• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා විනාසය කලින්ම දුටු සිරිපා හිමේ බවුන් වඩන හිමිනමක් කියන තවත් මහා විනාශයක විස්මිත අනාවැකිය මෙන්න

June 29, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
කොරෝනා විනාසය කලින්ම දුටු සිරිපා හිමේ බවුන් වඩන හිමිනමක් කියන තවත් මහා විනාශයක විස්මිත අනාවැකිය මෙන්න
Share on WhatsAppShare on Facebook

“කාටවත් බැරිවුණා මේ වසංගතය ගැන හරියට අනාවැකි කියන්න”
“මෙච්චර මිනිස්සු මැරෙයි කියලා කිසිම ජ්‍යොතිෂවේදියෙක් කිව්වේ නෑ”
“මොකක් හරි වුණාට පස්සෙ තමයි හැමෝම අනාවැකි කියන්නෙ”
“සුනාමිය වෙලාවෙත් වුණේ ඕකම තමයි”
මේ පසුගිය කාලය පුරාම අපට අසන්නට ලැබුණු කතාය. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලෝකය පුරාම මිනිසුන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මියගොස්ය. ලක්ෂ අනූවකට අධික ලෝකවාසීන් පිරිසක් මේ මොහොතේත් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින්නේය. තත්ත්පරයෙන් තත්පරය එම අගයන් ඉහළ යමින් මුළු ලෝකයම ආර්ථික, සමාජයීය, දේශපාලන අතින් අර්බුදයට යනවා මිස විසඳුමක් පෙනෙන මානයේවත් නැත. අප මේ ගෙවමින් සිටින්නේ මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාල පරිච්ඡේදයකය.
තාක්ෂණික වශයෙන් ලෝකය කොපමණ දියුණු වුවත් මෙවැනි ව්‍යසනවලින් අසරණ වන මිනිසුන් මුලින්ම පිහිට පතන්නේ තමන් අදහන ආගම දහමෙන්ය. එයින් නොනවතින ඔවුන් ඉන්පසු පිහිට පතන්නේ අනාවැකිකරුවන්, ජ්‍යොතිෂ්‍යවේදීන්, මන්ත්‍රකරුවන්ගෙන්ය. ඒත් සමගම මුළු සමාජය පුරා පැතිරී යන්නේ එම අනාවැකිකරුවන්ගේ අනාවැකිය. එවැනි අත්දැකීම් ශ්‍රී ලාංකික අපට හොඳට හුරුපුරුදුය. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මේ කාලයෙත්, ජනාධිපතිවරණයක් පැවැත්වූ පසුගිය කාලයේත් ඒ අත්දැකීම් අපි නොඅඩුව විඳ ඇත්තෙමු.
ලෝකය දෙස බැලීමේදී ලෝකයේ මෙතෙක් සිටියා වූ හොඳම අනාවැකිකාරිය ලෙස හඳුන්වාදිය හැක්කේ බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරියය. ඇය 2019 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට ඇත. අමෙරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයකු පත්වීමේ සිට 2004 සුනාමිය, චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර, ස්ටාලින් මියයන දිනය ආදිය නිවැරදිව පැවසීමට ඇය සමත් වූවාය. මේ අතර කොරෝනා වසංගතය කරළියට ඒමත් සමඟ ඒ පිළිබඳ කලින්ම අනාවැකි කීවා යැයි පැවසෙන ඉන්දියාවේ කුඩා දරුවකුද ලෝකයේම අවධානය දිනාගත්තේය. අභිග්‍යා ආනන්ද් නමැති 14 හැවිරිදි මෙම දරුවාගේ අනාවැකි කිහිපයක් සත්‍ය වුවද, කොරෝනා වසංගතය මේ ලෝකයෙන් තුරන් වන දින පිළිබඳව ඔහු කියූ අනාවැකි සත්‍ය වූයේ නැත. මෙම වසංගතය අප්‍රේල් මාසයේදී ලෝකයෙන් තුරන් වන බවට ඔහු අනාවැකි පළ කළද වෛරසය හේතුවෙන් ඉන්දියාවද තවමත් සිටින්නේ බැරෑරුම් තත්ත්වයකය.
මේ ආකාරයට පසුගිය කාලයේ මුළු ලෝකයේම අනාවැකිකරුවන් අතර ප්‍රධානම මාතෘකාවක් බවට වූයේ කොරෝනා වසංගතයය. කෙසේ වෙතත් මීට වසරකට පමණ පෙර කොරෝනා වසංගතය පිළිබඳව නිවැරැදිව අනාවැකි කියූ සිරිපා අඩවියේ වැඩවාසය කරන භාවනානුයෝගී හිමිනමක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නට පටන් ගන්නේ ඔය අතර වාරයේය. සප්ත කන්‍යා නම් කඳු සතකින් යුක්ත වූ කඳු වැටියකින් වටවී ඇති සමනල කන්ද සැලකෙන්නේ බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් වන්දනීය ස්ථානයක් ලෙසටය. දුර්ලභ ගණයේ ආවේණික සතුන් හා ගස්වලින් ගහණ වූ මෙම වැසි වනාන්තරය ආශ්‍රය කරගෙන භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වැඩවසන බව අසා තිබුණද එවන් හිමිනමක් මේ ආකාරයට ප්‍රසිද්ධියේ අනාවැකි කියූ අවස්ථා මින් පෙර අප අසා තිබුණේ නැත. ඒ නිසා මෙම අනාවැකි කියූ භාවනානුයෝගී හිමියන් ගැන සෙවීමට බොහෝ දෙනා උනන්දුවන ආකාරයක් දැකගන්නට ලැබිණි.
මේ අතර එක්වරම ‘ධනුෂ් ව්ලොග්ස්’ නම් යූටියුබ් නාළිකාව හරහා උන් වහන්සේ පිළිබඳ තොරතුරු හා උන්වහන්සේ දැක්වූ අදහස් ප්‍රචාරය වන්නට පටන්ගන්නේය. ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩවසන ලේල්වල සද්ධාජීව නම් මේ ස්වාමීන් වහන්සේ මෙහිදී ඉතා ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් පළ කරන අතර, ඉදිරියේදී ලෝකයට ඇතිවන මහා ව්‍යසන ගැනත්, ඉන් ගැලවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් එහිදී උන්වහන්සේ සුවිශේෂී අනාවරණයක් කරන්නේය.
“මේ වන විට මේ ලෝකයේ මහා විනාශයක් සිදුවෙමින් පවතිනවා. මේ පිළිබඳව මීට අවුරුද්දකට පෙරත් මාධ්‍ය හරහා මම ප්‍රකාශ කරල තියෙනවා. ඒකෙන් මම සමාජයට දැනුම්දීමක් කළා. මේ ලෝකෙ යම්කිසි ව්‍යසනයක් තියෙනව නම් ජනතාව දැනුවත් කිරීම මගේ යුතුකමක්. එහෙම ව්‍යසනයක් දැකල යම්කිසි හේතුවක් උඩ තමයි මම ඒ ප්‍රකාශය කළේ. 2020 වෙන ව්‍යසනය අවුරුද්දකට කලින්ම මම පැහැදිලිවම කිව්ව. මම කොරෝනා කියල වචනයෙන් කිව්වෙ නැති වුණාට 2020 මුළු ලෝකෙටම ව්‍යසන සහිත වසරක් වෙනව කියල පැහැදිලිවම කිව්ව. මුළු ලංකාවෙම ඒක අහල බලල තිබුණ. නමුත් ඒ වෙලාවෙ කිසි කෙනෙක් ඒක ගාණකට ගත්තෙ නෑ. ඒත් මෙම ව්‍යසනය දරුණු වුණාට පස්සෙ මං ඒ කිව්ව දේ ගැන අහන්න නොයෙකුත් ජනමාධ්‍ය මාව හොයාගෙන එන්න ගත්ත. දැන් එහෙම එන එකේ කිසිම තේරුමක් නෑ. මොකද දැන් හැමදේම වෙලා ඉවරයි. අනිත් එක එහෙම එන එක වනවාසීව භාවනානුයෝගීව ඉන්න අපි වගේ යතිවරයන්ගෙ නිදහසට කරන බාධාවක්. එහෙම අපේ නිදහසට තවදුරටත් බාධා වෙන්න ගත්තොත් අපිට කරන්න වෙන්නෙ මේ පුද්ගලයන්ගෙන් මිදිල මේ කැලේ තවත් ඈතට යන්න වෙන එක.
මේ ලෝකෙ කොපමණ ජනතාව හිටියත් 2020 වුණ මේ ව්‍යසනය කියන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා හිටියෙ නෑ. නමුත් මම මීට කලින් මේ ව්‍යසනය ගැන රටට කිව්වට පස්සෙ කිසිම කෙනෙක් මගෙන් ඒ ගැන අහන්න ආවෙ නෑ කොහොමද මේ උවදුරෙන් බේරෙන්නෙ කියල. මේක වුණාට පස්සෙ දැන් ඒ ගැන මගෙන් අහල වැඩක් නෑ. කලින් ආව නම් මේකෙන් ආරක්ෂා වෙන විදිහ ගැන මට කියන්න තිබ්බ. ඒ වෙලාව මම 2030 මේ ලෝකෙ ඇතිවෙන විශාල ව්‍යසන ගණනාවක් ගැනත් ලෝකෙට කිව්ව. ඒ වගේම මම තව අනාවැකියක් කිව්ව 2024 අවුරුද්දෙ වෙන ස්වාභාවික විපතක් ගැන. 2024 අග භාගය වෙනකොට රටේ දකුණ, නැඟෙනහිර, උතුරු පළාත්වලට විශාල ස්වාභාවික විපතකට මුහුණදෙන්න තියෙනව. ඒක සුනාමියක්වත්, සුළිසුළඟක්වත් කියල මට හරියටම කියන්න බෑ. ඒ ව්‍යසනයෙන් කිසිම කෙනෙක්ට කොහෙවත් හැංගිලා බේරෙන්න බෑ. ධර්මයේ හැසිරීම තමයි ඒකට කරන්න තියෙන එකම දේ. ධර්මය හැරෙන්න අපිට මේ මිහිපිට පිහිට වෙන වෙන කිසිම දෙයක් නෑ. මට පේනව මේ ලෝකවාසී ජනතාවම එකට එකතු වෙලා එක්තරා පාපකාරී ක්‍රියාදාමයක් ඉදිරියට අරගෙන යනව. මේකට අපි කියන්නෙ දේව කෝපයක් කියල. දෙවියො අපි දිහා බලන්නෙ නෑ. එතකොට තමයි මේ වගේ ස්වාභාවික විපත් ඇතිවෙන්නෙ.”
මේ ආකාරයට 2020 ඇතිවූ කොරෝනා වසංගතය පිළිබඳවත්, 2030 ඇතිවන තවත් දරුණු ව්‍යසනයක් ගැනත්, එම වසරේ ලෝකයට පහළවන මහා බලගතු පුද්ගලයකු ගැනත් මින් පෙර කිසිදු කෙනෙක් නොකළ ආකාරයේ අනාවැකි කිහිපයක් මෙහිදී උන්වහන්සේ පළ කළහ.
“2030 කියන්නෙ ලෝකයට ඉතාම භයානක කාලපරිච්ඡේදයක්. ඒක එක විදිහකට ලෝක විනාශයක් කියල කිව්වොත් මම නිවැරැදියි. 2030 ඇතිවන ව්‍යසනත් එක්ක බලද්දි කොරෝනා කියන්නෙ ඒ තරම් දෙයක් නෙමෙයි. ඒක නිකන් 2030 ඇතිවන මහා ව්‍යසනයට කලින් එන පෙරහුරුවක් වගේ. මම කියනව 2030 ව්‍යසනයෙන් ආරක්ෂා වීමට මිනිසුන් සූදානම් විය යුතුයි. මිනිසා සොබාදහමට විරුද්ධව යෑම නිසා සොබාදහම විසින් මිනිසාට පහරදීමක් තමයි මෙහිදී සිදුවන්නේ. එහිදී මේ ලෝකෙ විශාල මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. ඒක කොයි තරම්ද කියනව නම් මේ ලෝකෙන් බාගෙකටත් වැඩිය මිනිසුන් මියයනව. 2030 සැප්තැම්බර් 22 වැනිදා මිනිසා පළමුවැනි වරට න්‍යෂ්ටික අවි පාවිච්චි කරල තමයි මේ ව්‍යසනය පටන් ගන්නෙ. මෝඩ පාලකයන් විසින් තමයි මේ මහා විනාශයට පාර කපන්නෙ. බටහිර ආසියාව පැත්තෙන් ආරම්භ වන මේ න්‍යෂ්ටික යුද්ධය ඉන් පස්සෙ මුළු ලෝකය පුරාම පැතිරී යනව. මේ ව්‍යසනයෙන් බේරෙන්න ලැබෙන්නෙ ලෝකේ ඉතාම සුළු මිනිසුන් පිරිසකට පමණයි.
අපි මේ ජීවත් වෙන්නෙ බුදුවරු පස්නමක් පහළ වන මහා භද්‍රකල්පයක. බුද්ධ දේශනාවේ සඳහන් වෙනව මහා භද්‍රකල්පයක පහළ වෙන බුදුවරුන්ට වැඩිය ඒ කාලය තුළ සක්විති රජවරුන් පහළ වෙනවයි කියල. ඒ වගේම තමයි 2030 මේ ලෝකෙට සක්විති රජ කෙනෙක් පහළ වෙන වසරක් වෙනව. මේ වෙනකොට මේ මුළු ලෝකයම මහ කුණු ගොඩක්. තව ඉදිරියට යන්න යන්න මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මිනිසුන්ගෙ දුෂ්චරිතකම්, අසත්පුරුෂකම් තව තවත් ඉහවහා යනව. ඉතින් එහෙම තැනකට සක්විති රජෙක් පහළ වෙන්නෙ නෑ. ඒකට මේ දුෂ්චරිතකම්වලින් පිරිච්ච කුණුගොඩ සුද්ධ වෙන්නෙ ඕනෙ. සොබාව ධර්මයෙන්ම මේ කුණුගොඩ සුද්ද කරන එක තමයි 2030 අවුරුද්දෙ වෙන්නෙ. දැන් අපිට සිදුවන ව්‍යසනවලින් පෙනෙන්න තියෙන්නේ සක්විති රජෙක් පහළ වීමේ පෙරනිමිති. හැබැයි අපි මතක තියාගන්න ඕන එහෙම සක්විති රජ වෙන්නෙ හෙළයෙක්. මේ වෙනකොට සක්විති රජෙක් පහළ වීමේ න්‍යායධර්මයක් මේ මුළු සක්වල හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2030 පහළ වෙන මේ සක්විති රජ 2045 මුළු ලෝකයම පාලනය කරන රජෙක් බවට පත්වෙනව. ඒ වෙනකොට මුළු ලෝකෙම මිථ්‍යා දෘෂ්ටික ආගම් නැතිවෙලා බුද්ධාගම විතරයි ඉතුරු වෙන්නෙ. බුදු දහම මුල්කරගත්ත හෙළයෙක් තමයි මේ මුළු ලෝකෙටම බුදු දහම ප්‍රචාරය කරන සක්විති රජ වෙන්නෙ. මෙතුවක් කල් අපිට දකින්න ලැබුණෙ නැති තරම් මහ රහතුන් ප්‍රමාණයක් ඒ වෙනකොට අපිට දකින්න ලැබෙනව. මෙන්න මේ වගේ ඉතා සුවිශේෂී සිදුවීම මාලාවක් තමයි අපිට 2030 දැකගන්න පුළුවන් වෙන්නෙ.”
සිරිපාද අඩවියේ භාවනානුයෝගීව වැඩවසන ලේල්වල සද්ධාජීව හිමියන් පවසන මේ අනාවැකි විශ්මයජනකය. භාවනාවෙන් උපදවාගත් ආධ්‍යාත්මික ශක්තිය පදනම් කරගෙන කරන මෙම ප්‍රකාශ අපට එකවර බැහැර කළ නොහැක. අපට මරණයෙන් ගැලවිය නොහැකිවා සේම කල්තියා දැනුම්දීමකින් තොරව පැමිණෙන ස්වභාවික විපත්වලින් ගැලවීමටද නොහැකිය. මේ මොහොතේ අප කළ හැක්කේ පෙර සූදානමකින් යුතුව අපගේ ගුණ දහම් වර්ධනය කරගෙන ධාර්මිකව ජීවත් වීම පමණය.

අනූූ දහනායක

SendShareShare
Previous Post

ඇන්ඩර්සන් පරදා මුරලි ‘සියවසේ ලොව වටිනාම ක්‍රීඩකයා’ වෙයි

Next Post

MCC ඉරා දානවද-අධ්‍යයනය කරනවාද? කිරිඇල්ල ගෝඨාභයගෙන් අහයි (VIDEO)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.