ප්‍රහසන කලාව කියන්නේ අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා ප්‍රහසන කලාව අපිට හැමදාම සමීප වුණා. ඒ හරහා ජනප්‍රිය වුණු රංගන ශිල්පීන් බොහොමයකුත් අපේ රටේ ඉන්නවා. ඒත් පසුගිය වකවානුවෙදි මේ ප්‍රහසන කලාවට අලුත් ජවයක් එකතු වුණා. ඒ තමයි සමාජ මාධ්‍ය. විශේෂයෙන් ශදම ඔමඉැ. ඒ හරහා මේ කලාව නව මානයකට රැගෙන ගියා වගේම අලුත් ශිල්පීන් පිරිසකුත් ඒ වැඬේට එකතු වුණා. ගිරිරාජ් කෞෂල්‍ය සහ ප්‍රියන්ත සෙනවිරත්න කියන්නේ අපේ රටේ ප්‍රහසන කලාවේ පුරෝගාමීන් දෙන්නෙක් කිව්වොත් ඒක වැරැදි නැහැ. දශක ගණනාවක් පුරා වේදිකාව, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා අපිට සමීප වුණු මේ දෙන්නා පසුගිය දවසක අලුත් වැඩකට අත ගහලා තිබුණා. ගිරා අසඑය ප්‍රියා යූටියුබ් නාළිකාව ආරම්භ කිරීම තමයි ඒ අලුත් වැඬේ. යූ ටියුබ් හරහා අලුතින් ප්‍රහසන කලාවට එකතු වුණු ශිල්පීන් අතරට දැකලා පුරුදු මුහුණු දෙකක් එකතු වීම බොහෝ දෙනකුට අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. හැබැයි විවිධ අවස්ථාවල මේ දෙන්නා ඉදිරිපත් කළ ප්‍රහසන කොටස් පසුගිය කාළේ පුරාම යූටියුබ් හරහා බොහො දෙනෙක් නැරඹුවා. කොහොම වුණත් මේ අලුත් වැඬේ ගැන දැන ගන්න අපි ප්‍රියන්ත සෙනවිරත්නට කතා කළා.
ගිරාටයි ප්‍රියාටයි ඇයි එකපාරටම ශදම ඔමඉැ එන්න හිතුණේ.
පසුගිය කාලේ පුරාම අපේ ඒවා වෙන වෙන අය ශදම ඔමඉැ දැම්මනේ. ඒවා බොහෝ දෙනෙක් නැරඹුවා. ඉතිං අපි හිතුවා අපේම කියලා වැඩක් පටන් ගන්න.
ඇයි මේ වැඬේ මේ කාලෙම පටන් ගත්තේ?
හේතු කිහිපයක් තියෙනවා. අපිටත් මේ ටිකේ විවේකයක් ලැබිලනේ තියෙන්නේ. ඒ වගේම අපේ රසිකයොත් මේ දවස්වල වැඩිපුර ඉන්නේ ගෙවල්වල. ඒ හින්දා තමයි මේ වැඬේ මේ කාලෙම පටන් ගත්තේ.
කොහොමද අලුත් වැඬේට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් බොහොම හොඳයි. හැබැයි අපේ වැඬේ හොඳද නැද්ද කියන එක බලන අයම තමයි තීරණය කරන්න ඕනෑ.
එතකොට කොහොමද මේ වැඬේ සිද්ධ වෙන්නේ. කවුද මේකේ තිර පිටපත ලියන්නේ?
ගිරිරාජ් තමයි පිටපත ලියන්නේ. අපි දෙන්නා එක්ක කතා කරලා රඟපානවා.
මේ වැඬේට සම්බන්ධ වෙන කණ්ඩායම ගැන කතා කළොත්?
එහෙම ලොකු කණ්ඩායමක් නැහැ. කැමරා ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ආලෝක මල්ලි ඉන්නවා. අපේ පවුල් දෙකේ කට්ටිය තමයි මේ වැඬේට අවශ්‍ය ඉතිරි සහයෝගය ලබා දෙන්නේ.
ඉදිරියට මේ වැඬේ කොහොමද කරන්න හිතා ගෙන ඉන්නේ?
සතියක් ඇර සතියක් හැම සිකුරාදටම අලුත් වීඩියෝ එකක් දාන්න තමයි අපි දැනට හිතා ගෙන ඉන්නේ.
ඒ කියන්නේ මේ දවස්වල වෙන වැඩ කරන්නෙම නෑ කියන එකද?
මෙහෙමයි. වේදිකා නාට්‍ය තවම පෙන්වන්නේ නැහැනේ. ඒ හින්දා විවේකයක් තියෙනවා. මම රඟපෑව අකුරු මැකී නෑ කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම ගිරිරාජ් අධ්‍යක්ෂණය කරපු අතුරු මිතුරු කියන චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. ඊට අමතරව මම රඟපෑව පාස්පෝට් චිත්‍රපටයත් ඉදිරියේදි දැක ගන්න පුළුවන් වේවි.
චන්දන පොන්නම්පෙරුම











