වර්ෂ 2016-2020 විශ්‍රාමිකයින්ට හිමි වැටුප වත්මන් ආණ්ඩුව මගින් කප්පාදු කිරීමටත්, ලැබීමට නියමිතව තිබූ වැටුප් වැඩිවීම ලබා නොදීමත්, විශ්‍රාමිකයන්ගේ තැන්පතු සඳහා ලබා දෙමින් තිබූ පොලී අනුපාතය එකට එකකින් පමණ අඩු කිරීමට සැලසුම් කිරීමටත් එරෙහිව ජූලි 08 දින රටපුරා දිස්ත්‍රික්ක 15ක සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්විණි.
කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, බදුල්ල ආදී ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම සත්යග්රහ ව්‍යාපාරය පැවැත්විණි.
දේශප්‍රේමී ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ ජීවිත අනතුරේ හෙළයි.., ආණ්ඩුවේ නොහැකියාවට විශ්‍රාමිකයා බිලි නොදෙනු.., මන්ත්‍රීට වසර 5 කින් විශ්‍රාම වැටුප් – රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදුවට.., ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා කෙරෙන පොලී කප්පාදුව වහා හකුළා ගනු.., අයුක්ති සහගත ලෙස උදුරා ගත් විශ්‍රාම වැටුප වහා දෙනු.., ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සත්යග්රහකරුවෝ විරෝධය පෑහ.
කොළඹදී පැවති සත්‍යග්‍රහය සඳහා විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු, මහින්ද ජයසිංහ සහ එම සංවිධානයේ නියෝජිතයින් වන කේ. සරත්ලාල් පෙරේරා, යූ. පලිහවඩන සහභාගී වී සිටියහ.
















