සිය පුත්‍රයා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයෙන් තරග වදිද්දී කොළඹ පුරපතිනිය වූ රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (30) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සිරිකොතේ පැවැති රැස්වීමට රෝසි සේනානායක මහත්මිය සහ කොළඹ නාගරික මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී මුලින්ම රෝසි සේනානායක මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කොට ඒ මහතාගේ පක්ෂ කාර්යාලයට පවා යාමට පියවර ගෙන තිබිණ.
නමුත් පසුව වික්‍රමසිංහ මහතා රෝසි සේනානායක මහත්මියව නගරාධිපති තනතුරින් ඉවත් කිරීමට සැලසුම් කිරීමත් සමග නැවත වතාවක් ඒ මහතා හමුවී සිය තනතුර ආරක්ෂා කරගැනීමට සේනානායක මහත්මිය පියවර ගත්තාය.
ඒ අනුව ඊයේ රැස්වීමේදී වික්‍රමසිංහ මහතා අදහස් දක්වද්දී සේනානායක මහත්මිය කිසිවක් නොකියා නිහඩව බිම බලා සිටි ආකාරයක් දැකගත හැකිවිය.
එම සාකච්ජාවට කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවි කරුණානායක මහතාද එක්ව සිටියේය.











