ශ්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා මණ්ඩල පරිශ්‍රයන් තුළ පවත්වාගෙන යනු ලබන ආපනශාලාවන් සෞඛ්යාරක්ෂිත ආපනශාලාවන් ලෙස පවත්වාගෙන යායුතු බවට වන රජය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා දියත් කළ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්රිස්බ්රෝ සමාගම සිය ප්‍රසාදය පළ කළේය. මීට අදාළ චක්‍රලේඛයක් මගින් ආපනශාලා පවත්වාගෙන යෑමේදී පිළිපැදිය යුතු නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශය අතර බෝ නොවන රෝග හා ස්ථුලතාවයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් පිළිගැන්විය යුතු බවට වන ප්‍රමුඛතම නියෝගය මෙරට මන්දපෝෂණය හා ස්ථුලතාවය අවම කරමින් සෞඛ්‍ය සම්පන්න රාජ්‍ය සේවාවක් නිර්මාණය කර ගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් දක්වනු ඇති බව ක්රිස්බෝ සමාගම විශ්වාසය පළ කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි පවත්වාගෙන යනු ලබන සියලු ආපනශාලා සඳහා නිකුත් කරනු ලැබූ මෙම චක්‍රලේඛයට අනුව දිනපතා පිළිගන්වනු ලබන ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතු බව දක්වා ඇති අතර මස් මාළු හෝ බිත්තර අනිවාර්යයෙන්ම තිබිය යුතු බව දක්වා ඇත. එමෙන්ම අඩංගු වන මස් හෝ මාළු ප්‍රමාණය අවම වශයෙන් ග්‍රෑම් 30ක් බවද මෙම චක්‍ර ලේඛයෙහි සඳහන්ව ඇත.











