ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළඟින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ නිල නිවසින් ඉවත් කිරීමෙන් පසු තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.
මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට තනතුර අහිමිවීමෙන් පසුව ”මහින්ද සුළඟ” ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.










