සජිත් ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ් අනුව අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව දැනගන්නට තිබේ.
මෙවැනි ආකාරයේ විශාල මුදල් සම්භාරයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් රැසකගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව අගමැතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.










