• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියලුම රාජපක්ෂවරුන් අනුරපුරේ කෝටිපති ව්‍යාපාරික ඩී.එස්.ගේ ගෙදර රෑ නැවතී කරපු රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

July 1, 2020
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
සියලුම රාජපක්ෂවරුන් අනුරපුරේ කෝටිපති ව්‍යාපාරික ඩී.එස්.ගේ ගෙදර රෑ නැවතී කරපු රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මහින්ද පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පමණක් නොව සිය කුරුණෑගල ඡන්ද සටනද පසුගිය සතියේ ආරම්භ කිරීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් මහින්ද සෑම ඡන්දයක්ම ආරම්භ කරනුයේ සිරිතක් ලෙස අනුරාධපුරයට ගොස් ශ්‍රීමහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව මෙවරද මහින්ද පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට යොදාගත්තේ අනුරාධපුරය. ඊට තවත් විශේෂ හේතුවක්ද එක්වී තිබිණ. ඒ අන් කිසිවක් නොව සිය බාල සොහොයුරා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයද යෙදී තිබීමය. ඒ අනුව රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයන් පසුගිය ඉරිදා දිනය ගත කළේ අනුරාධපුරයේය.

රාජපක්ෂ පවුල ඇතුළේ ප්‍රශ්න?

පසුගිය කාලසීමාව පුරාම මෙරට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම ගෙනගිය ප්‍රචාරවලින් කියැවුණේ රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් මතගැටුමක් මතුවෙමින් පවතිනවා යැයි කියාය. රාජපක්ෂවරුන් අතර අර්බුද මතුවෙමින් පවතිනවා යැයි කියාය. නමුත් අප සෑම අවස්ථාවකදීම මෙම තීරුව ඔස්සේ පෙන්වා දුන් කාරණයක් වූයේ රාජපක්ෂවරුන් අතර මොන මතගැටුම පැවතියත් ඔවුන් කෑම මේසයේදී ඒ සියල්ල අමතක කොට එක්ව තීන්දු තීරණ ගන්නා බවකි. ගෝඨාගේ උපන් දිනයදාද සිදුවූයේ අප කී ඒ දෙයමය. ඇතැම් මාධ්‍ය කුමන ප්‍රචාරයක් ගෙන ගියද එදින ජනාධිපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් සිදුකරන ආගමික වතාවත්වලට සහභාගි වීම සඳහා සියලුම රාජපක්ෂවරුන් අනුරාධපුරයට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. මහින්ද, බැසිල්, චමල්, නාමල්, යෝෂිත, ශශින්ද්‍ර, ශිරන්ති ඇතුළු සියලුම රාජපක්ෂවරුන් එදින සිටියේ ගෝඨාගේ උපන් දින පින්කම්වලට සහභාගි වීය. මෙහිදී එක් අවස්ථාවක මහින්ද සිය සොහොයුරා වූ ගෝඨාව වැළඳගෙන ඉතා උණුසුම් අයුරින් උපන් දින සුබපැතුම් එක්කරනු දැකගත හැකි විය.

රාජපක්ෂවරු රෑ ගතකළේ ව්‍යාපාරික ඩී.එස්.ගේ ගෙදර

මෙහිදී තවත් එක්තරා විශේෂ සිදුවීමක් දැකගත හැකි විය. ඒ රාජපක්ෂ පවුලම එදින අනුරාධපුරයේ රාත්‍රිය ගතකිරීමට යොදාගෙන තිබීමය. එසේ රාත්‍රිය ගත කිරීම සඳහා මුළු රාජපක්ෂ පවුලේම උදවිය තෝරාගත්තේද එක්තරා විශේෂ ස්ථානයක්ය. සාමාන්‍යයෙන් වෙනදා නම් රාජපක්ෂ පවුලේ උදවිය අනුරාධපුරයේ ගිය විට එදින රාත්‍රියක් ගත කරන්නේ කලාතුරකින්ය. එසේ රාත්‍රිය ගත කරනවා නම් ඒ සදහාම වෙන්වූ ජනාධිපති මන්දිරයක් අනුරාධපුරයේ පවතී. එය ඉතා ආරක්ෂිත ස්ථානයක පිහිටා ඇති අතර මෑතකදී එය ප්‍රතිසංස්කරණය කිරීමටද පියවර ගෙන තිබිණ. නමුත් රාජපක්ෂ පවුල මෙවර රාත්‍රිය ගතකිරීම සඳහා අනුරාධපුරයේ පිහිටි ජනාධිපති මන්දිරය තෝරා ගත්තේ නැත. ඊට හේතුව කුමක්ද යන්න ගැන විවිධ කටකතා මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ආකාරයක්ද දැකගන්නට තිබේ. ඒ අනුව මෙවර රාජපක්ෂවරු අනුරාධපුරයේ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගත්තේ ප්‍රකට පෞද්ගලික බස් රථ ව්‍යාපාරිකයකු වන ඩී.එස්. ගුණසේකර මහතාගේ නිවෙසය. ඩී.එස්. ගුණසේකර යනු මහින්ද අගමැතිව සිටි කාලයේ සිටම ඉතා සමීපව ඇසුරු කළ අයෙකි. ඒ අනුව ඩී.එස්.ගේ කාමර 11කින් සමන්විත මේ සුවිසල් නිවෙස එදින ඉතා අලංකාරවත් ලෙස රාජපක්ෂවරුන්ට රාත්‍රිය ගතකිරීම සඳහා සූදානම් කිරීමට ඩී.එස්. පියවර ගෙන තිබිණ.

තීන්දු තීරණ රැසක් ගනී

එදින රාත්‍රියේ රාජපක්ෂ පවුල අතර ඉතා දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් ඇතිවිය. එහිදී අපට දැනගන්නට ඇති නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව පිහිටුවන ආකාරය පිළිබඳවත්, ඉන් අනතුරුව ගන්නා තීන්දු තීරණ පිළිබඳවත්, පාර්ලිමේන්තුවට මුලින්ම ගේන අණපනත් පිළිබඳවත්, රාජපක්ෂවරුන්ගේ අනාගත උරුමක්කාරයා පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කොට තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවකි. එමෙන්ම මෙවර මැතිවරණයේදී ගෝඨාභය සහ මහින්ද රට වටේ ප්‍රචාරක රැස්වීම් පවත්වන ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ජා විය. ඒ අනුව තීන්දු වූයේ සම්මේලන ආකාරයට රැස්වීම් 22ක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමටය.

චමල්ගේ පුතාගේ ගෙදර තිබ්බ අන්තිම රැස්වීම

මේ ආකාරයටම රාජපක්ෂවරුන් අවසන් වරට රාත්‍රි කෑම මේසයේදී එක්වී දේශපාලන තීන්දුවක් ගත්තේ ජනාධිපතිවරණයට මාස තුනකට පමණ පෙරාතුය. එවර රාජපක්ෂවරුන් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබුණේ පවුලේ වැඩිමහල් සහෝදරයා වූ චමල්ගේ දෙවැනි පුත් ශමින්ද්‍ර රාජපක්ෂට අයත් පැලවත්තේ නිවෙසේදීය. ඊට චමල්, මහින්ද, බැසිල්, ගෝඨා, නාමල් ඇතුලු සියලු දෙනාම සහභාගි වී සිටි අතර, සාකච්ඡාවේ මාතෘකාව වූ තිබුණේ රාජපක්ෂ පවුලෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන්ය. ඒ වන විටත් ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී නොතිබුණද ගෝඨාභය එය අහෝසි කරගත හැකි බවට ලබාදුන් පොරොන්දුවත් සමඟ හෙතෙම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට රාජපක්ෂවරු එදා තීන්දු කළහ. එදා ශමින්ද්‍රගේ නිවෙසේ ගත් තීන්දුව හා සමානවම ප්‍රබල තීන්දු රැසක් ඩී.එස්.ගේ අනුරාධපුර නිවෙසේ පැවැති රාජපක්ෂවරන්ගේ සාකච්ඡාවේදීද ගෙන ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

පීත්ත පටිය කැපුවේ මුසම්මිල් බිරිය ෆෙරෝසා

මහින්ද පසු දින කුරුණෑගලට පැමිණ සිය ඡන්ද සටන ආරම්භ කළේ මෙසේ ගත් තීන්දු තීරණත් සමඟය. මහින්දට ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන කාර්යාලය සොයා දී තිබුණේ වෙන කවුරුවත් නොව වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාය. මහින්දට පක්ෂ කාර්යාලය සොයාදීමට මුසම්මිල් කටයුතු කළද කාර්යාලය විවෘත කරන අවස්ථාවේ මුසම්මිල් එහි සිටිටු දැකගන්නට නොලැබිණ. ඒ වෙනුවට එහි සිටියේ මුසම්මිල්ගේ බිරිය වූ ෆෙරෝසා මුසම්මිල්ය. මහින්ද සිය කාර්යාලයේ පීත්ත පටිය කැපුවේද ෆෙරෝසා සමඟ එක්වය. මුසම්මිල් ඒ අවස්ථාවට සහභාගි නොවුණද මහින්ද සමඟ කාර්යාල භූමියේ සිටින විශේෂ ඡායාරූපයක් රාජ්‍ය රහස් තීරයට ලැබිණ. මේ පළවන්නේ එම ඡායාරූපය.

මුසම්මිල්ට බාල්දියක්

කෙසේවෙතත් මෙම උත්සවයට සහභාගී වී දින 2ක් යාමට මත්තෙන් මුසම්මිල්ට මැතිවරණ කොමිසමෙන් ලිපියක් ලැබිණ. ඉන් කියවුණේ වයඹ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දේශපාලන කටයුත්තක නිරත වීම හරහා මුසම්මිල් මැතිවරණ නීතිය උල්ලංඝනය කොට ඇති බවකි. ඒ අනුව මේ වනවිට මුසම්මිල්ද සූදානමින් සිටින්නේ නීතිය ගැන පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමට පිළිතුරු ලිපියක් ලියන්නටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රෝසිට වෙච්ච දේ…

Next Post

දෙමළ ජාතිකයෙක් සිය පියා මරා දැමූ හැටි සජිත් වව්නියාවේදී කියයි

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.