කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් සහන සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන විවිධ වැඩසටහන් එකතු කරමින් ‘අරුණැල්ල’ නමින් මූල්‍ය සහාය යෝජනා ක්‍රමයක් බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර මේ තුළින් පීඩාවට පත් ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා බැංකුවේ තිබෙන කැපවීම ඉස්මතුවී පෙනේ.
කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා බැංකුව විසින් දැනටමත් ආරම්භ කර තිබෙන වැඩසටහන් 11ක් ‘අරුණැල්ල’ මූල්‍ය සහාය යෝජනා ක්‍රමයට ඇතුළත් වන බවත් පවතින ණය සහන කාලසීමා අවසන් වීමෙන් පසුවද ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ආරම්භ කර ඇති නව වැඩසටහනක් 12 වන වැඩසටහන ලෙසින් මෙයට ඇතුළත් වන බව බැංකුව සඳහන් කරයි.
නවතම සහන වැඩසටහනට විශේෂ ගෙවීම් සහන යෝජනා ක්‍රම ඇතුළත් වී තිබෙන අතර මේ යටතේ කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් දිගටම පීඩාවට පත්වී සිටින ගනුදෙනුකරුවන් සඳහා පවතින ණය සහන කාලසීමාවන් අවසන් වීමෙන් පසුවද ණය ගෙවීම සඳහා මාස කිහිපයක සහන කාලයක් ලබාදීමට යෝජනා කර තිබේ.











