• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පටන් ගැන්මට හොඳම තැන වංගෙඩිගල

July 16, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
පටන් ගැන්මට හොඳම තැන වංගෙඩිගල
Share on WhatsAppShare on Facebook

Hiking කරන්න ඉන්න beginner කෙනෙක්ට යනවනම් සුදුසුම තැනක් තමයි වංගෙඩිගල. ලංකාවේ 13 වැනියට උසම කඳුපංතිය වන ගොම්මොලිය කඳුපංතියේ වංගෙඩිගල සහ වංගෙඩිකන්ද පිහිටා ඇත. ලංකාවේ කඳු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රිය මෙන්ම තරමක දුෂ්කර හයික් එකක් වන වංගෙඩිගල තරණයෙදී බලතුඩුව කන්ද, ගොම්මොලි කන්ද, බෙරගල, සමනලවැව, හපුතලේ සහ හොර්ටන්තැන්න යන ස්ථාන දැකබලා ගැනීමට හැකියාව ලැබෙයි. වංගෙඩිගල පිහිටා ඇත්තේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට වන්නටය.

කොහොම හරි අපේ කට්ටියම නිවාඩු දවසක මෙම ගමන යාමට තීරණය කළෙමු. පළමුව මෙම ගමන සඳහා අවශ්‍ය වන බඩු මුට්ටු සොයා ගැනිමට ඒ තරම් අමාරු වුනේ නැහැ. මොකද මාගේ මිතුරෙකු වාසය කරන්නේ මෙම වංගෙඩිගල කන්ද ආසන්නයේ නිසාවෙනි. අප දුරකථන සංවාද වලින් කතා කර ගත් පරිදි සියලුම බඩු සුදානම් කර ගතිමු. මෙම ගමන සඳහා මාගේ මිතුරන් දොළොස් දෙනෙකු සහභාගි විය.

කොළඹින් හයදෙනෙකු හා හල්දුම්මුල්ල ප්‍රදේශයේ මාගේ යහලුවන් හයදෙනෙකුත් සමඟ පෙර කතා කර ගත් පරිදි මෙම ගමන සෙනසුරාදා හා ඉරිදා දින යොදා ගැනිමට තීරණය කළෙමු.
සුපුරුදු පරිදි අප හපුතලේ බලා යාමට තීරණය කළේ කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙනි. කෙමෙන් කෙමෙන් රඹුක්කන පසු වෙනවා සමඟ අප ගමන් ගත් දුම්රියේ කාර්මික දෝෂයක් මතු වු නිසා මුළු දුම්රියේම ආලෝක පහන් නිවි ගියේ අපගේ සුන්දර සංගීතය එක්කය. පසුව කොහොම හරි අප පේරාදෙණියට පැමිණියේ පැය එකා මාරාක් ප්‍රමාදයක් සමඟිනි.

පේරාදෙණියෙන් කාර්මික දෝෂයකට ලක් වුණු එන්ජිම ගලවා වෙනත් එන්ජිමක් සවි කළේ අලුයම් කාලේයේය. නැවත සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වුණත් නාවලපිටියෙන් එහා ඇද හැලුණු පොඩි වර්ෂාවෙන් රේල් පිලී දෙපස මාර්ගයේ ලිස්සන සුලු වීම නිසා දුම්රිය ලිස්සන්නට විය. පැය හතරක පමණ ප්‍රමාදය සමඟ බදුල්ල බලා ගමන් කළේ සුන්දර හිරු උදාව සමඟය. ඒ හැඟීම නම් වචන වලට විස්තර කිරීමට නොහැකි තරම් අති සුන්දරය. කෙමෙන් කෙමෙන් හපුතලේ දුම්රිය ස්ථානයට ආ අප උදෑසන දහය පමණ වන විට හල්දුම්මුල්ල නගරය බලා බස් රථයකට ගොඩ වුණේ බලාපොරොත්තු රැසක් සමඟිනි. හල්දුම්මුල්ල නගරයට ළඟා වුණු අපි එම බස් රථයෙන්ම අප ගමන් ආරම්භ කරන කළුපහන පාලම ළඟට යෑමට තීරණය කළේ කාල වේලාවන් මදි වූ නිසාවෙනි. මන්ද අපට ඒ වන විටත් බොහෝ වේලාවක් ප්‍රමාද වී තිබිණි. කොහොම හරි අප කලුපහනෙන් බැස දිය නා වෙහෙස මහන්සිය නිවා ගත්තේ ලංකාවේ 13 වැනි තැනට උස වංගෙඩිගල කඳවුරු රාත්‍රික් ගත කිරිමටය. එම රාත්‍රිය සඳහා අවශ්‍ය සියලුම බඩුත් රැගෙන අප කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලම ගමන පටන් ගත්තේ බොහොම ජවයකිනි. ටික දුරක් ගමන් කරන විට මෙම කන්දට යන පාරක් හා බඹර කන්ද දිය ඇල්ලට යන මාර්ගයක් හමු වේ. ෆයිනස් කැලේ මැදින් ගමන ටිකක් බොහොම මන්දගාමී වන්නේ කන්දේ බොහොම අසීරුම හරිය පටන් ගන්න නිසාය. කොහොම නමුත් මෙම කන්ද නැග්ග තරුණියක් අප හා පැවසුවේ මෙහි දේශගුණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා කියාය.

පැය හතරක පමණ කාලයක් තුළ අපට කන්දේ මුදුනට ලඟා වන්නට හැකි විය. කන්ද මුදුනට පෙනෙන ඈතින් තියෙන කඳු හා කොළඹ බදුල්ල මාර්ගය හොඳින් මෙම කන්දට දිස්වේ. ඒ සුන්දරත්වය වචනයෙන් කිව නොහැකි තරම් අති සුන්දරය. කොහොම නමුත් අප ගමනට පෙර සූදානම් කර ගත් පාන් සහ පරිප්පු කන්ද උඩට ගොස් ආහාරයට ගත් අපි මීලඟට සැරසුනේ කුඩාරම් හා ගිනි මැල සූදානම් කර ගැනීමටයි. කණ්ඩායම් වශයෙන් බෙදී කූඩාරම් ගිනිමැලය සහ රාත්‍රී ආහාර ඉතා ඉක්මනින් සූදානම් කර ගත්තේ අප කන්ද උඩට නඟින විටත් වංගෙඩිගල ප්‍රදේශයට සවස් වී තිබුණු නිසාවෙනි. අඳුර වැටෙනවාත් සමඟ අප සුදානම් කර ගත් ගිනිමැලය පත්තු කර බොහොම විනෝදයෙන් ගිනිමැලය වටා එක් රොක් වී ගිත ගායනා කළෙමු. පොද වැස්සක් වැටුණු නමුත් එය අපේ විනෝදයට කිසිම බාධාවක් නොවීය. පසුව අප රාත්‍රී ආහාරයට ගෙන ආ නුඞ්ල්ස් ආහාරයට ගෙන සියලු දෙනා කුඩාරම් වලට ගොස් නින්දට වැටුණේ ජිවිතයේ තවත් සුන්දර අත්දැකීම් සමඟිනි.

පසු දින උදැසනම අප අවදි වුණේ වංගෙඩිගල කන්දට වැටෙන හිරු උදාව සමඟය. ඈතින් බඹර කන්ද දිය ඇල්ල, ලංකා ඇල්ල, ඉදල්ගස්හින්න කන්ද සහ හම්බන්තොට ප්‍රදේශය හොඳින් දිස් වේ. නැවතත් අපගේ කුඩාරම් හකුලා අප සිටිය තැන පිරිසුදු කර කන්ද පහළට ගමන් කළෙමු. අපගේ උදෑසන ආහාර වේල අප සකස් කර ගැනීමට සුදානම් කර තිබුණේ කන්ද මගක් දුරට යන විට තියෙන කුඩා දිය පාරක් ළඟය. කොහොම නමුත් පැය දෙකක් පමණ යන විට එම දිය පහරට ළඟා වුණු පසු මඳක් ගිමන් හැර ආහාර වේල සකස් කරන්න විය. අප කණ්ඩායමේ සාමාජිකයකු ගෙන ආ නයි මිරිස් අප සකස් කර ගත් නූඞ්ල්ස් එකට දැමීමට අමතක කළේ නැත. ඒ ආහාර වේල නම් කිසිදා අමතක වෙන්න නැත. අපට කන්ද පහළට යෑමට පැයක පමණ කාලයක් තිබූ නමුත් වර්ෂාවෙන් අපට එම ගමනට බාධා විය. ඉන් පසු අපට එකා පසු එකා දුවන්නට සිදු වුණේ වර්ෂාව පායන තුරු ඉන්නට තැනක් නොතිබුණ නිසාවෙනි. අප සියලුම දෙනාම කලුපහන පාලම ළඟට එක් වුණු පසු ඇඟේ එල්ලුණු කූඩැල්ලන් ගලවා වර්ෂාව තුරන් වීමෙන් පසු කලුපහනින් දිය නා සියලුම දෙනා කොළඹ බලා පැමිණියේ ජිවිතයට එකතු කර ගත් මතකයන් ගොඩක් සමඟය.
මලිදු කනිෂ්ක

SendShareShare
Previous Post

අගමැති අද සිට යළි ජන්ද සටනේ

Next Post

බයවෙන්න එපා: පවිත්‍රා-ෂවේන්ද්‍ර-ජාසිංහ-පාදෙණිය අරලිය ගහ මැදුරේදී කියති

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.