• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද ප්‍රේමදාසට ඇඳීම: සජිත් මහින්දට ඇඳීම (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 27, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මහින්ද ප්‍රේමදාසට ඇඳීම: සජිත් මහින්දට ඇඳීම (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ‘යුක්තිය’ ජනප්‍රිය විකල්ප පත්තරයකි. මේ පත්තරයේ අවසන් පිටුවේ යාංහෑලි නමින් පිටුවක් පළ විය. මේ යාංහෑලි පිටුවේ පළ වූයේ ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලන රස කතා නොහොත් ඕපාදූපය. එක් දිනක මෙහි අපූරු යාං හෑල්ලක් පළ විය.
එහි සඳහන් වූයේ ඊළඟ ජනාධිපතිවරණය ජයගන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ප්‍රේමදාස කෙනෙක් හොයනවා කියාය. එකල ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඇවිත් ලලිත් සහ ගාමිණී ආණ්ඩුවෙන් එළියේ සිටියත් ප්‍රේමදාසව පරාජය කිරීම දුෂ්කරය යන මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ මුල් බැහැගෙන තිබිණි. එයට හේතුව ගම්වල දුප්පත් මිනිස්සු අතර ප්‍රේමදාස පොඩි මිනිහෙක්, පුංචි පන්තියේ මිනිහෙක්ය කියන හැඟීම ව්‍යාප්ත වී තිබීමත්, බණ්ඩාරනායක මැතිනිය කොළඹ කුරුඳුවත්තේ රදල පවුලක කාන්තාවක්ය යන හැඟීම ව්‍යාප්ත වී තිබීමත්ය.
ඇත්තටම ජේ. ආර්. යූ.ඇන්.පී. නායකත්වයට පත්වී ප්‍රේමදාසව තම දෙවැනියා බවට පත්කර ගැනීමට කලින් මේ කොළඹ කුරුඳුවත්තේ රදල වලව් හංවඩුව ගහගෙන හිටියේ යූ.ඇන්.පී.යය. එකල යූ.ඇන්.පී.ය ප්‍රකටව හිටියේ රදල වලව් ආරක්‍ෂා කරන ධනපති පක්‍ෂයක් ලෙසය. බණ්ඩාරනායකවරු රදල වලව්කාරයන් වුවත් වාමවාදී පක්‍ෂ සමඟ එක් වීමෙන්ද, බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කොට ධනපතියන්ගේ කොම්පැනි ජනසතු කිරීමෙන්ද රදල වලව් හැව ඉවත් කොට පොඩි මිනිහාගේ නායකයා බවට පත්වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොඩි මිනිහාගේ පක්‍ෂය බවට පත්කොට තිබිණි. බණ්ඩාරනායකගෙන් පසු පක්‍ෂ නායකත්වයට පත් බණ්ඩාරනායක මැතිනිය කීවේ යූ.ඇන්.පී.ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සටන, ‘ඇතිවුන් සහ නැතිවුන්’ අතර සටනක් කියාය. ‘ප්‍රගතිශීලීන් සහ ප්‍රතිගාමීන්’ අතර සටනක් කියාය. ‘ධනවාදීන් සහ සමාජවාදීන්’ අතර සටනක් කියාය.
1970 අන්ත පරාජයට පසු ඩඞ්ලිගේ මරණයෙන් පක්‍ෂ නායකත්වයට පත් ජේ. ආර්.ට යූ.ඇන්.පී.යෙන් මේ හංවඩුව ගලවන්න ඕනෑ විය. ඔහු යූ.ඇන්.පී.යේ වලව්වාදය නියෝජනය කළ රුක්මන් සේනානායක ඉවත් කොට කෙහෙල්වත්තේ ප්‍රේමදාසව එතැනට ගෙන ආවා පමණක් නොව ඩඞ්ලි නායකත්වය දරද්දී ගමේ වලව්කාරයන්ට, ධනපතියන්ට හිමි වූ ආසන සංවිධායකකම් ගම්වල පොඩි මිනිසුන්ට දුන්නේය. හොඳම නිදසුන ජා-ඇළ ආසනයය. ජා-ඇළ ආසනය නියෝජනය කළ වලව්කාර මන්ත්‍රි මියගිය විට ජේ. ආර්. සිනමා ශාලාවක සේවය කළ ජෝශප් මයිකල්ව ජා-ඇළ යූ.ඇන්.පී. අපේක්‍ෂකයා බවට පත්කළේය. ජෝශප් මයිකල්ව අපේක්‍ෂකයා කරවන්න ජේ. ආර්.ව එකඟ කරගත්තේ ප්‍රේමදාසය. යූ.ඇන්.පී.යට යළි බලයට එන්න නම් යූ.ඇන්.පී.යට වැදී ඇති ධනපති හංවඩුව ඉවත් කරගෙන යූ.ඇන්.පී.ය පොඩි මිනිහාගේ පක්‍ෂයක් බවට පත්කොට පෙන්විය යුතු යැයි ප්‍රේමදාස ජේ. ආර්.ට කීවේය. ජේ. ආර්. එය පිළිගත්තේය. ජේ. ආර්. යූ.ඇන්.පීයේ ධනපති හැව ඉවත් කළ හැටි ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙලෙසය.
‘නවසිය හැත්තෑ ගණන්වල මැද භාගයේ රටේ පැවැති වාතාවරණයට සරිලන ආකාරයටත්, තරුණ ඡන්දදායකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිද්දෙනුත්, එක්සත් ජාතික පක්‍ෂයට නව ප්‍රතිරූපයක් ලබා දීමට ජේ. ආර්. තුළ වූ දැඩි ආශාව, ඇතැම් විට නොඉවසිලිමත් බව, එවකට ඔහු සමඟ සමීපව කටයුතු කළ අය සිහිපත් කරති. නවසිය හැත්තෑ ගණන්වල මුල හරියේදී අත්දුටු සිදුවීම්වලින් තරුණ ඡන්දදායකයන් විශාල කොටසක් පෙරැළිකාරී අදහස්වලට නැඹුරුව සිටි නිසා, එක්සත් ජාතික පක්‍ෂය සමාජවාදී පක්‍ෂයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු යැයි අදහස් කළ ඇතැම් තරුණ පාක්‍ෂිකයන්ගේ තර්කවලට යා දෙන්නට ජේ. ආර්.ට සිදු වූයේ ඇයිද යන්න ඉහත සඳහන් දැඩි නොසන්සුන් බවින් ස්ඵුට වෙයි’ 1975 මැයි 1 වැනිදා පක්‍ෂයේ මැයි දින රැලියට එක්රොක් වුණු අතිවිශාල ජනකාය අමතමින්, එක්සත් ජාතික පක්‍ෂය දැන් සමාජවාදී පක්‍ෂයකැයි ඔහු නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, මාක්ස්වාදී වමේත් සමාජවාදයෙන් පැහැදිලි ලෙස වෙනස් වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක් බව අවධාරණය කරන ලදී. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ධනවාදයේ ප්‍රධාන දේශකයා ලෙස හංවඩු ගසනු ලැබ සිටි පුද්ගලයා දැන් සමාජවාදයේ අනුසස් කියා පෑම සරදමක් ලෙස පෙනිණි. එහෙත් ඔහුගේ පැත්තෙන් බලන විට ජේ. ආර්. සුළං හමන අතට රුවල බඳිමින් සිටියේය.’
‘නොනිමි මෙහෙවර’ නම් වූ ලලිත් ඇතුළත්මුදලි චරිතාපදානයේ ජේ. ආර්. කළ ඒ වෙනස සඳහන් වන්නේ මෙසේය.
‘එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිරූපය ගොවි, කම්කරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට තැනක් ලබා දෙන පක්‍ෂයක් ලෙස පින්තාරු කර තිබිණි. කම්කරු විරෝධී ප්‍රතිගාමී පක්‍ෂයක් ලෙස වාමාංශිකයන් විසින් භෞතිස්ම කර කම්කරුවන්ට හඳුන්වා තිබුණු එක්සත් ජාතික පක්‍ෂය කම්කරු හිතවාදී පොදුජන පක්‍ෂයක් බවට පත්ව ඇතැයි ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.’
1977 සිට 1994 තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද පරාජය වූයේ ජේ. ආර්. සහ ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පදනම වූ පොඩි මිනිහාගේ ඡන්ද පදනම ආක්‍රමණය කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රදල වලව් පක්‍ෂයක් ලෙස හංවඩු ගහපු නිසාය. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ‘යුක්තිය’ පුවත්පත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රේමදාස කෙනෙක් හොයනවාය යන යාං හෑල්ල පළ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි පොඩි මිනිසාගේ පක්‍ෂයක් බවට පත්නොකර දිනන්න බැරි බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ මුල්බැස තිබූ මතය පක්‍ෂය තුළ කතාබහට ලක්වූ නිසාය.
1993 ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු ජනාධිපති වූ විජේතුංගත්, අගමැති රනිලුත් යූ.ඇන්.පී.යෙන් ප්‍රේමදාසවාදීන් ඉවත් කොට යූ.ඇන්.පී.ය යළි ධනපතිවාදී පක්‍ෂයක් බවට පත්කිරීමට කටයුතු කිරීම නිසාත්, පොඩි මිනිහෙක් ලෙස ප්‍රකට විජය කුමාරණතුංගගේ බිරිය චන්ද්‍රිකා පක්‍ෂ නායකත්වයට පත් වීමත්, පක්‍ෂයේ රදල සංකේතය වූ ඔටුන්න හිමි කුමරා අනුර පක්‍ෂයෙන් ඉවත් කිරීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි පොඩි මිනිහාගේ පක්‍ෂයක් බවට පත්විය. ඇත්තටම ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසුව පැවැති 1993 පළාත් සභා ඡන්දයෙන් යූ.ඇන්.පී.ය ගම දින්නේය. පරාජය වුණේ බස්නාහිර නගරයය. විජේතුංගලා, රනිල්ලාගේ යූ.ඇන්.පී.ය නගරය පරාජය වූයේ ප්‍රේමදාසවාදීන් නිසා කියල ප්‍රේමදාසවාදීන් කොන් කරල පක්‍ෂය යළි ප්‍රභූ පක්‍ෂයක් බවට පත්කොට නගරය අල්ලන්න ගියහ. චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොඩි මිනිහාගේ පක්‍ෂය බවට පත් කළ තම පියා බණ්ඩාරනායක සහ සැමියා විජයව විකුණා යූ.ඇන්.පී.යෙන් ගම ඩැහැ ගත්තාය. ඒත් චන්ද්‍රිකාත්, යූ.ඇන්.පී. ආර්ථික ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරමින් ලෝක බැංකුව, මූල්‍ය අරමුදල කියන පදයට නටපු නිසා ගම සහ පොඩි මිනිහා ආකර්ෂණය කරගන්න ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවේය.
2004 මහ මැතිවරණයේදී ගම සහ පොඩි මිනිහා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බව තේරුම් ගත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නැඟීගෙන ආ නායකයා මහින්ද, රණසිංහ ප්‍රේමදාසගේ පොඩි මිනිහා චරිතයට අඳින්න පටන් ගත්තේය. ඔහු ප්‍රේමදාස මෙන් රනිල්ගේ කුරුඳුවත්ත ප්‍රභූ ධනපති පන්තියටත්, චන්ද්‍රිකා සහ අනුරගේ රදල වලව්වාදයටත් ගහල ප්‍රේමදාසගේ පොඩි මිනිහා චරිතයට ඇන්දේය. චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගම ඩැහැගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණද මහින්ද දිනවන්න එක්විය.
ප්‍රේමදාසගේ සහ මහින්දගේ පොඩි මිනිහා චරිතයේ ප්‍රධාන වෙනස වූයේ ප්‍රේමදාස ඇතිවුන් සහ නැතිවුන් අතර බේදය හදා පොඩි මිනිහා චරිතය රඟපෑමත්, මහින්ද එල්.ටී.ටී.ඊ, විරෝධී අනෙකුත් ආගම් විරෝධී සිංහල බෞද්ධ පදනම මත පොඩි මිනිහාගේ චරිතය රඟපෑමත්ය. ප්‍රේමදාස ගම දින්නේ දුප්පතුන්ට වැඩ කරලාය. මහින්ද ගම දින්නේ සිංහල බෞද්ධකම විකුණලාය.
ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බලන විට 1956න් පසු ලංකාවේ දේශපාලන ගමන ඇතිවුන් සහ නැතිවුන් අතර සටනක් බවට පත්කළේ බණ්ඩාරනායකය. එයින් දැඩි සේ යූ.ඇන්.පී.යට හානි විය. 1977න් පසු ප්‍රේමදාස බණ්ඩාරනායකට ඇන්දේය. ඔහු ලංකාවේ දේශපාලනය රදල ප්‍රභූ පන්තිය සහ පොඩි මිනිහාගේ පන්තිය අතර සටනක් බවට පත්කළේය. එයින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැඩි සේ හානි විය. 2005 මහින්ද ප්‍රේමදාසට ඇඳලා ලංකාවේ දේශපාලනය සිංහල බෞද්ධ සහ බෞද්ධ විරෝධී සටනක් බවට පත්කළේය. මෙයින් දැඩි සේ හානි වූයේ යූ.ඇන්.පී.යටය.
අද යූ.ඇන්.පී.ය ඉන්නේ 1973 ජේ. ආර්. යූ.ඇන්.පී.ය බාර ගන්නා විට සිටි තැනය. යූ.ඇන්.පී.ය දිනන්න නම් වලව්වාදයෙන්, ධනපතිවාදයෙන්, ප්‍රභූ පැලැන්තියෙන් නිදහස් වී පොඩි මිනිහාගේ පක්‍ෂයක් විය යුතු යැයි කියමින් ප්‍රේමදාස පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් හදා රට වටා ගියේය. ඩඞ්ලිගේ මරණයට පසු ජේ. ආර්. නායකත්වයට පත්වූ විගස ප්‍රේමදාස සමඟ එක් වී ජේ. ආර්. යූ.ඇන්.පී.ය පොඩි මිනිහාගේ සමාජවාදී පක්‍ෂය බවට පත්කළේය.
අද ප්‍රේමදාසගේ පුතා සමඟි ජනබලවේගය නමින් අලුත් සන්ධානයක් හදා කියන්නේ ලංකාව සිංහල බෞද්ධ රටක් කියාය. ඒක හරියට ජේ. ආර්. එදා පක්‍ෂ සම්මේලනයේදී යූ.ඇන්.පී.ය සමාජවාදී පක්‍ෂයක් යැයි කීවාට සමානය. ජේ. ආර්. කීවේ යූ.ඇන්.පී.ය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජවාදී පක්‍ෂයක් කියාය. අද සජිත් කියන්නේ සමඟි ජනබලවේගය ලංකාව අනෙකුත් ජාති සහ ආගම් ආරක්‍ෂා කරන සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාය කියාය.
‘සජිත් මහින්දට අඳින්න වගේ නේද හදන්නේ…?’
සජිත්ගේ මේ ප්‍රකාශයත් සමඟ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයකු කීවේ අමනාපයෙනි. ඒත් සජිත් හරි බව තේරෙන්නේ රාජපක්‍ෂලා අද සජිත්ට ගහන ගැහිල්ලෙන්ය. ඒ ප්‍රේමදාස බණ්ඩාරනායකට ඇන්දා වගේ මහින්ද ප්‍රේමදාසට ඇන්දා වගේ සජිත් මහින්දට අඳින්න හදන බව ඉවෙන් දැනගෙන තියෙන නිසාය.
ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයේදී කීවේ පුළුවන්නම් මැතිනියට ඔහු සමඟ ගුරු පාරක ඇවිදින්න එන්න කියාය. ඇළේ, දොළේ නාන්න එන්න කියාය. තමන්ගේ නම වන ප්‍රේමදාස නමට අනුව තමන් ප්‍රේමයෙන් දාසයෙක් වගේ ජනතාවට සේවය කරනවා කියාය.
මහින්ද 2005දී කීවේත් තමාගේ රෙද්ද බැනියමට උඩු රැවුලට ඡන්දය දෙන්න කියාය. තමන් ඇළේ, දොළේ නාන, ගමේ කෑම කන දකුණේ කෙනෙක් කියාය.
සජිත් 2019 ජනාධිපතිවරණයේදී කීවේත් තමන්ට ජනතාවගේ දුක හඳුනන නහරයක් තියෙනවා, තමා ජනතාවගේ දුක – සැප හොයා බලන නායකයෙක් කියාය. 1988 ප්‍රේමදාසගේ සහ 2005 මහින්දගේ කතා ගමට වැඩ කළත් සජිත්ගේ කතා වැඩ කළේ නැත්තේ මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය සහ මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ අසමත්කම්වලට එරෙහි විරෝධය සක්‍රයාටවත් පාලනය කළ නොහැකි නිසාත්, යූ.ඇන්.පී.යට මාධ්‍යයක් නොතිබූ නිසාත්ය.
‘ඒත් දැන් සජිත්ව ගමට අල්ලයිද…?’
පොදුජන පෙරමුණ සජිත්ව මෝඩ පුතාට ඇන්දවන්නේ ඒ බයටය. ඒත් සජිත් හරියට මහින්ද රාජපක්‍ෂට ඇන්දොත් සජිත් ගොඩය. හේතුව 1956 සිට 1977 දක්වා මෙරට දේශපාලනයේ රැල්ල හදපු පරමාදර්ශී චරිතය බණ්ඩාරනායකය. 1977 සිට 2005 තෙක් මෙරට දේශපාලනයේ රැල්ල හදපු පරමාදර්ශී චරිතය ප්‍රේමදාසය. 2005 සිට අදටත් මෙරට දේශපාලනයේ රැල්ල හදන පරමාදර්ශී චරිතය මහින්ද රාජපක්‍ෂය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සඳහා සිංගර් වෙතින් නවතම වෙබ් අඩවියක්

Next Post

උපුල්දෙණිය හිරගෙවල් 19ම කණපිට පෙරළයි

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.