පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකුගේ කුරුණෑගල නිවෙසකින් රුපියල් තුන්කෝටි දසලක්ෂයක මුදලක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
මෙම මුදල නිවෙසේ ගෙවත්තේ වළ දමා තිබියදී සොයා ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් මෙම මුදල් උපයාගෙන ඇති බවද රහස් පොලිසිය සොයාගෙන තිබේ.
මීට අමතරව තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමටද රහස් පොලිසිය සමත්ව ඇත.











