රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්‍රධාන පෙළේ පුද්ගලයන් 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතට පත්ව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.Sri Lanka Latest News
පැවැති ආණ්ඩුව යටතේ මෙම ව්‍යාපාරිකයන් දේශපාලන හිතවත්කම් මත සහ විවිධ රෙකමදාරුකම් මත බිලියන ගණනින් ණය ලබාගෙන ඇති බවත්, එම ණය ගෙවීම පැහැරහැර ඇති බවත් වසර ගණනාවක සිට හිටපු මැති ඇමැතිවරුන් විසින් කර තිබූ චෝදනාවක් විය.
එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වත්මන් ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියා සිටියේ හැකි නම් එම ණය පැහැරහැරි ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කරන ලෙසටය.
ඒ අනුව අපට දැනගන්නට ඇත්තේ එසේ ණය පැහැරහැරි ප්‍රධාන 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවකි.
එම නම් ලයිස්තුවේ පසුගිය ආණ්ඩු කාලයන්හිදී විවිධ තනතුරු දැරූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුද සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීන්දුව පිළිබඳය.










