එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග ජනාධිපතිවරයාද ඊට මැදිහත් වී ඇති බව වාර්තා වේ.
ඒ් අනුව මුලින්ම කරුණාායක මහතා සමරවීර මහතාගෙන් විමසා ඇත්තේ එජාප මන්ත්‍රිවරුන් 5 දෙනකු හට බාර් ලයිසන් ලබා දීමට කටයුතු කොට තිබේද යනුවෙනි.
එහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශ කොට ඇත්තේ එවැන්නක් සිදුවී ඇතිනම් එය රජයේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට එරෙහි ක්‍රියාවක් යැයි කියාය.
කෙසේවෙතත් සමරවීර මහතා මෙහිදී තමන්ට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් 5 දෙනකුගෙන් එවැනි ඉල්ලීම් ලැබී ඇති බවත්, ඉන් එක් අයකුට පමණක් බාර් ලයිසන් ලබා දීමට තමන් කටයුතු කළ බවත් පිළිගෙන ඇත.