පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකු තමන්ගේ ජායාරූපයක් ගත් බව කියමින් ඔහුව පොලිස් මුරපොළ වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීව මහතාගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලාගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන යන අයුරු දක්නට ලැබුණු බව දැනගන්නට ඇත.
රංගජීව මහතා අද පස්වරුවේ පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට ද නියමිතය.










