• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

Full STOP වුණ TikTok මේනියාව

July 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
Full STOP වුණ TikTok මේනියාව
Share on WhatsAppShare on Facebook

විලාසිතාවක් තරමටම ජනප්‍රිය ටික් ටොක් වීඩියෝ කලාව’ ලොව පුරා ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගෙන අවසානය.
තරුණ පරපුර සහ වැඩිහිටියන් අතරද චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලටත් වඩා ජනප්‍රිය ‘ටික් ටොක්’ වීඩියෝ කලාව කෙරෙහි ඉන්දීය ප්‍රේක්‍ෂකයන් වෙත ඇත්තේ සුව කළ නොහැකි මට්ටමේ ‘උණ’කි.
එයද වඩාත්ම උග්‍රව ඇත්තේ චීන සම්භවයක් හරහා තැනුණු ‘ටික් ටොක්’ වීඩියෝ පටවලටය. මඟතොටකදී මැදිවන මාර්ග තදබදයේදී ද, මහ රෑ නිදි ඇඳේදීද, ටියුෂන් පන්තියට ගුරුතුමා එනතුරු ලැබෙන කෙටි විරාමය තුළදීද, තාරුණ්‍යය නියෝජනය කරන බොහෝ පිරිස් චීන ‘ටික් ටොක්’ වීඩියෝ මත මුහුණ ඔබා සිටිති.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තාකර සිටින්නේ ඉන්දියානුවන් මිලියන 119කට ආසන්න පිරිසක් ‘චීන ටික් ටොක්’ විලාසිතාවට ඇබ්බැහිව සිටින බවය.
තත්ත්වය සහ කරුණු කාරණා එසේ තිබියදී පසුගිය දිනෙක මේ කියන චීන ‘ටික් ටොක්’ කලාවට හදිසියේ විලංගු වැටිණි.
‘ෂොහ්… වගේ දෙවියනේ..’
යනුවෙන් මිලියන ගණන් පරිශීලකයන් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත සිය ‘දුක, ශෝකය’ පළකර තිබිණි.
දින නියමයක් නැති, කුසගින්නකට සූදානම් වෙයල්ලායැ…’ යී අපට කීවා නම් අප ඒ සඳහා මීට පහසුවෙන් සූදානම් වන්නෙමු යනුවෙන් සුවිශේෂීව තරුණ පිරිස් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අදහස් ප්‍රකාශකර තිබිණි.
ඉන්දියානු චීන දේශ සීමා අරගලයක් මුල්කරගෙන ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පැණ වූ මෙම බැරියරය හේතු කොටගෙන ඉන්දීය සුපිරි තරුද සිය අදහස් ප්‍රකාශ කර තිබිණි.
‘තහනමට වඩා යෝග්‍ය වන්නේ යම් අභියෝගයක් හමුවේ සන්නද්ධව සිටීමයි.’
චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ නර්තන ශිල්පිනී ෆාරා ඛාන් තම අදහස් ප්‍රකාශකර තිබුණේ එලෙසය.
එම සිරස්තලයට පහතින් ෆාරා ඛාන්,
‘ලෝකයේ විශාලතම නිෂ්පාදකයා සමඟ තරග කිරීමට නම්, බොහෝ දෑ තහනමට ලක් කිරීමට පළමුව එයින් සිදුවන හානිය ගැන දෙවරක් සිතිය යුතුය.
හැඟීම් මුදුන්පත්කර ගතයුතු තැන් අප වෙත පැමිණෙන අවස්ථා වෙයි.., එහෙත් බුද්ධිය මෙහෙය විය යුතු තැනට නැඟීම පළමු වැනියා වීම තුළ නොසෑහෙන ප්‍රායෝගික අර්බුද මතුවන්නට හැකිය’ යනුවෙන්ද තරමක දිගුවක් ට්වීට් කළාය.
ඒ අතර ඉතා සැහැල්ලුවට ෆාරා තැබූ තවත් අතිරේක කෙටි සටහනක සඳහන් වූයේ,
‘චීන ජාතිකයන් අමීර් ඛාන්ට දැඩි ලෙන්ගතුකමක් දක්වනවා. ඔවුන් ආමීර්ගේ සුවිශේෂී රසිකයන්. අමීර්ට පුළුවන් නම් දේව දූතයෙක් ලෙස පැමිණ මේ අරගලයට මැදිහත් වෙන්න අපගේ අරමුණ වෙනුවෙන් උදව් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි.
යනුවෙනි. එම සටනට සමගාමීව ෆාරා ‘සිනහා මුහුණු දෙකක’ අනුරුව තබා තිබුණේ මෙය විහිළුවක් වැනි දෙයකැයි යන අදහස දෙමිනි.
උතුරු ඉන්දීය ගිනි සිළුවක වූ ලිකා අරෝරා, ‘චීන ටික් ටොක්’ අගුළු ලෑමෙන් දැඩි ප්‍රීතියට පත්ව සිටියාය.
‘විකාර රූපී හාස්‍යජනක චීන ටික් ටොක් වීඩියෝ නැරැඹීමෙන් මංමුළාව සිටි ඉන්දියානු ප්‍රේක්‍ෂකයන් එම උගුලෙන් නිරායාසයෙන් හෝ ගලවා ගත් එක පිළිබඳව මම අසීමිතව සතුටු වෙමි යනුවෙන් තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමෙහි සඳහන් කළාය.
විකට නළුවකු වූ වීර්දාස්,,
‘චීන ටික් ටොක් නැතුව විනෝද වීමට හුරුවන්න. ඔය ලාභ විනෝදය වෙනුවට අප වෙනත් විකල්පයක් තෝරා ගනිමු. චීන ටික් ටොක් නැවැත්වීම තුළ වැලපීමට වඩා නව මං මාවත් ඔස්සේ වෙනත් යමක් සොයා යෑම සිතට සුබදායක වෙයි.
‘චීන ටික් ටොක්’ අගුළු දැමීම තුළ මා දැඩිව සතුටු වෙමි’
යන ප්‍රකාශය සමාජ ජාලා වෙබ් අඩවියක මුදා හැරියේය.
ප්‍රවීණ ගායක, විසාල් දද්ලානි අත්පුඩි ගසමින් කිසිවකු හිනැහෙන තිළිණයක් ‘චීන ටික් ටොක්’ තහනම සංගීත ප්‍රවෘත්තිය සමඟ මුදාහැරියේය.
වින්දනය පිණිස තව බොහෝ නිර්මාණයන් සොයාගත හැකිය’ යනුවෙන් සටහනක් තබමිණි.
‘චීන ටික් ටොක්’ වීඩියෝව ඉන්දියාව පුරා ප්‍රචාරය කිරීමේ කටයුතු අතර ක්‍රියාකාරීව සිටි ඉන්දීය සුපිරි තරු අතර,
මධුරි ඩික්ෂිත්, ටයිගර් ෂෙරොෆ්, ජැකලින් ෆර්ඩිනැන්ඩස්, සහ දීපිකා පදුකෝන් ප්‍රධාන විය. එලෙසම ඔවුන් කිසිවකු මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන්කර නැත. බොහෝ විට එහි අර්ථය, ඇඟ බේරා ගැනීමේ තියරිය විය හැකිය. එලෙසම සෑම ශබ්දයකටම වඩා නිශ්ශබ්දතාවය අගනේය’ යැයි යන සිතුවිල්ලද මෙහිදී ඔවුන් අතර සිටිනවා විය හැකිය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රැල්ලට යන්නැති චන්ද්‍රකුමාර

Next Post

සංඛ ගැහුව sexy ටැටූ එක

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.