළිත් විනාශ කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2003 වසරේදී ගඩොල් යොදා කෝවිල සමිපූර්ණයෙන් සංරක්ෂණය කර ඇත. එයින් මෙහි ඇති පෞරාණික බව නම් අඩුවී ඇති බව සිතේ. කෝවිල ඉදිකරන්නට ගඟේ ඉහළ සිට පාරු මඟින් ගල් පුවරු ගෙන ආ බව ද සඳහන්ය.

ඉඳුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

හෙල්ලෙන් නැති එකම ඇල්ල

Next Post

ඇල්ලේ සැප දවසකට ලෙවොන්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.