බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝදුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යොදවා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් එම වැඩ පැවරීම කොට ඇත.
මේ අතර දඬුවම් නියම වුණු සිරකරුවන්ට නිකුත් කෙරෙන ජම්පරය නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක පවසයි.
එසේම දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට පෙරේදා යොමුකළ බවද ඔහු සඳහන් කරයි.
2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිතව වසර 20ක සිරදඬුවමක්ද සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිතව වසර 25ක සිරදඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (29) නියම කරනු ලැබීය.










