• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සඳහා සිංගර් වෙතින් නවතම වෙබ් අඩවියක්

June 26, 2020
in Business
Reading Time: 2 mins read
A A
විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සඳහා සිංගර් වෙතින් නවතම වෙබ් අඩවියක්
Share on WhatsAppShare on Facebook

ජුනි 26 සිට 28 දක්වා විශේෂ වට්ටම් රැසක් පාරිභෝගිකයා වෙතට පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය
ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා
www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය.ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත්
පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත්
කිරීම මගින් යළිත් වරක් පාරිභෝගිකයින් අතරෙහි ප්‍රචලිත විණි. පාරිභෝගිකයින්ට
උසස්ම ආකාරයේ සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියා කරන සිංගර් හි මෙම
නවතම වෙබ් අඩවිය දියත් කිරීමේ අරමුණ වනුයේද, වෙනස් වන වෙළඳ අවශ්‍යතාවන්ට
අනුව පාරිභෝගිකයාට විශිෂ්ට සේවාවක් ලබා දීමයි.
මෙම නවතම වෙබ් අඩිවිය ඕනෑම උපාංගයක් මගින් කිසිදු බාධාවකින් තොරව ඉතා
පහසුවෙන් හා වේගවත්ව භාවිත කිරීමේ හැකියාව පවතී. එමෙන්ම, මෙම නවතම
වෙබ් අඩවියට කඩිනම් හා කාර්යක්ෂම ක්‍රමවේදයක් ඇතුළත් කර ඇති අතර, එමගින්
ඔවුන් ප්‍රිය කරන සිංගර් මාදිලිවලින් තෝරා ගන්නා භාණ්ඩය පහසුවෙන් අන්තර්ජාලය
මගින් ඇණවුම් කිරීමේ ඉඩකඩ සලසා තිබේ. නව වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ,
අන්තර්ජාලය මගින් නිෂ්පාදන තෝරා ගැනීම, මිලදී ගැනීම, ඇණවුම් කිරීම, භාණ්ඩ
පරීක්ෂා කිරීම හා විශ්වාසදායී ලෙස මුදල් ගෙවීම ආදී කාර්යයන් ගණනාවක් සඳහා
පාරිභෝගිකයින් හට සහය සලසමින්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ළඟා කරදීම
උදෙසාය.
නවතම වෙබ් අඩවිය එළි දක්වමින් සිංගර් ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන්
කරනු වස්, සිංගර් වෙබ් අඩවිය යළි දියත් කිරීම නිමිති කර, 2020 ජුනි 26, 27 සහ 28
යන දිනවල සිංගර් නිෂ්පාදන සඳහා 20% දක්වා විශේෂ වට්ටම් ලබා දීමට නියමිතය.
පුළුල් පරාසයක සිංගර් නිෂ්පාදන රාශියක් සඳහා මෙලෙස වට්ටම් පිරි නැමේ.
“අපගේ පාරිභෝගිකයින් හට අසමසම පාරිභෝගික අත්දැකීමක් විඳීමට අවස්ථාව
සලසමින් සිංගර් ඔවුන් සමග ජීවිත කාලය පුරාම පවතින සම්බන්ධතාවයක් ගොඩ නගා
ගැනීමට සැම විටම උත්සාහ කරනවා. අපගේ නව වෙබ් අඩවිය, දිනෙන් දින වර්ධනය
වන අන්තර්ජාල පාරිභෝගිකයින්ට පහසුව සලසමින් ඉතා සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර
ගනු ඇතැයි අපේක්ෂා කරනවා.” සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේය.

වේගවත්, නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ලබා දෙන මෙම වෙබ් අඩවිය cloud
සත්කාරකත්වයෙන් යුතු වන අතර, එහි ඉහළ පරිමාණක විසඳුම් හේතුවෙන් වේගවත්
හා නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ළඟා කර දෙයි.
“නව වෙබ් අඩවිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඊ-වාණිජ වෙබ් අඩවි මගින් ලබා දෙන
සේවාවන්ට සමානයි. මෙම වෙබ් අඩවිය, අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිළිගත්
සම්මතයන්ට අනුව ඩිජිටල් අවකාශය තුළින් අපගේ දිනෙන් දින වර්ධනය වන
පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසනවා. විශේෂ අන්තර්ජාල දීමනා
මෙන්ම මිලදී ගැනීම් වේගවත් කරන සරල පරිශීලක මුහුණතක් අපේක්ෂා කරන
පාරිභෝගිකයින් හට මෙම අන්තර්ජාල භාණ්ඩ ගබඩාව වැඩි පහසුවක් අත් කර
දෙනවා.” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා
පැවසීය.
ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තර
පිළිගත් උසස් තත්ත්වයේ සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන
සිටියි. අලෙවිසැල් 430 කට අධික සංඛ්‍යාවක් සහ 2800 ක් වන දිවයින පුරා ව්‍යාප්ත
අලෙවි ජාලය සමගින් අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට විශිෂ්ට සේවාවක් ලබා
දීමටද සිංගර් කටයුතු කරයි. සිංගර් මගින් වෙළෙඳ පොළට නිකුත් කෙරෙන නිෂ්පාදන
අතරට, ජාත්‍යන්තර පිළිගත් කීර්තිමත් වෙළඳ නාම 50 කට වැඩි ප්‍රමාණයක විදුලි
උපකරණ 600 ක් සහ ගෘහ උපකරණ 1200 ක් දක්වා භාණ්ඩ රැසක් අයත් වෙයි.

SendShareShare
Previous Post

වැලිකඩ හිරගෙදරට හදිසියේම බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවයි

Next Post

මහින්ද ප්‍රේමදාසට ඇඳීම: සජිත් මහින්දට ඇඳීම (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.