උසස් පෙළ ශිෂ්‍යයෙක් වන වෙනුර විජේසේකර සිසුවා නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේ ජනාධිපිති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත.
සිසුවා සිය නිර්මාණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම උපකරණය පරීක්ෂා කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
පාසැල් දරුවන් මෙවැනි නව නිර්මාණ කිරීමට පෙළඹීම ඉතා අගය කොටසැලකූ ජනාධිපතිවරයා තවත් නව නිපැයුම්වල නියැලීමට ඔහුට මගපෙන්වීම ලැබිය යුතු බව සදහන් කර සිටියේය.
වෙනුර විජේසේකර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී.
ඔහු නිර්මාණය කර ඇති වෙද නලාව රැහැන් රහිතව භාවිතා කළ හැක. ඒ නිසා දුරස්ථභාවය රකිමින් රෝගීයා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට පිළිවන.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.












