• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශ්‍රීදේවි මැරුණේ නෑ මැරුවා! Sri Lanka Latest News

October 12, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ශ්‍රීදේවි මැරුණේ නෑ මැරුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු සිනමාවේ නොනිවෙන තාරකාව වූ සුන්දර ශ්‍රීදේවි ඉතා අවාසනාවන්ත ලෙස අකාලයේ මියගියේ 2018 අවුරුද්දේ පෙබරවාරි මාසයේ.
ඒ කියන්නේ ශ්‍රීදේවි මියගිහින් දැනටමත් අවුරුදු 7ක් පහුවෙලා. වචනෙට අපි කවුරුත් කියනවා මැරිච්ච තැන්වල ගසුන් පැළවෙලා කියලා. එහෙම බලනවා නම් ශ්‍රී මැරුණේ තැන මහා රූස්ස ගසුත් හැදිලා ඉවරයි කියලා කිව්වොත් ඒක හරියටම හරි.Sri Lanka Latest News

හැබැයි ඉතින් ඒ කියමන හරියටම හරි ගියාට මෙතැන වෙන වැරැද්දක් මතුවෙන්න අරගෙන තියෙනවා.
මොකක්ද ඒ වරද?
වරද ශ්‍රීදේවිගේ අකල් මරණය ස්වභාවික මරණයක් නෙමේය කියන ආන්දෝලනාත්මක ගින්නක් පහුගිය දවස්වල ඉන්දියානු සිනමා කර්මාන්තය පුරා පැතිර යෑමයි.
පහුගිය දවස්වල කියලා කිව්වට තවමත් ඒ ගින්නේ උණුසුම ගිහිල්ලා නැති බවයි ආරංචිය.

ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක් කියලද ඒ ගිනිදැල්වල ලියැවිලා තියෙන්නේ?
කතන්දරය සමාජ මාධ්‍ය පුරා යන්නේ එහෙමයි.

සැක කරන්නේ ඇගේ සැමියා බොනී කපූර්වද?
ඇඟිල්ල දිගුවෙලා තියෙන්නේ බොනීට තමයි. හැබැයි පැහැදිලි සාක්ෂි, ඇසින් දුටු සාක්ෂි මොනවත්ම නැහැ.
එතකොට අවුරුදු 7කට පස්සේ ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක් කියන ගින්න ඇවිළෙන්න ගත්තේ මොකද හිටි හැටියේ?
ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඒ හේතු එක්ක කතාව ඈඳෙන්නේ මේ විදියටයි.

කපූර් පවුලේ සමීපතම හිතවතකු වන මොහිඩ් මර්වාගේ වෙඩින් එකට සහභාගි වෙන්න බොනී කපූර් සහ දියණිය කුෂී කපූර් එක්ක ඩුබායිවල පිහිටි එමිරේට්ස් හොටෙල් එකට එනවා. උත්සවය ඉවර වුණාට පස්සේ ඈ එහිම නතර වෙන්නේ ඩුබායිවල ෂොපින් කරන්න යන්න ප්ලෑන් කරපු හින්දයි. 2018 පෙබරවාරි 24 වැනිදා හවස ශ්‍රීදේවි බාත්ටබ් එකේ මියගොස් සිටින බව මුලින්ම දකින්නේ බොනී කපූර්. එහෙම වෙන්නේ ඉන්දියාවට කුෂී එක්ක ගිය ඔහු ශ්‍රීදේවිව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ආයෙම ඩුබායිවල පිහිටි එමිරේට්ස් හොටෙල් එකට පෙබරවාරි 24 ආව නිසයි. ඒ හදිසි ගමන නැවත පැමිණීම ගැන ඩුබායි පොලිසිය බොනී ගැන සැක පහළ කරලලු තියෙන්නේ.

තවත් සැකයක් පොලිසියට තියෙනවා.
ඒ, ශ්‍රීදේවි බාත්ටබ් එකේ මැරිලා ඉන්න බව බොනී හොටෙල් එකේ මැනේජ්මන්ට් එකට දැන්වූයේ තරමක ප්‍රමාදයකින් පස්සෙලු. ඒ හෝටලේම නැවතිලා හිටපු තමාගේ මිතුරෙක්ට තමයි බොනී ශ්‍රීගේ මරණය ගැන දන්වලා තියෙන්නේ. යාළුවෙක් හිටි අඩියේ එතැනට පැමිණීමත් සැක සහිත කාරණයක්. අනෙක හොටෙල් එකේ මැනේජ්මන්ට් එක දුන්න කටඋත්තරේ සඳහන් වෙන්නේ ශ්‍රීදේවි බාත්රූම් එකේ වැටිලා ඉන්නවා දැක්කා කියලලු. බොනී කපූර් කියන්නේ බාත්ටබ් එකේ ගිලිලා උන්නා කියලයි. එතැන තවත් සැකයක් තියෙනවා. ඒ, ශ්‍රීදේවිගේ උසයි, බාත්ටබ් එකේ දිගයි අතර තියෙන පරතරය. ශ්‍රී අඩි 5යි අඟල් 7ක් උසයි. බාත්ටබ් එකේ දිග අඩි 5යි අඟල් 1යි. ඉතින් කොහොමද ශ්‍රීදේවි ටබ් එකේ ගිලෙන්නේ. අන්න ඒකත් එක සැකයක්.

ඒ සියලු සැකකටයුතු කාරණා අතර ලොකුම සැකය තමයි ශ්‍රීදේවි හිටිඅඩියේ ඕමානයේ දී දාපු රුපියල් කෝටි 240ක ඉන්ෂුවරන්ස් එක. ඈ ඒ ඉන්ෂුවරන්ස් එක දාලා තියෙන්නේ ඇගේ සැමියා වූ බොනී කපූර්ට අයිති වෙන විදියටලු. ඒ වගේම ශ්‍රීදf්වි ඒක දාලා තියෙන්නේ ස්වභාවිකව තමා ඩුබායිවලදී මියගියොත් පමණක් ඔහුට හිමිවන විදියටලු.
මොකක්ද ඒ විලම්බීතය? එහෙම ඉන්ෂුවරන්ස් ක්‍රම තියෙනවද? ඔව්. ඒ හින්දයි ශ්‍රීදේවි ඒ විදියට ඉන්ෂුවරන්ස් එක දැම්මේ. කොහොමත් බොනීට සැකය අත වනන තවත් සාක්ෂියක් ඒක.

ඒ අතරවාරේ බොලිවුඩ්වල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සුනිල් සිං ශ්‍රී දේවිගේ හදිසි මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලලා අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරලා තිබුණත් ඒ පෙත්සම් දෙකම නිෂ්ප්‍රභ වුණා.

හැබැයි පෙත්සම් දෙක නිෂ්ප්‍රභ වුණාට ඉන්දියාවේ පොලිසිය නම් තවමත් බොනී පස්සෙන් පන්නනවා.
ඇත්තටම ශ්‍රීදේවි මැරුණද? නැත්නම් මැරුවද? ඇගේ ශරීරයේ සර්ප විෂක් ඔඩුදුවලා තියෙනවයි කියන කතාව ඇත්තක්ද? කෝටි 240ක ඉන්ෂුවරන්ස් එක ගන්න බොනී ශ්‍රීට වස ශරීරගත කළාද? කුෂී එක්ක ඉන්දියාවට ගිය බොනී ආයෙම පැමිණි හේතුව කුමක්ද?

ඒ ප්‍රශ්නවලට හරිම උත්තර තියෙන්නේ බොනී කපූර් ළඟ විතරමය. එහෙමත් නැත්නම් සියල්ල දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණය.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

21 වැනිදා දළ ඇත්තු කොළඹට එනවා! Sri Lanka Latest News

Next Post

අවුරුදු 11ක් හරි පාර කියා දීලා අකුරු උගන්වපු පල්ලෙකැලේ තෙල්දෙණිය ඉස්කෝලෙට කළගුණ සළකපු විදිහ නම් හරි නෑ පුතේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.