ආණ්ඩුව රටට ඉදිරිපත් කරන කොරෝනා ගණන් හිලව් සම්බන්ධයෙන් සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව කී කිරිඇල්ල මහතා ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා අවස්ථා කිහිපයකදීම වැලිසර කදවුරේ ගණන් ප්‍රමාණයන් තමන්ට ලබා නොදුන් බව ප්‍රකාශ කළ බවකි.
මාධ්‍යට හෝ තමන්ට මේ පිළිබද ගණන් හිලව් සකස් කළ නොහැකි බවත්, ඒවා සිදු කළ යුත්තේ පිළිගත් වෛද්‍යවරුන් විසින් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තුව පැවතියේ නම් ආණ්ඩුව කියන මේ ගණන් හිලව් කිරා මැන බැලීමේ හැකියාව පවතින බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම තත්ත්වය පිළිගෙන ඇති බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.











