ශ්‍රී ලාංකීය බැංකුකරණයේ පුරෝගාමියා, ජාතියේ මහා පටහන්ටැඹ ලංකා බැංකුව ලොව විශිෂ්ටම බැංකු 1000 අතර 847 වැනි ස්ථානයේ රැඳෙමින් තවදුරටත් දිවයිනේ අංක එකේ බැංකුව බවට පත්වන්නට සමත් වී ඇතැයි 2020 සිය 50 වැනි සංවස්තරය සැමරූ The Banker’s සඟරාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය වසර 12 පුරාවටම අඛණ්ඩව මෙම ස්ථානය රැක ගැනීමට සමත්වූ ලංකා බැංකුව පසුගිය වසරේ හිමිකරගත් 909 වැනි ස්ථානයට බොහෝ ඉදිරියෙන් මෙවර පසුවීම සුවිශේෂ වේ.
කොවිඞ් 19 ව්‍යසනය හමුවේ ගෝලීය ආර්ථිකයට සිදුවූ අයහපත් බලපෑම හමුවේ වුවද ලොව විශිෂ්ටතම බැංකු 1000 තුළ 1 මට්ටමේ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 8.796කින් වැඩිකර ගන්නට සමත්ව ඇතිවා පමණක් නොව මෙතුවක් කල් පැවැති විශාලතම වැඩිවීම ලෙසද පසුගිය දශකයට වඩා 80%ක වැඩිවීමක් ලෙසද The Banker’s සඟරාව සටහන් කර ඇත.
BOC සන්නාමය රුපියල් බිලියන 47.9ක වටිනාකමක් සහිතව දේශීයව පමණක් නොව විදේශීය ශාඛාවන් හරහා මෙන්ම ජාත්‍යන්තර නියෝජිත බැංකු ජාලය හරහාද අත්පත් කරගන්නා ලද අත්දැකීම් සහ ගනුදෙනුකාර සේවාවේ විශිෂ්ටත්වය හරහා ලබාගත් පිළිගැනීමද මෙම සම්මානයන්ට පාත්‍රවීමට හේතු සාධක වී ඇත.











