• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රැල්ලට යන්නැති චන්ද්‍රකුමාර

July 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
රැල්ලට යන්නැති චන්ද්‍රකුමාර
Share on WhatsAppShare on Facebook

‘තණමල්විල කොල්ලෙක්’ පහුගිය සතියෙ අවසන් වෙන්නෙ අපූරු නිර්මාණයක මතක ගොඩක් අප හමුවේ ඉතුරු කරල. ටෙලිනාට්‍ය පුරාම අපිට දකින්න ලැබෙන පොඩි පොඩි චරිත. මේ පොඩි පොඩි චරිත ඇතුළෙ හැමෝම ලොකු වැඩක් කරනවා. චන්ද්‍රකුමාර කියන්නෙ නාට්ටිය ඇතුළෙ අමතක නොවන චරිතයක්. චන්ද්‍රකුමාර අහම්බෙන් හමුවෙලා, හමුවෙන හැම වෙලාවකම ජීවිතේ ගැන, සමාජය ගැන දීප්තට කියලා දිලා, අවසානයට ගමට යනවා. ‘තණමල්විල කොල්ලෙක්’ ඇතුළෙ එහෙම දැනෙන චරිතයක් තමයි චන්ද්‍රකුමාර. චන්ද්‍රකුමාරට ජීවය දුන් ශ්‍රීමංජුල පෙරේරා ‘තණමල්විල කොල්ලෙක්’ ගැන අපිට කිව්වෙ මේ විදිහට.
ඔබව බොහෝදෙනෙක් හඳුනගන්නෙ චන්ද්‍රකුමාර හරහා?
ඔව්. මම කලින් රොෂාන් එක්ක පොඩි පොඩි නාට්ටි වැඩවලට සම්බන්ධ වෙලා හිටිය. ඒ හරහා ගොඩනැගිච්ච හැඳුනුම්කම උඩ තමයි මට චන්ද්‍රකුමාර කියන චරිතය ලැබෙන්නෙ. රොෂාන් මට කිව්ව මේක සීරියස් චරිතයක්, මේක දෙන්න හිටියෙ වෙන කෙනෙක්ට කියල. පස්සෙ කොහොම හරි මේ චරිතෙ මට ලැබුණ.
සීරියස් චරිතයක් සඳහා තෝරගන්න ඔබට රංගනය පිළිබඳ හැෑරීමක් තිබුනද?
මම මුලින්ම සෝමලතා සුබසිංහ මහත්මියගෙන් තමයි රංගනය පිළිබඳ හදාරන්නෙ. ඊට පස්සෙ මහේන්ද්‍ර පෙරේරා යටතේ වැඩිදුරටත් රංගනය හදාරනවා. එතැනදි තමයි මට ඇක්ටින් පිළිබඳව සම්පූර්ණ දැනීමක් ලැබෙන්නෙ. ඒ වගේම දේශක සම්පත් කියන සංගීත අධ්‍යක්ෂවරයා යටතේ මම ලබපු පුහුණුවත් අමතක කරන්න බෑ.
චන්ද්‍රකුමාර කියන චරිතය ඔබට දැනෙන්නෙ කොහොමද?
මේ චරිතය යම්කිසි කොටසක් මගේ ජීවිතයටත් අදාළයි. ඒ අත්දැකීම් එක්ක මට චරිතයට හොඳට අවතීර්ණ වෙන්න ලැබුණ කියල මම හිතනව.
ඔබ මීට කලින් සම්බන්ධ වුණ නිර්මාණ මොනවද?
වසන්ත ඔබේසේකර මහත්මයගෙ අසනි වර්ෂා, ධර්මසේන පතිරාජ මහත්මයගෙ මතුයම් දවස, සත්‍යජිත් මායිටිපේ මහත්මයගෙ ස්මරණ සමාප්තිය චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා. ඊට අමතරව බහුබූතයො චිත්‍රපටයෙ පොඩි කැරැක්ට එකක් කළා. ප්‍රසන්න ජයකොඩිගෙ හදවිල සක්මන නාට්‍ය ඇතුළු ටෙලිනාට්‍ය කීපයක වැඩ කළා. ජෙරම් ද සිල්වා කරපු මැක්බර්ත් නාට්‍යයෙත් මම චරිතයක් කලා.
රොෂාන් යටතේ වැඩ කරන්න ලැබීම කොයිවිදිහට දැනුණෙ?
මම දැකල නෑ ඒ තරම් නම්‍යශීලී වෙන අධ්‍යක්ෂවරයෙක්. රොෂාන් මගේ මිත්‍රයෙක් වුණාට මම සෙට් එකට ආවට පස්සෙ මට තනිකරම වෘත්තීයමය ආටිස්ට් කෙනෙක්ට සලකන විදිහටම තමයි සැලකුවෙ. මේ කැරැක්ට එක කරද්දි වරදින තැන් සෑහෙන්න තිබ්බ. ඒ හැම අවස්ථාවකදිම මගේ අඩුපාඩුකම් හදාගෙන මගෙන් ගන්න ඕනෙ දේ ගන්න එයා දක්ෂ වුණා. මේ චරිතය ඇතුළෙ මගෙන් ගන්න පුළුවන් උපරිම දේ එයා ගත්ත.
චන්ද්‍රකුමාර හරහා ඔබ ජනප්‍රිය වුණාට පස්සෙ වෙනත් නිර්මාණවලට ආරාධනා ආවෙ නැද්ද?
නෑ. මට එහෙම කිසිම නිර්මාණයකට විශේෂයෙන් ආරාධනා ලැබුණෙ නෑ. ඉන්ටර්විව්වලට නම් එක එක චැනල්වලින් ආරාධනා ආව. මම දැන් ඉන්න ස්ථාවරය තමයි මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ජනප්‍රියතාව පසුපස යනවට වැඩිය හරවත් යමක් කරන්න ඕනෙ කියන එක. රැල්ලට යන්නෙ නැතුව හරවත් නිර්මාණ සඳහා දායකත්වය ලබාදෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ගස් ගල් වගේ ජීවත් වෙන්නේ හැඟීම් නැති මිනිස්සු

Next Post

Full STOP වුණ TikTok මේනියාව

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.