• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි.ඒ. ජයතිලක මහතා පත්කෙරේ! Sri Lanka Latest News

August 12, 2025
in Business
Reading Time: 3 mins read
A A
ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි.ඒ. ජයතිලක මහතා පත්කෙරේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි. ඒ. ජයතිලක මහතා පත් කර ඇති අතර, එය මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස දැක්විය හැකි ය. දශක තුනකට වැඩි කාලයක් ලංකා බැංකුවේ සේවය කළ කීර්තිමත් වෘත්තිකයකු වන රසල් ෆොන්සේකා මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සිදු කෙරුණු මෙම පත්වීම,  ලංකා බැංකුව මෙතෙක් ක්‍රියාත්මක කළ ජාතික කාර්යභාරය තව දුරටත් ඉදිරියට කර ගෙන යාම සඳහා  ශක්තියක් වනු ඇත. 

මෙරට බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත ව  වසර 28කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු වන ජයතිලක මහතා, 1997 වසරේ දී කළමනාකරණ අභ්‍යාස ලාභියෙකු ලෙස ලංකා බැංකුව සමඟ එක් වූ අතර, ඒ මහතා, සහකාර මහා කළමනාකරු සහ නියෝජ්‍ය මහා කළමනාකරු යන ශ්‍රේණිවල දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත.

පුළුල් පරාසයක බැංකු මෙහෙයුම් කටයුතු පිළිබඳ ව මනා පළපුරුද්දක් සහිත ජයතිලක මහතා, ශාඛා මෙහෙයුම්, ණය මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණ සහ අය කර ගැනීම් ඇතුළු බැංකු කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකි. විදේශ විනිමය වෙළෙඳපොළ, මූල්‍ය වෙළෙඳපොළ, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන කළමනාකරණය,  භාණ්ඩාගාර මෙහෙයුම් සහ විදේශීය මෙහෙයුම් කටයුතු පිළිබඳ සිය සේවා කාලය තුළ මනා පළපුරුද්දක් ලබා ඇති ජයතිලක මහතා,  මූලික බැංකු පද්ධති, වෙළෙඳ මූල්‍ය සේවා, Work Flow Automation සහ Mobile Banking App ආශ්‍රිත ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී  සිය නායකත්වය ලබා දී ඇති අතර, ඒ මහතා,  නිමැවුම් හා සේවා සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය යන අංශ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

ජයතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර (මූල්‍ය) පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. එමෙන් ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු වන ඒ මහතා, බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත. මීට අමතර ව ජයතිලක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව මෙන් ම ප්‍රංශයේ INSEAD විශ්ව විද්‍යාලයේ උසස් කළමනාකරණ පාඨමාලාව (AMP) සාර්ථක ව සම්පූර්ණ කර ඇත.

ලංකා බැංකුව තුළ දැරූ විධායක භූමිකාවට අමතර ව ජයතිලක මහතා, Property Development Limited, Hotels Colombo (1963) Limited, BOC Property Development and Management (Pvt) Limited, Ceybank Holiday Homes (Pvt) Limited, BOC Management and Support Services (Pvt) Limited, සහ ශ්‍රී ලංකා Fintec සංසදය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතාගේ නායකත්වය යටතේ, නව පරිච්ඡේදයක් කරා පා තබමින්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාප්තිය පුළුල් කිරීමට ද ගනුදෙනුකාර සේවා ආශ්‍රිත විශිෂ්ටත්වය හා ඩිජිටල්කරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ද ලංකා බැංකුව අරමුණු කරයි.

SendShareShare
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සේවා විශිෂ්ටත්වය පුළුල් කරමින් එහි නවතම ශාඛාව නුගේගොඩ  දී විවෘත කරයි! Sri Lanka Latest News

Next Post

සන්තාන මල් – ඉමේෂ් සංදීප! Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.