• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ ලස්සන කෙල්ල ගීතාට දැන් 50යි! Sri Lanka Latest News

June 29, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සිංහල සිනමාවේ ලස්සන කෙල්ල ගීතාට දැන් 50යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගිය සතියේ ‘මව්රට’ හාට් පිටුවේ සිංහල සිනමාවේ ජනප්‍රියම ප්‍රවීණ නිළියන් දෙදෙනකුගේ උපන්දින සැමරුමක් ගැන ලිව්වා මතකයි නේද? මේ සූදානම් වෙන්නෙත් සිංහල සිනමාව දිග්විජය කළ තවත් ප්‍රවීණ අතිදක්ෂ නිළියකගේ පැටිකිරිය ගැන අකුරු කරන්නයි. Sri Lanka Latest News

ඈ ගීතා සමන්මලී කුමාරසිංහ. පසුගිය ජුනි 20 වැනිදා ගීතා සිංහල සිනමාවට ඇවිදින් අවුරුදු 50ක් පිරුණා. ලබන ජූලි මාසේ 05 වැනිදාට ඇයට අවුරුදු 70ක් පිරෙනවා. එතකොට ඈ සිනමාවට එන්නේ වයස අවුරුදු 20ක් වැනි තරුණ වයසකදී. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරා ඔහුගේ ‘වාසනා’ ෆිල්ම් එකට ප්‍රධාන නිළියට අමතරව තවත් අලුත් මුහුණක් හොයන්න ‘සරසවිය’ පත්තරයට දැන්වීමක් දාන වෙලාවේ ඒ ඔඩිෂන් එකට ගීතත් එනවා. කුලුඳුලේම ඈ රඟපාන්නේ එවක ජෝඩු විලාසිතාවට රඟපාලා අතිශයින්ම ජනප්‍රිය වෙලා හිටපු සිත්කලු තරු දෙපළක් වූ හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා සහ ජනකාන්ත නළු විජය කුමාරතුංගත් එක්කයි. හැබැයි ගීතාගේ කුලුඳුල් රංගනය ‘වාසනා’ වුණාට පළමුවෙන් හෝල්වලට එන්නේ ‘ලස්සන කෙල්ල’ ෆිල්ම් එක.

කොහොම වුණත් ගීතා සිනමාවට පය තියලා ඇගේ ගමන පටන්ගන්නේ ‘වාසනාවන්ත ලස්සන කෙල්ලක්’ විදියටයි. සරලවම කියනවා නම් ජනප්‍රිය තරු දෙපළකගේ සහාය නිළිය විදියට රංගනයට එන ඈ වාසනාවට වාගේ ජනප්‍රියම ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු නීල් රූපසිංහයන්ගේ ‘ලස්සන කෙල්ල’ ෆිල්ම් එකේ මේන් රෝල් එකට තෝරාගන්නවා. තවත් අපූරු සිදුවීමක් වෙන්නේ ඈ එහි රඟපාන්නේ 70 දශකයේ ගැහැනු සිත් මුසපත් කළ ආකර්ෂණීයම නළුවකු වූ තිස්ස විජේසුරේන්ද්‍රත් එක්කයි. ‘ලස්සන කෙල්ල’ හිතුවටත් වඩා හිට් වුණා. බොක්ස් ඔෆිස් වාර්තා එක්ක ලස්සන කෙල්ල මාස ගණන් එක දිගට ආරම්භක හෝල්වල දුවනකොට ගීතා කුමාරසිංහට ‘ලස්සන කෙල්ල’ කියන නම පටබැඳුණා. සරසවිය ඇතුළු ජාතික පුවත්පත්වලත් ඈ ගැන ලියැවුණු රසබර ලිපි එක දිගට පළවුණා. බෙන්තොටින් නිළියක වෙන්න හිතාගෙන කොළඹට ආපු කුමාර විදානලාගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ හෙවත් ගීතා සමන්මලී කුමාරසිංහටවත් හිතාගන්න බැරි විදියට ඈ සිංහල සිනමාවේ ජනප්‍රියම නිළියක් වුණේ, තෝරාගන්න බැරි තරමට ඇගේ දෝතට චිත්‍රපට පොකුරු ගණන් ලැබෙන කොටයි.

දකුණු ඉන්දීය සිනමාවේ කිරුළ දරපු ශිවාජි ගනේෂන් සමග රඟපා ජාත්‍යන්තර සිනමාවද ස්පර්ශ කළ මේ අතිදක්ෂ ලස්සන කෙල්ල සරසවිය ජනප්‍රිය මෙන්ම හොඳම නිළි සම්මානයටද කිහිප වතාවක්ම හිමිකම් කීවා. බොහෝ නිළියන් භාරගැනීමට මැළිකමක් දක්වන, කරුමක්කාරයෝ, පොඩි මල්ලි, පෙම්බර මධූ වැනි සරාගී චරිත රැගත් චිත්‍රපට ඇතැම් විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වුවද සත්තකින්ම කියනවා නම් ගීතා කුමාරසිංහ කියන්නේ අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක බව පාලම යට, හිම කතර, ලොකු දුව වැනි චරිතයන් තුළින් මොනවට කියාපෑවා.

ඉතින් මේ අද්විතීය වූ ලස්සන කෙල්ලට ඇගේ 50 වැනි සිනමා සැමරුම වෙනුවෙනුත්, තව දින කිහිපයකින් යෙදෙන 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙනුත් ‘මව්රට’ අපි ඇයට ශුභාශිංසන එක් කරනවා.
ගීතා ඔබට සුබ අනාගතයක්…

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

වැලි හලනවා…! බිත්ති බඳිනවා..! මේසන් වැඩ කරනවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දු – ලංකා අලුත්ම ගැටුම කච්චතිව් දූපතෙන් එළියට පනියිද? කච්චතිව් නීතියෙන්ම අපේ..! ඉන්දීය විදේශ ඇමැතිට ධීවර ඇමැති උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.