• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕෂධී වියත්මඟට නැගේගේ නිළිකම උකසට තියලද

July 4, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ඕෂධී වියත්මඟට නැගේගේ නිළිකම උකසට තියලද
Share on WhatsAppShare on Facebook

ඕෂධී හේවා මද්දුම, ටෙලි තිරය ඔපවත් කළ අංක එකේ දක්‍ෂ නිළියකි. වැදගත් කාන්තා ප්‍රතිරූපයක් තුළ සිය දිවි රටාව ගෙන ගිය ඕෂධී, සොඳුරු පසන් නිවෙසක හිමිකාරියද වූවාය.
හැබැයි..,
මේ මොහොතේ අප දොඩන්නට අරඅඳින්නේ, ඕෂධී හේවා මද්දුමගේ ලස්සන පවුල් ජීවිතය ගැන හෝ රංගන ජීවිතය ගැන නම් නෙවෙයි. ක්‍රියාකාරී දේශපාලනයට නැඹුරුව සිටින ඕෂධීගෙන්, යම් ඕපාදූපයක් ගැන වංහුං දැනගැනීමට අපට ඕනෑ විය. වඩා සරලව, පැහැදිලිව කියනවා නම්, ‘වියත්මග සංකල්පයෙහි’ ලැයිස්තුගතව සිටි ඕෂධීව හිටි හැටියේම එයින් කපා දමා තිබෙන ආරංචියෙහි සුලමුල සමඟ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට අපට අවැසිව තිබිණි. බොහෝ කාර්යබහුලව සිටියද ඉතාම සුහදව ඈ අප හා එක්වූවාය.
ඉතින් ඕෂධී, වැඩ කප්පරකට මැදිවෙලයි ඉන්නේ, එහෙම නේද?
අනේ ඔව්.., එළිවෙනවා, රෑ වෙනවා දන්නෙත් නැති තරමයි.
ඔබේ මෙහෙවර රාජපක්‍ෂ රජය වෙනුවෙනුයි?
ඔව්… තිස්වසරක් පුරා ඇදුණු යුද ශාපය රටෙන් තුරන්කර දැමීමේ මෙහෙවර වෙනුවෙන් මම එදා සිටම රාජපක්‍ෂ මහත්වරුන්ට සහාය දෙනවා. බදුල්ල ප්‍රදේශයෙන් පොහොට්ටුව සමඟින් තරග වදින එකම කාන්තා නියෝජනය මමයි. ඒ වගේම බදුල්ල ප්‍රදේශයෙන් අවුරුදු විසිඑකක් වැනි දීර්ඝ කාලයකට පසුව පැමිණි පළමු කාන්තා නියෝජනයද මමයි.
ඔබ දේශපාලන වේදිකාවට නැග්ගේ නිළිකම හේතුපාඨ කරගෙන නෙවෙයි?
කවදාවත් මම නිළියක ලෙසින් මගේ ජනප්‍රියත්වය දේශපාලනය සඳහා පාවිච්චියට ගත්තේ නැහැ. රාජපක්‍ෂ රජය යුද්ධයට මුහුණ දෙන සමයේදී මම උතුරට පවා ගියා. යාපනය, නාගර්කෝවිල්, කිලාලි යන ප්‍රදේශවලදී මම යුද්ධය සමඟ දවස් ගෙව්වේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සිටයි.
යහපාලනය හමුවේ රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය වෙද්දිත් ඔබ ඔවුන් සමඟ හිටියලු?
ඔව්.., එවකට නුගේගොඩ නගරයේ පැවැත්වුණු ‘මහින්ද සුළඟ’ වේදිකාවට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නැඟපු අපේක්‍ෂකයන් දොළොස් දෙනා අතර පළමුවැනියා වූයේ මමයි. තම තමන්ගේ සංවිධායක ධුර හෝ තනතුරු නැතිව යතැයි බයෙන් බොහෝ දෙනකු පය තබන්නට මැළිවුණු ඒ වේදිකාවට මම පය තිබ්බේ දැඩි ආත්මශක්තියකින්.
එවකට ඔබ ‘වියත්මග’ සංකල්ප ලැයිස්තුවෙහි ප්‍රධාන සාමාජිකාවකද වුණා?
‘වියත්මග’ සංකල්පයෙහි පළමු කණ්ඩායම තුළ මගේ නම තැබුවේ නාලක ගොඩහේවා මහතායි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කොට ආරම්භ කළේද නාලක ගොඩහේවා මහතාම තමයි.
හිටිඅඩියේ ඔබව ‘වියත්මග’ ලැයිස්තුවෙන් කපා දැමුණේ ඇයි?
එවැන්නක් සිදුවූයේ නැහැ. තවමත් මම ‘වියත්මග’ සංකල්පයෙහි සාමාජිකාවක්.
‘වියත්මග’ ලැයිස්තුව තුළ ඔබේ නම නැති බවයි ආරංචිය?
දේශපාලනය කියන්නේ මඩ ප්‍රචාර සමඟම ගමන් කරන ඉසව්වක්. මට නාම යෝජනා ලැබෙන්නේ නැති බවටද ලොකු මඩ ප්‍රචාරයක් දියත් වුණා. නමුත් මට නාම යෝජනා ලැබුණා. එය එලෙස සිදුවූයේ මම හැමදාමත් ඉතා හිතෛෂීව, නොසැලී පොහොට්ටුව සමඟ අත්වැල් බැඳ සිටි නිසයි.
එතරම් හිතෛෂීව සිටි ඔබව ‘වියත්මගෙන්’ කපා දැමුවා?
ඔබ ඔය කියන කපා දැමීම ගැන මම කිසිවක් දන්නේ නැහැ. මට ඕවා හොයන්න වේලාවක් නැති තරමට මම කාර්යබහුලයි. ඒ වගේම මම දන්නේ එක දෙයයි. ඒ, මම තවමත් ‘වියත්මගෙහි’ සාමාජිකාවක්.
ඔබ නොදන්නවට හැමෝම දන්නවා, ලැයිස්තුවේ ඔබේ නම නැති බව?
මෙතැන තිබෙන්නේ වැරැදි වටහා ගැනීමක්. ‘වියත්මග’ ලැයිස්තුවේ නම තිබීම මත එහි සාමාජිකත්වය තිබෙනවාය කියන්නටවත්, ලැයිස්තුවේ නම නොතිබීම මත එහි සාමාජිකත්වය අහෝසි යැයි කියන්නටවත් බැහැ. යම් සංවිධානයක නම රැඳෙන්නේ එහි ක්‍රියාකාරීත්වයට සහ දායකත්වයට උරදීම මතයි. ඕෂධී හේවාමද්දුම යන මමද ‘වියත්මග’ වෙනුවෙන් එම සහයෝගය දෙනවා. ඒ වගේම ලැයිස්තුවේ නම නොතිබෙන තවත් බොහොමයක් ක්‍රියාකාරී සාමාජිකයන් පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ කටයුතු තුළ නියැළී සිටිනවා.
අලුත් සාමාජිකත්වයක් හරහා ‘වියත්මග’ ලැයිස්තුව සැකසෙන බවට ආරංචි ලැබුණා?
ඔව්.., දැන් දැන් ‘වියත්මග’ට බොහොමයක් පිරිස පෙළගැහෙනවා. ඒ පිරිස අතර සිටින බොහෝදෙනකු ඒ දවස්වල දකින්නවත් සිටියේ නැහැ. ශක්තිමත් රැල්ලක් ලෙස එය ජනප්‍රියත්වයට පත්ව එන විට තමයි කෙමෙන් කෙමෙන් ‘වියත්මගෙහි’ හිස්තැන්, අතුරු-සිදුරු නැතිව පිරී යන්නට පටන් ගෙන තිබෙන්නේ.
පිරී යන ඒ හිස්තැන් නිසා ඔබේ නම කැපුණා වෙන්නට බැරිද?
මම එහෙම හිතන්නේ නැහැ. අනෙක නිළිකම උකස් නොකොට රැල්ලකට හසුනොවී, අත්දැකීම් සහ යම් දැක්මක් මත දේශපාලනයට පැමිණි මට ජනතාවට හෝ රටට සේවය කිරීමට ‘වියත්මග’ ලැයිස්තුවේ ඉන්නට අවශ්‍ය නැහැ. ඇත්තටම මගේ නම එහි තිබෙනවාද? නැතිද? කියා එදා නම දැම්මාට පසු මම හොයලා බලලාවත් නැහැ. නාම යෝජනා ලබාගෙන පාර්ලිමේන්තුවට තරග කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට මා ලද පන්නරය, මිල කළ නොහැකි බව මා වටා සිටින හැමෝම දන්නවා. එය ඇඟිල්ලෙන් ඇන කිසිවකුට පෙන්විය යුතු නැහැ. එලෙසම ලැයිස්තුවක නම තිබූ හෝ නොතිබූ පමණින් එම පන්නරයට හානි සිදුවන්නේද නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආදර ලෝකයක් මැව්ව සත්පුරයේ අනංගයා

Next Post

සිබිල් සිත්තම නිමි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.