ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් විසින් සංවිධානය කරන්නා ‘Healthy Cook-Off’නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙල කිරීමේ තරගය සඳහා ඉදිරිපත් වීමට මෙරට සියලු ආයතන සඳහාද දැන් අවස්ථාව විවෘත කර ඇත. AIA ඉන්ෂුවරන්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගිත්වයෙන් නොබෝදා පැවති මෙහි මූලික තරගය ඉතා සාර්ථකව පැවැත්විණි.
කොවිඞ් අර්බුදයේ ආරම්භයට දින කිහිපයකට පෙර HealthRecon Connect සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පවත්වන ලද Cook-Off තරගය සඳහා සූපවේදීන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් තරග කරන ලදී. ඔවුන් වඩාත් පෝෂ්‍යදායී මෙන්ම නැවුම් වූ ආහාර වේල් කිහිපයක් පිළියෙල කරන ලද අතර කීර්තිමත් දේශීය සූපවේදිනියක් වන චතුරිකා අනුරාධා මහත්මිය විසින් මෙම තරගය විනිශ්චය කරන ලද අතර ජයග්‍රාහී කණ්ඩායම් විසින් වටිනා ත්‍යාග වවුචර දිනා ගන්නා ලදී.මෙම තරගයේ අරමුණ වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට පෝෂ්‍යදායී මෙන්ම නැවුම් සහ සමබර ආහාර අනුභවය උනන්දු කරවීමයි. HealthRecon සහ AIA ඉන්ෂුවරන්ස්හි සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් සිදුකෙරුණේ සේවකයින් කෙතරම් කාර්යබහුල වුවද ඔවුනට සෞඛ්‍ය සම්පන්න මෙන්ම රසවත් ආහාර වේලක් පිළියෙල කරගැනීමේ විවිධ ක්‍රම ඇති බව තහවුරු කිරීමටයි.











