කොරෝනා වයිරසයේ පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් තබා ගත යුතු නැති බවත් අද (16) දින අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී අවධාරණය කෙරිණි.
අගමැති මහනිද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව අවධාරණය කර සිටියහ.
මේ වනවිට රට පුරා විවිධ කටකතා පැතිරෙමින් යන බවත්, ඒවාට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටි මෙම ප්‍රධානීන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපදින ලෙසට ඉල්ලීමක්ද කළේය.
කෙසේවෙතත් මෙවර පැතිරීම සිදුවූයේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නොව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බවද හමුදාපතිවරයා එහිදී සදහන් කර සිටියේය.










