විනය පරීක්ෂණ සදහා අද (27) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පෙරවරු 11ට පැමිණෙන ලෙස අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් හට දැනුම් දී තිබුණද ඔවුන් දෙදෙනාම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇත.
ඒ අනුව දෙදෙනාම අද දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ නැත.
කෙසේවෙතත් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සුජීව සේනසිංහ මහතා සහභාගීව ඇති අතර එහිදී තමා විනය මණ්ඩලය හමුවට නොපැමිණෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී ඇති බව පැවසේ.
තමාට වඩා විනය පරීක්ෂණ පැවැත්විය යුතු පුද්ගලයන් පක්ෂය ඇතුළේ සිටින බවත්, මුලින්ම ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවත් එහිදී සුජීව සේනසිංහ මහතා පක්ෂ මහලේකම්වරයාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
අකිල අන්තිම දින දෙයි
කෙසේවෙතත් ලබන සැප්තැම්බර් 09 වන දිනට ප්‍රථම විනය කමිටුව හමුවට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙහිදී පක්ෂ මහලේකම්වරයා සුජීව සේනසිිංහ මහතාට දැනුම් දීමක් කැර ඇත.