• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත්-මාලිනී-රවීන්ද්‍ර සමග මහින්ද විශේෂ සාකච්ජාවක (PHOTOS)

June 27, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
සනත්-මාලිනී-රවීන්ද්‍ර සමග මහින්ද විශේෂ සාකච්ජාවක (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අය වැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.

වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනය යටතේ පවතින හෙයින් සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගත්තද, රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පාඩු ලැබීමට සිදු වේ යැයි යන බිය නිසා නිෂ්පාදකයින් තමන්ගේ චිත්‍රපට මේ අවස්ථාවේ දී ප්‍රදර්ශනය කිරීමට පසුබට වන බව ද මෙහි දී සඳහන් විය.

සිනමා ශාලා විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මේ වන විට සිනමා ශාලා හිමියන් වෙත ලබාදී ඇති බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ දුරස්ථභාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට තවදුරටත් සෞඛ්‍ය අංශ වලට සහාය ලබා දෙන ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ කලාකරුවන්ට ලබාදුන් සහන පිළිබඳව ද මෙහි දී සිහිපත් කළ සිනමා ශාලා හිමියන් පෙන්වා දුන්නේ පසුගිය රජය සමයේ එම බදු සහන ඉවත් කිරීම නිසා සිනමා කර්මාන්තයේ යෙදී සිටින බොහෝ පිරිස් අපහසුතාවයට පත්ව සිටින බවයි.

ඉකුත් රජය සමයේ සිනමා ක්ෂේත්‍රයට අහිමි කළ බදු සහන නැවත ලබාදෙන ලෙස ද මෙහි දී සිනමා කර්මාන්තයේ යෙදී සිටින පිරිස් අග්‍රමාත්‍යවරයා ගෙන් ඉල්ලීමක් කළේය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකය බිඳවැටී ඇති ආකාරය පිළිබඳව මෙහි දී විස්තර කළ අග්‍රාමාත්‍යවරයා සිනමා කර්මාන්තයේ නගාසිටුවීම සඳහා රජයක් වශයෙන් ලබාදිය හැකි සහන ඉදිරි අය වැයෙන් ලබා දෙන බව ද සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දින සියයකට වැඩි කාලයක් සිනමා ශාලා වසා දමා තිබුණ ද සිනමා ශාලා යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා සිනමා ශාලා හිමියන්ට විශාල පිරිවැයක් දරන්නට සිදු වූ බව ද ඔවුන් පෙන්වා දුන්නේය.

සිනමාශාලාවල විදුලි බිල් වෙළෙඳ ගණනය කිරීම යටතේ ගණනය කිරීම වෙනුවට කර්මාන්ත ගණනය කිරීම යටතේ ගණනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙහිදී සිනමා ශාලා හිමියන් ඉල්ලීමක් කළේ ය. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් දුන්නේය.

චිත්‍රපට බෙදාහැරීම ඇතුළු සිනමා කර්මාන්තය මුහුණ දී සිටින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහි දී අග්‍රාමාත්‍යවරයා ගේ අවධානය යොමුකෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ලෝක ආර්ථිකය වගේම දේශිය ආර්ථිකයත් මේ අවස්ථාවේ කඩා වැටිලා. එදා අපි බාර දුන්න ආණ්ඩුව නෙවෙයි අපිට භාරගන්න සිද්ධ වුණේ. ඒ අතරේ මේ කොවිඩ් වසංගතයක් ආවා. මේ වෙන තෙක් ලෝක බැංකුවෙන් හෝ මොන යම් තැනකින් වත් එක ඩොලරයක් අපිට ලැබිලා නැහැ. සිනමා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රටේ වත්මන් තත්වය හමුවේ වුවත් මෙවර අය වැයෙන් දිය හැකි සහන ලබා දෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා බුද්ධ ශාසන බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් බංදුල හරිස්චන්ද්‍ර මහතා, සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතා, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක යන ප්‍රවීන නළු නිළියන් ද ඇතුළුව සිනමා කර්මාන්ත ක්ශ්‍රේෂ්ත්‍රයේ නියුතු අය සහභාගී වූහ.

SendShareShare
Previous Post

ප්‍රශ්නය ඉවරයි: සජිත් හරීන් අරන් කාදිනල් හිමි ළගට යයි (VIDEO)

Next Post

පොලිසියේ රෙදි ගැලවෙයි: ‘නාකොටික්’ නිලධාරියාගේ වත්තේ කෝටි 3ක කුඩු සල්ලි වළලලා

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.