• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ සතුන් සුරැකීමට විද්‍යාත්මක ක්‍රමවේදයක්! Sri Lanka Latest News

July 29, 2025
in Business
Reading Time: 10 mins read
A A
ශ්‍රී ලංකාවේ සතුන් සුරැකීමට විද්‍යාත්මක ක්‍රමවේදයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විද්‍යාත්මක හා මානුෂීය ක්‍රමවේදයන් තුලින් පරිසරය හා සතුන් සුරැකීමට මැදිහත්වන ලෙස බෞද්ධ භික්ෂුන් වහන්සේලා,සත්ව සුබසාධන ක්‍රියාකාරිකයන් හා අදාළ පාර්ශවයන්ගෙන් රජයට ඉල්ලීමක් Sri Lanka Latest News

බෞද්ධ භික්ෂුන් වහන්සේලා, සත්ව සුබසාධන සංවිධාන, ආයතනික නියෝජිතයන් සහ පුරවැසියන්ගේ මූලිකත්වයෙන් පසුගිය බදාදා දින ඉතා තීරණාත්මක සාකච්ඡාවක් සිදුකෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාව තුල සතුන් හා පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් විද්‍යාත්මක හා මානුෂීය කරුණු මත පදනම් වූ තිරසර ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටීම සඳහා එක්ව සිටියහ. එහිදී මෙම කරුණෙහි ඉක්මන් අවශ්‍යතාවය පිළිබඳව ඒකමතිකව නිවේදනය කරන ලදී. එහිදී ඔවුන්ගේ පැහැදිලි ඉල්ලීම වූයේ සැලසුමකින් තොර හදිසි තීරණ වෙනුවට මේ සම්බන්ධයෙන් සාර්ථක වූ විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසයි.

අලි ඇතුන් සම්බන්ධ ගැටළුව: ජාතික හදිසි තත්වයක්

මෙම සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක්වූ පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්, ජාතික සංකේතයක් මෙන්ම පාරිසරික පද්ධතියට වැදගත් මෙහෙයක් ඉටුකරන ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටියහ. දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත විසඳුමක හදිසි අවශ්‍යතාව උන්වහන්සේ විසින් අවධාරණය කරන ලදී.

සංරක්ෂණ විශේෂඥ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් උන්වහන්සේ සඳහන් කලේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 44%ක් මිනිසුන් හා අලි ඇතුන් එක්ව පරිහරණය කරන බවයි. මෙය වත්මන් අලි වාසභූමි වලින් 70%ක් ලෙස සැළකේ. වසර ගණනාවක් තිස්සේ අලි ඇතුන් ආරක්ෂිත කලාප වලට සීමා කිරීමට උත්සාහ කලද එම කලාප වලට අයත් වන්නේ අලි වාසභුමි වලින් 30%ක් පමණකි. මේ හේතුව නිසා එම උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව උන්වහන්සේ සඳහන් කලහ. ලෝකයේ විවිධ ප්‍රදේශ වල ග්‍රාමීය ප්‍රජාවන් විසින් ඉදිකොට නඩත්තු කරනු ලබන විදුලි වැට මගින් මෙම ගැටළුව අවම කලහැකි බව සනාථ කර ඇත. මේ ක්‍රමය ඔස්සේ අලි මිනිස් ගැටුම වලක්වාගත හැකි අතර දෙපාර්ශවයේම ජීවිත හානි අවම කිරීම පිණිස එය උපකාරී වේ.

නමුත් සංඛ්‍යාලේඛන මගින් රට පුරා සිදුවන මෙම වත්මන් ඛේදවාචකයේ තරම අවබෝධ කරගත හැකි වේ. ඒ අනුව 2015 – 24 අතර කාලය තුල අලි ඇතුන් 600කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අලි මිනිස් ගැටුමේ ගොදුරු බවට පත්ව ඇත.

මේවා හුදෙක්ම සංඛ්‍යාලේඛන පමණක්ම නොවේ. එය රටක් වශයෙන් අපගේ සාමූහික අසාර්ථකත්වය හා සදාචාරාත්මක අර්බුදය පිළිබිඹු කරයි. එය සමාජයක් වශයෙන් අපගේ වටිනාකම් වලටද අභියෝගයකි. 2025 වසරේ දැනටමත් මාස 7ක් ගතවී ඇති මොහොතක අලි මරණ 224ක් වාර්තා වී ඇත. මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් සුවිශේෂී සත්ව විශේෂයක් වන අලි ඇතුන් සම්බන්ධයෙන් ඛේදජනක වසරක් සේ සැලකිය හැකිය.

වීදි සුනඛ ගැටළුව – මිත්‍යාවන්, යථාර්ථය හා මගහැරුණු අවස්ථාවන්

ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ එහි වීදි සුනඛ ගහණය පිළිබඳ ගැටළුව හා අරගල කරමින් සිටී. සියවසකට වැඩි කාලයක් එනම් 1893 යටත් විජිත යුගයේ සිට පැවත එන, යල් පැනගිය නීතියක් වන ”ජලභීතිකා ආඥා පණත” සුනඛයන් අල්ලා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියට රුකුලක් විය. මේ ප්‍රතිපත්තිය අමානුෂික මෙන්ම අසාර්ථක වූ ප්‍රතිපත්තියක් ලෙස හැඳින්විය හැකි වේ. 2006 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙහි සැලකියයුතු ප්‍රතිපත්තිමය වෙනසක් ඇතිකරන ලදී. එහිදී රජය වඩාත් විද්‍යාත්මක හා සාර්ථකත්වය සනාථ කරන ලද ක්‍රමවේදයන් වන ව‍්‍යකරණය, එන්නත්කරණය හා සතුන් තම මුල් වාසභූමි වලට මුදාහැරීම සිදුවිය.

නමුත් මෙම උත්සාහය අසාර්ථක කරමින් වීදි සුනඛ ගහණය දිගින් දිගටම වර්ධනය වෙමින් පැවතිණි. මෙය හුදෙක් ඒ හා සම්බන්ධ පහසුකම් සම්පාදනයේ ගැටළුවක් නොවේ. ඒ සඳහා සංස්කෘතික කාරණා, මානව හැසිරීම් හා ආයතනික ගැටලු ද බලපානු ලබයි. අප රටේ තවමත් මහා මාර්ග දෙපස කසළ බැහැර කිරීම සිදුවේ. එමෙන්ම සුනඛයන් බෝ කිරීමේ කර්මාන්තයේ ද නියාමනයක් නැත. එමෙන්ම මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු රජයේ ආයතනයක් නිසි පියවර ගෙන නොමැත.

පසුගියදා කොළඹ ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ එහි වීදි සුනඛයන්ගෙන් 46%කට හිමිකරුවන් සිටියද ඔවුන් අයාලේ යෑම සඳහා මාර්ගවලට මුදාහැර ඇති බවයි. සුනඛයන් ස්වභාවිකවම තමන්ගේ භූමි සීමා පවත්වාගනිති. යම් ප්‍රදේශයකින් ඔවුන් ඉවත් කලහොත් අනෙකුත් ප්‍රදේශ වල සුනඛයන් විසින් එම ප්‍රදේශ ආක්‍රමණය කරනු ලබයි. එබැවින් නිසි ක්‍රමවේදයකින් තොරව ඔවුන් ඉවත් කිරීම තුලින් අදාළ ප්‍රදේශ වල සුනඛ ගහණය ඉහළ යෑම සිදුවේ.

සාර්ථක වූ ජාත්‍යන්තර අත්දැකීම්

වීදි සුනඛ ගැටළුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව තවමත් මහත් පරිශ්‍රමයක් යොදමින් සිටින අතර වෙනත් රටවල් මේ පිළිබඳව සාර්ථක ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත.

2018 දී සිංගප්පූරුව විසින් සුනඛයන් අල්ලා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තිය අත්හැර දමන ලදී. එහි පශු වෛද්‍යවරුන්, සත්ව සුබසාධන කණ්ඩායම් හා සතුන් පෝෂණය කරන පුරවැසියන් ඇතුලත් රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිත්වයෙන් වසරක් ඇතුලත එහි වීදි සුනඛ ගහණයෙන් 80%ක් වද්‍යකරණයට සමත් විය.

ඒ හා සමානවම භූතානයද තම බෞද්ධ වටිනාකම් ආරක්ෂා කරගනිමින් 2022 දී ජාතික ව්‍යාපාරයක් දියත්කරන ලදී. 2023 වන විට 100%ක් වද්‍යකරණයට හා එන්නත් කිරීමට ඔවුන් සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2028 වනවිට රට තුල වීදි සුනඛ ගහණය 70%කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියාව ද සත්ව උපත් පාලන නීති මගින් වීදි සුනඛයන් ඝාතනය තහනම් කල අතර වද්‍යකරණය සිය ජාතික ප්‍රතිපත්තිය ලෙස 2001 දී සම්මත කරගත්හ. වඩෝදර වැනි නගර දැනටමත් 86%ක් වද්‍යකරණයට ලක් කර ඇති අතර 2027 වන විට එය 60% – 70% දක්වා ගෙන ඒමට සැලසුම් කර ඇත. ලක්නව් නගරයද 2025 වන විට 90%ක් වද්‍යකරණයට ඉළක්ක කර තිබේ. ඔවුන් ඉදිරි වසර 4 ඇතුලත වීදි සුනඛ ගහණය ඵලදායී ලෙස අවසන් කරනු ඇත.

නමුත් වසර 5ක් තුල ශ්‍රී ලංකාවේ සුනඛයන් මිලියනයක් වද්‍යකරණය කිරීම සඳහා 2006 දී ගත් තීරණය වෙනුවෙන් නිසි ලෙස සම්පත් සපයාදීම හෝ සම්බන්ධීකරණයන් සිදුනොවිණි. එතැන් සිට ඉතා මන්දගාමීව කටයුතු සිදුවී ඇති අතර ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග ඇණහිට තිබේ. උදාහරණයක් ලෙස එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි ඇතැම් වීදි වලින් සුනඛයන් සමූහ වශයෙන් ඉවත්කරන ලද අතර ඔවුන් නැවත බෝ වීමේ ප්‍රවණතාව පිළිබඳ අවධානයක් යොමුකර නැත.

නමුත් නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුලින් මෙය සාර්ථක කරගත හැකි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පශු වෛද්‍යවරයෙකු ප්‍රකාශ කරන ආකාරයට රජය විසින් වසර 2ක් තුල ගැහැණු සුනඛයන් 400,000ක් වද්‍යකරණය කර තවත් වසර තුනක කාලයක් එය නඩත්තු කලහොත් සමස්ත වීදි සුනඛ ගැටළුව පාලනය කලහැකිය.

වනජීවී කළමණාකරණයට මානුෂීය ප්‍රවේශයක්

පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතා විසින් විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශ වල මිනිසුන් හා වඳුරන් අතර ඇති ගැටුම ඉහළ යෑම පිළිබඳ අදහස් දැක්වීය. සතුන් මරාදැමීම වෙනුවට ශ්‍රී ලංකාවේ බොදු වටිනාකමක් වූ අවිහිංසාව පදනම් කරගත් නව ක්‍රම පිළිබඳ ඔහු යෝජනා ඉදිරීපත් කළේය. මෙම සත්ව විශේෂ වල ප්‍රජනනය අවම කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන ප්‍රොපෙස්ටරෝන් මිශ්‍ර කරන ලද ආහාර සහිත ස්ථාන ඇතිකිරීම ඒ මහතා විසින් ඉදිරිපත්කරන ලද යෝජනාවකි. මීට දශක ගණනාවකට පෙර රේසස් වඳුරන් යොදාගනිමින් මේ ක්‍රමය අත්හදා බලන ලදී. වඳුරන් වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට හෝ ගැමි ජනතාවට ගිනි අවි ලබාදීමට වඩා මෙම ක්‍රමය සාමකාමී හා ඵලදායී විකල්පයක් බව එතුමා සඳහන් කළේය.

නිගමනය – දැන් තීරණයක් ගැනීමට කාලයයි

ශ්‍රී ලංකාව මේ වනවිටත් සිටින්නේ යම් තීරණාත්මක සන්ධිස්ථානයක වේ. මෙහි අලි මිනිස් ගැටුම, වන ජීවී හා වීදි සුනඛ ගැටලුව විසඳිය නොහැක්කක් නොවේ. අවශ්‍ය වන්නේ දේශපාලන කැපවීම, විද්‍යාත්මක අවබෝධය හා සම්බන්ධීකරණයයි. මේ ගැටලු සඳහා ගෝලීය වශයෙන් සාර්ථක වූ විසඳුම් පහසුවෙන් අනුගමනය කලහැකිය. නමුත් මෙම ගැටලු තව තවත් උග්‍ර වීමට පෙර රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි ද යන්න සැක සහිතය.

මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වූ විද්වතුන්

පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය කූඹියාගොඩ මෙත්තානන්ද හිමි, පූජ්‍ය තම්මැන්නාගම මහානාම හිමි, පූජ්‍ය ඌරාවල සේකර හිමි, ෂර්මිණි රත්නායක (Animal Welfare Trust), ආචාර්ය ක්‍රිෂාන්ති රොන්ඩන් ෆුටෙන්ස් ( Animal Wellness Trust ), අනූෂා ඩේවිඩ් ( RAS), Animal SOS නියෝජිතයන්, Dogstar ‌පදනම, ශිල්පා සමරතුංග (Tails of Freedom ), නීතිඥ තනුජා නවරත්න, ඉරෝමි සල්ගාදු (AWPA ), ලලනි පෙරේරා ( සමාජ ක්‍රියාකාරීණී), මද්‍රි ජයසේකර (Justice for Animals), රුක්ෂාන් ජයවර්ධන (පරිසරවේදී), ආචාර්ය රනිල් සේනානායක (සභාපති Earthrestoration PSL) ජයන්ත විජේසිංහ.

මාධ්‍ය තොරතුරු විමසීම්, සම්මුඛ සාකච්ඡා හෝ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධවීමට,

For media inquiries, interviews, or further information, please contact:
Anusha David
Phone: +94762926019, +94777585998
Email: [email protected], [email protected]

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කවදාවත් නොවෙච්ච වැඩක්! ආණ්ඩුව යෞවන සමාජ ‘චේ ගුවේරා’ සමිති කරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සිවිල් ආරක්ෂක කමිටුවටත් දේශපාලනය රිංගවලා! සියලු පත්කිරීම් කරන්නේ ජවිපෙ පක්ෂ කාර්යාලයෙන්! යෞවන සමාජවලත් මේ සෙල්ලම පටන් අරන්! ග්‍රාම සංවර්ධන සමිති-කාන්තා සමිති-විශ්‍රාම සමිති-මරණාධාර සමිතියටත් දැන් දේශපාලනය රිංගවලා! මේ උත්සාහය අපි සියලු දෙනා එකතු වෙලා පරද්දමු! විපක්ෂනායක සජිත් ලොකු සටනකට අතගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.