• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කහ ගහේ සැඟවුණු කතාව

July 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කහ ගහේ සැඟවුණු කතාව
Share on WhatsAppShare on Facebook

අපේ සමාජය තුළ පසුගිය මාස දෙක තුන තුළ වැඩි වශයෙන්ම කතාබහ කෙරුණු වචන කිහිපයක් විය. ඒ කොරෝනා, නිරෝධායනය, කොත්තමල්ලි සහ කහය. එකිනෙකට වෙනස් වචන කිහිපයක් වෙන එයින් මුල් වචන තුන ගැන අප ඕනෑවටත් වඩා කතා කර ඇත. එහෙත් කහ යන වචනය ගැන අප එතරම් කතා කර නැත. එහෙත් දැන් අප ඒ ගැන කතා කළ යුතුමය. ඊට හේතුව කහ වගා කරන අපේ රටේ ඉතා දරුණු කහ හිඟයක් ඇතිව තිබීමයි. සැබෑවටම කහ යනු ශ්‍රී ලාංකීය දේශීය ආහාර සහ අපගේ සෞඛ්‍ය සංස්කෘතිය අනුව ඖෂධීය ගුණැති කුළුබඩුවක් සේම විෂබිජ පවා නසන පිරිසුදුකාරකයකි. ඊටත් අමතරව කහ යනු ආහාර සංස්කෘතියේ එන ඉතාම වැදගත් කුළුබඩුවකි. එහෙත් මේ ලියන මොහොතේ පවා අප රටේ දරුණු කහ හිඟයක් ඇතිවී තිබේ. ඉතින් මේ ලියවෙන්නේ නිවෙසක තිබියම යුතු එහෙත් දැනට නැති කහ කෑල්ලේ ඇත්තම කතාවය.
මුලින්ම අප කහ ශාකය පිළිබඳව කතාබහ කළහොත් එය අයත් වන්නේ “සින්ජිබරේසියේ” ශාක කුලයටය. එය “රයිසෝම” මාදිලියේ හෙවත් මුලෙහි අල දරන ශාකයකි. විටෙක පිරිසුදුකාරකයක් ලෙසත් තවත් විටෙක විෂබීජ නාශකයක් ලෙසත් එමෙන්ම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම ආයුර්වේද ඖෂධයක් ලෙසත් කහ භාවිතා කරයි. තවද කහ යනු පිළිකා වර්ධක සෛල විනාශ කිරීමේ ගුණයෙන් පොහොසත් ශාකයකි. කහවල ඇති “කකරියුමින්” නම් සංඝටකය පිළිකා වර්ධක සෛල විනාශ කිරීම ඊට හේතුවයි. මේ අතර ශ්‍රී ලාංකීය කහවල එම ගුණය 4%කි. ඉන්දියානු කහවල එය 2%කි. එම නිසාම මෙම කහවලට වෙන රටවලින් පවා ඇත්තේ මහත් ඉල්ලුමකි. අප දන්නා පරිදි සාර්ථකව කහ වගාවක් කිරීමට මහා වියදමක් යන්නේ නැත. එය කහ වගාකරන කහ ගොවියන්ගේ පැත්තෙන් මහත් වාසියකි. එමෙන්ම කහ වගාව මහා පරිමාණයෙන් වුවද සිදුකළ හැකිය. සැබෑවටම කහ වගාව සැලකෙන්නේ අඩු වියදමින් කර වැඩි වාසියක් ලබාගත හැකි වාසිදායක වගාවක් ලෙසිනි.
අප දන්නා පරිදි දැනට ලෝකයේ ලොකුම කහ නිෂ්පාදකයා වන්නේ අසල්වැසි ඉන්දියාවය. ඔවුන් ලෝකයේ කහ සැපයුමෙන් සියයට 75%ක් පමණ සපයනු ලබයි. ඉන්දියාවට අමතරව ජැමෙයිකාවත් හයිටි සහ පේරු රාජ්‍යයද ලෝක කහ සැපයුමෙහි ප්‍රබලයෝය. මැදපෙරදිග රටවල් උතුරු අප්‍රිකානු රටවල් සහ ඉරානය, ජපානය මෙන්ම ශ්‍රී ලංකාවද මේ දක්වා කහ සපයාගන්නේ ඉහතින් කී එම රටවලින් ආනයනය කිරීමෙන් පසුය. එහෙත් අප අද දැනගෙන සිටිය යුතු කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේද කහ වගා කළ හැකි බවයි. එසේ තිබියදී අප මීට ඉහතදී කහ ආනයනය කළේ කලින් කී රටවල්වලිනි. මෙම කහ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අමු කහ, වියළි කහ, කහ පෙති, කහ කුඩු සහ කහ තෙල් ආදී වශයෙන් බොහෝ නිෂ්පාදන කෙරෙන අතර වියළි දේශගුණයක් යටතේ කහ වගාව සාර්ථකව සිදුකළ හැකිය. දැනටත් වාණිජ මට්ටමේ ඉතා විශාල කහ වගා බිම් ශ්‍රී ලංකාව පුරාම දැකිය හැකිය. එහෙත් පසුගිය වසරවලදී මෙම කහ පිටරටින් ආනයනය කිරීමත් සමඟ එය දේශීය කහ වගාවට මරුපහරක් විය.
ශ්‍රී ලාංකීය දේශීය පරිභෝජනය සඳහා වසරකට වියළි කහ මෙටි්‍රක් ටොන් 6800ක් පමණ අවශ්‍ය බව දැනට රහසක් නොවේ. නමුත් අපේ දේශීය අමු කහ නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 7747ක් පමණි. එය අපේ රටේ කහ ඉල්ලුම සපුරන්නට ප්‍රමාණවත් නොවේ. එම නිසා වසරකට වියළි කහ මෙටි්‍රක් ටොන් 4700ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් පිටරටින් ආනයනය කිරීමට රජයට සිදුවෙයි. අප මුලදී සඳහන් කළ පරිදි මෙරටට කහ ආනයනය කෙරෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එහෙත් දැන් එසේ කෙරෙන්නේ නැත. ශ්‍රී ලාංකීය කහ හිඟයේ මුල එතැනය. ඊට මූලික හේතුව වන්නේ 2019 දෙසැම්බර් 05 වැනිදා රටට කහ ආනයනය නොකිරීමට පැනවූ නීතියයි. අපේ දේශීය කහ ගොවියා ශක්තිමත් කිරීමට ගෙන ආ එම නීතිය උඩ දැනට රටේ මහා කහ හිඟයක් ඇතිව තිබේ. තවද ලෝකයටම බලපා ඇති “කොරෝනා” වෛරස් වසංගතයද මීට තවත් අමතර හේතුවකි. අප රටේ මෙතරම් කහ හිඟයක් නිර්මාණය වූයේ එම හේතු නිසාය.
කහ ශාකයේ ඖෂධීය ගුණය ගැන පැවසීමේදී විෂබිජ නාශක ගුණය එහි අනෙකුත් ගුණයන්ට වඩා ඉතා ඉහළය. එමෙන්ම ශරීර අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවත් ඇතිවෙන දීලිර, බැක්ටීරියා සහ වෛරස් ආසාධන සඳහා කහ ගුණදායකය. ආයුර්වේදය තුළ කහ ඒකිය ඖෂධයක් ලෙසත් ඖෂධ සංයෝගයක් ලෙසත් භාවිතා කරන්නේ ඒ අපූර්ව මෙන්ම විශ්මිත ගුණය නිසාය. ප්‍රධාන වශයෙන් කහ වර්ග හතරක් පමණ මෙරට ඇති අතර ඒවා වන්නේ හරිද්‍රා, කර්පුර හරිද්‍රා, ආම්රගන්ද සහ හරන්ය. මනාව වැඩුණු කහ අලයක් රතු පැහැයට හුරු අතර කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ අල ඖෂධීය ගුණයෙන් ඉහළ බව පැවසෙයි. වාතය සමනයට ඉතාම ගුණදායක කහ ශරීරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරීමටත් කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරීමටත් යොදාගනියි. ආහාර අරුචිය අවස්ථාවකදී ආහාර රුචිය ඇති කිරීමටද කහ ඉතා යෝග්‍ය ඖෂධයකි. තවද කහ යනු ලොකු කුඩා සියලු වයස්වල පසුවන අයගේ පණුරෝග සමනයටද වඩාත් යෝග්‍ය බව රහසක් නොවේ.
මේ අතර රුධිරයේ ඇති සුදු සෛල වැඩි කිරීමේ ගුණයකින් යුතු මෙම කහ ඇදුම රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට මී පැණි සමඟ මිශ්‍රකර ලබාදීම යෝග්‍ය වේ. පුරස්ථිත ග්‍රන්ථි ඉදිමෙන රෝගී තත්ත්වය සඳහාද කහ භාවිතය ගුණදායක අතර අප කන මල් ගෝවා ව්‍යංජනයට කහ වැඩිපුර දමා ආහාරයට එකතුකර ගැනීමෙන් පුරස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්වයන් පාලනය කරගත හැකිය. ස්වාභාවික ලෙස අක්මාවේ ඇතිවන විෂ තත්ත්වයන් ඉවත්කර රුධිරය පිරිසිදු කිරීමටද කහ ගුණදායක බව පැවසෙයි. තවද ශරිරයේ ඇතිවන කුෂ්ඨ සහ දද ආදියට පවා අමු කහ කොටා ගැල්වීම හෝ තම්බා වතුරෙන් සේදීම යෝග්‍යය. දිලීර ආසාධන වළක්වා ගැනීමට හීන් නිදිකුම්බා අමු කහ දමා තම්බා ඇත්තෝර කොළද අමු කහ සමඟ අඹරා තලපය ගැල්වීම සුදුසුය. එමෙන්ම ගංසූරිය කොළ සහ පොතු ගෙන අමු කහ දමා තැම්බු ජලය තුවාල සේදීම සඳහා භාවිතා කිරීම අතීතයේ සිටම සිදුකරන දෙයකි. සැබෑවටම එය එදාටම පමණක් නොව අදටත් වලංගු බව පැවසිය යුතුය.
මේ අතර කහවල තවත් ඖෂධීය ගුණ රැසක්ම තිබේ. විශේෂයෙන්ම ශරීරය තුළ ඇතිවෙන පැරණි තුවාල පටකවල නව පටක වැඩී එම තුවාල ඉක්මනින් සුව කිරීමටත් කහ උපකාරී වෙයි. ශරීරයේ දිලීර ආසාධන වළක්වා ගැනීමටත් හීන් නිදිකුම්බා අමුකහ දමා තම්බා ඇත්තෝර කොළද අමුකහ සමඟ අඹරා තලපය ගැල්වීම සුදුසුය. එමෙන්ම ආයුර්වේදය තුළ පෙන්වා දෙන්නේ සියඹලා කොළ අමුකහ සමව ගෙන තම්බා හෝ කොටා ශරීරයේ ගැල්වීම මඟින් ආසාත්මිකතා ආදිය අවම කරගත හැකි බවයි. තවද අපේ ශරීරයේ වේදනා සහිත ස්ථානවලට කහ කුඩු ස්වල්පයක් වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා එම වේදනා සහිත ඉදිමුම් ස්ථානයට පැලැස්තර යෙදීම මඟින් ගුණයක් ඇතිකර ගත හැකිය. අවසාන වශයෙන් කහ ශරීරයේ ගැල්වීමෙන් මැරුණු සම ඉන් ඉවත් වී යන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරීමේ විශේෂ වූ ආලේපනයක් ලෙසත් අකලට අපේ සම වයසට යෑම වැළැක්වීමේ අපූර්ව ඖෂධයක් ලෙසත් කහ භාවිතා කරයි. නමුත් ඊට වඩාත් යෝග්‍ය වන්නේ ස්වාභාවික අමු කහය. එහෙත් එකම අවුල යනු අද අපේ නිවෙසේ හැදෙන හොද්දකට දැමීමටවත් කහ හැන්දක් නිවෙස් තුළ නැතිවීමයි. එම නිසා කහ හිඟයට නම් පිළියමක් සෙවීම රජයේ ප්‍රමුඛ වගකීමකි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ආදරය හින්දා ජීවිතය කැපකළ නාලනී

Next Post

ඔබ දනවත් වෙන දවස ඔබව බලාගන්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.