• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කරීනට තාම විස්සයි

July 12, 2020
in Heart
Reading Time: 1 min read
A A
කරීනට තාම විස්සයි
Share on WhatsAppShare on Facebook

මගේ කුලුඳුල් රූගත කිරීම සිදුවූයේ ‘රෙෆියුජී’ චිත්‍රපටය වෙනුවෙනි.
එය යෙදී තිබුණේ හිමිදිරි උදෑසන හිරු නැඟ එන යාමයේ 4 පසුවී විනාඩි ගණනකදීය.
ඒ උදෑසන මම කැඩපත ඉදිරියට වී කරීනා කපූර් සමඟ පැහැදිලිව අදහස් හුවමාරු කරගනිමි.
කියන්න, මේ මම ගත්තේ මගේ ජීවිතය වෙනුවෙන් ගතයුතු හරි තීරණයද කියා ඇගෙන් ඇසුවෙමි.
ඇගේ මුහුණ පුරා සතුට මුසු ආශ්වාදය පිරී ඉතිරිණි. එය මගේ ප්‍රශ්නයට ඇතුළත් කදිම උත්තරය විය.
‘ඉතින්…’
ඒ පිළිතුරෙන් පසු මම මගේ රංගන දිවිය සඳහා පළමු පියවර තැබුවෙමි.
ඒ ජයග්‍රාහී ආරම්භක පියවර තබා ගෙවී යන ‘විසි වසරක සම්පූර්ණත්වය තුළ මම අද අසීමිත තෘප්තියට පත්ව සිටිමි.
එදා ‘රෙෆියුජී’ වෙනුවෙන් මා සමඟ අත්වැල් බැඳ සිටි සෑම දෙනෙකුටම ස්තුතිවන්ත වෙමි.
බලාපොරොත්තු නොවූ දේ පවා මා වෙත ලබා දීම ගැන දෙවියන්ටත් මගේ දෛවයටත් ප්‍රශංසා කරන්නෙමි.
කරීනා කපූර් සිය ඉන්ස්ටර් ග්‍රෑමයෙහි පසුගිය දවසක එවැනි සටහනක් මුදා හැර තිබුණේ තම සිනමා ජීවිතයට වසර 20ක් පිරීම නිමිත්තෙනි.
කරීනා කපූර් ඛාන් ඉතා නිහතමානීව කියා සිටියේ ‘රෙෆියුජී’ දුන් ආරම්භයක් සමඟ තමා වෙත ඉහළ ගණයේ ළා හැකි සුපිරි චිත්‍රපට පෙළක් හඹා ආ බවය. ඒ අතර අශෝකා, කවි කුෂි කබි ගම්, බමේල් සහ ඕම්කාර ඉතාම සුවිශේෂී වගද කරීනා පුන පුනා කීවාය.
නිහතමානී සරල තරුවක වූ අභිෂේක් මෙහිදී ඔබ ගැන මට අමතක කරන්නට බැරි තරම්ය. ඔබ මගේ සම තරුවයි.
යනුවෙන්ද කරීනා සිය ඉන්ස්ටර් ග්‍රෑමයෙහි සඳහන් කර තිබුණේ ‘රෙෆියුජී’ හිදී ඔහු තිළිණ කළ මිත්‍රශීලී සහයෝගය නිසාය.
‘ජේ. පී. දත්තා මට ඔබව මතක නැහැ. ඔබ දුන් ගුරුහරුකම්වලට ස්තුතියි.
ප්‍රවීණ කලාකරු ජේ. පී. දත්තා වෙනුවෙන් කරීනා සිය ස්තුතිය එලෙස අකුරුකර තිබිණි.
ඇතැමුන් සිතා සිටින යම් වැරැදි කාරණයක් ගැන මෙහිදී මම කතා කරන්නට කැමැත්තෙමි.
කපූර් පෙළපත නිසා ‘කරීනා කපූර්’ තම ජයග්‍රහණය තහවුරුකර ගත්තාය කියන කතාව කිසිවකු හෝ කියන්නේ නම් මම එයට මෙවැනි පිළිතුරක් දෙමි.
නෑකම ගැන සඳහන් කරන්නේ නම්, මම රාජ් කපූර් නම් අසහාය මිනිසාගේ මිනිපිරියයි. රන්බීර් මගේ තාත්තාය. කරීෂ්මං මගේ සහෝදරයාය.
එහෙත්,
මේ කිසිවක් මගේ ජනප්‍රියත්වය සඳහා ඍජු හේතු පාඨයක් වූයේ නැති බව නිහතමානීව කියමි.
කපූර් පරම්පරාව මට ඉනිමඟක් ආකාරයට අත්වැල් සැපයුවද සම්පූර්ණ විසි වසරක් පුරා උතුරු ඉන්දීය සිනමාවෙහි ගිලිහී නොගිය තරුවක වීමේ වරම මට උදාවූයේ මෙම ගමන තුළ මා කළ කැපකිරීම් සහ වැය කළ මෙහෙය මහන්සිය නිසාය.
සාර්ථක තරුවක සතුවිය යුතු ප්‍රබලම අවියක් වන්නේ තමාට ආවේණික වූ ශිල්පය තුළ දැඩි කැපවීමකින් කටයුතු කිරීමය. ඒ සඳහා දරාගැනීම, ඉවසීම සමඟ සුහදව ආභාෂයන් සමඟ ගැවසීම සහ ඇසුරු කිරීමද අවැසි වෙයි.
කරීනා කපූර් ඛාන් ලෙස මම අද මේ මොහොතේ කියමි.
‘රෙෆියුජී’ අවසානයේ වසර 20ක් ගෙවී ගියද තවමත් කරීනා කපූර් සිය ප්‍රතිරූපය මත පලුදු නොවී සතුට සහ ජනප්‍රියත්වය සමග වසන්නේ පැරෂුට් ස්වරූපයේ තාරකාවක නොවූ නිසාය.
හදාරන්නට තවම බොහෝ දෑ ඇත. මම අංගසම්පූර්ණ යැයි සිතන්නට මම පැකිලෙමි.
මන්දයත් එසේ සිතන විට සාර්ථක වන්නට ඇහැකි බොහෝ තව තැන් මා වෙතින් ගිලිහී යනු ඇත.
කරීනා කපූර් ඛාන් තම ට්විටර් ගිණුමෙහි ඒ දිගු සටහන තබා තිබුණේ නවකයන් වෙනුවෙනි.
එම සටහන පාමුල අභිෂේක් බච්චන් මෙවැනි පිළිතුරු සටහනක් එක්කර තිබිණි.
මමද කරීනා සමගම ගමනට එක්වූ විසි වසරක තරුවකි. ඈ කී සියල්ල අසත්‍යයෙන් තොරය.
විනෝදය සඳහා පමණක් තරුවක නොවන්න, ඒ වෙනුවෙන් බොහොමයකි. අවධානයෙන් එය හඳුනාගන්න.
මේ සියල්ල සටහන් කරන අතර, මම මගේ සම තාරකාවියට, ඇගේ හෙට දවසට සුබ පතමි.
කරීනා ඔබට සුබ අනාගතයක්!
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගණිකාවක් වෙලා කෝච්චියට පැන්ණ ‘ගොළු හදවෙත්’ ධම්මි

Next Post

සල්ලි හොරා කාපු හිටපු ක්‍රිකට් ලොක්කෙක් ගැන ICCය සාක්ෂිත් එක්කම ලියුමක් එවයි (EXCLUSIVE)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.